Ads 468x60px

.

මස්‌සිනා එක්‌ක සම්බන්ධයක්‌ තියෙනවා කියල ආරංචි වුණ හින්දා මම කාවින්දිගේ බෙල්ල කැපුවා.


ප්‍රේම සම්බන්ධතාව බිඳී යැම නිසා කෝපයට පත්වූ ගිරිබාව ප්‍රදේශයේ හමුදා සෙබෙළකු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ ගෙල කපා ඝාතනය කරනු ලැබු පුවතක් පසුගිය 16 වැනිදා සවස්‌ කාලයේදී අප වෙත වාර්තා වුණා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම
හමුදා සෙබලාද ලණුවකින් ගසක එල්ලී ගෙල වැළලාගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබු බවයි. එහෙත් කඹය කැඩීයැම නිසා සැකකරුගේ දිවි ගැලවී තිබෙන බව අපට පසුව වාර්තා වුණා.

කඹය කඩාවැටීම නිසා තුවාල ලැබූ
හමුදා සෙබලා පසුව රෝහල් ගත කරන ලද අතර ශිෂ්‍යාව ඝාතනය කළ හමුදා සෙබලා අධිකරණය වෙත ඊයේ (17 දා) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. ඝාතනයට ලක්‌වූ ශිෂ්‍යාවගේ මස්‌සිනා කෙනෙකුද නිවසට පැමිණ සිටීම නිසා හමුදා සෙබලා ඔහු පිළිබඳ සැකයකින් පසුවූ බව පරීක්‍ෂණ වලින් හෙළිවී තිබුණා.

හමුදා සෙබලා කල පාපොච්චාරණය පහතින්.

අවුරුදු හතරහමාරක්‌ තිස්‌සේ කාවින්දිගෙයි මගෙයි අතරේ ප්‍රේම සම්බන්ධතාවක්‌ තිබුණා. ඒත් අන්තිමේදී එයා මට පිටු පෑවා. එයා මගේ
ආදරේට පයින් ගහලා වෙන කොල්ලෙක්‌ එක්‌ක යාළු වුණා. 

කාවින්දිගේ ආදරේ නැතිව මට ජීවත් වෙන්න බැහැ. ඒ නිසයි මම කාවින්දිවත් මරලා සිය දිවි හානි කර ගන්න හැදුවේ යෑයි ගිරිබාවේදී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ඝතනය කළ සැකකාර තරුණයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා.

කාවින්දි මස්‌සිනා එක්‌කත් සම්බන්ධයක්‌ තියෙනවා කියල ආරංචි වුණා. ඒත් මස්‌සිනා මා එක්‌ක කිව්වේ කාවින්දි නංගි මගෙත් එක්‌ක සම්බන්ධයක්‌ නැහැ වෙනත් කොල්ලෙක්‌ එක්‌ක යාළුයි කියලා යෑයිද සැකකරු පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර
තිබුණා.
 
Related Posts with Thumbnails