Ads 468x60px

.

මං බැඳල හිටපු මහත්තයා එක ගෑනියෙකුගෙන් සෑහීමකට පත් වෙන්න බැරි කෙනෙක්.


එයා රෑට සෙට් 
වෙනවාලු.

ඩිස්ටර්බ් කරන්න 
එපාලු 

මේ කාන්තාව හඳුනා ගත්තේ මගේ මිතුරියක රෝහල් ගතව සිටි අවස්ථාවක ඇය දැකීමට යාමේදීය. 

එවැනි එක් අවස්ථාවක ඇය හෙළි කළ ඇගේ කතාව මෙසේ අකුරු කරන්නෙමි.

ඔයාව මං දවස් කීපෙක ඉඳලම මෙතන ඉන්නව දැක්කා. දවල් රෑ එක දිගටම මේ ලෙඩා ගාව ඉන්නෙ ඔයාද ?
ඔව්. අපේ අම්මා ඉස්පිරිතාලෙට ඇතුළත් කරලා අදට දවස් පහක්. අම්මා ඇතුළත් කරපු දා ඉඳලම අම්මා ගාව ඉන්නෙ මම.

වෙන කවුරුත් නැද්ද අම්මා ළඟ හදිස්සියකටවත් ඉන්න?
මායි නංගියි විතරයි පවුලෙ ඉන්නෙ. නංගීට ඉන්න විදිහක් නෑ එයාගෙ ‍පොඩි බබා හින්දා. මං තමයි අම්මා ළඟ ඉන්නෙ.

අම්මාට මොකද වුණේ?
බඩේ ගෙඩියක් තිබිලා ඔපරේෂන් කළා. තවම හරියට සනීපයක් නෑ. අම්මට තවත් අසනීප තියනවා. ඒකයි මෙච්චර දවසක් ඉන්න වුණේ.

ඔයා බැඳල නැද්ද ?

බැඳල නම් තමයි ඉන්නෙ. ඒත් දැන් නම් මං මහත්තයගෙන් වෙන්වෙලා.

ඒ ඇයි කියලා ඇහුවට කමක් නෑනේ.
කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද කසාදෙ කැඩුණෙ මගෙ වැරැද්දක් නිසා නෙමේ. මං බැඳල හිටපු මහත්තයා එක ගෑනියෙකුගෙන් සෑහීමකට පත් වෙන්න බැරි කෙනෙක්. ඒ වගේ මිනිහෙක් එක්ක ගෑනියෙකුට ජීවත් වෙන්න අමාරුයිනේ.

ඔයාට දරුවො නැද්ද ?
එක දුවෙක් ඉන්නවා. එයා මගෙ නංගී ළඟ ඉන්නෙ මේ දවස්වල.

දුවවත් බලාගෙන ඔයා තනියම ඉන්නවා
තනියම නෙමේ ඉන්නෙ අපේ මහගෙදර. අපේ මහගෙදර අම්මයි තාත්තයි මමයි මගෙ දුවයි නංගියි එයාගෙ මහත්තයයි දරුවො දෙන්නයි ඉන්නෙ.

ඔයාගෙ දුවගෙ වයස කීයද ?
අවුරුදු අටයි

එයා තාත්තා ගැන අහන්නෙ නැද්ද?
එයා තාත්තට කොහොමටවත් කැමති නෑ.

ඇයි ඒ ?
ඔයාට කිව්වම මොකද මං මේ ලෝකෙ දැක්ක නරකම මිනිහව තමයි මට කසාද බඳින්න සිද්ධ වුණේ.

ඔයා බඳිනකොට දැනගෙන හිටියෙ නැද්ද එයා කොයි විදිහෙ කෙනෙක්ද කියල
පියල්ව මට බඳින්න සිද්ධ වුණේ යෝජනාවකින්. ඒ මනුස්සයා මාව බලන්න ආපු මුල් දවසෙදීම මගෙ හිතට ඇල්ලුවෙ නෑ. ඒකට විශේෂ හේතුවක් තිබුණෙ නැති වුණත් මගෙ හිතේ පියල් ගැන ඇති වුණේ අප්‍රසන්න හැඟීමක්.

ඔයා ඒ යෝජනාවට බෑ කිව්වද ?
ඔව්. ඒත් අපේ අම්මයි තාත්තයි දෙන්නම කිව්වා මේකට කැමති වෙන්න කියලා. මොකද ඒ වගේ සල්ලිකාර පවුලකට පෑහෙන්න අපට කොහොමටවත් හම්බ වෙන්නෙ නෑ කියල.

මොනවද පියල් කරපු ව්‍යාපාර ?
ස්පෙයා පාට්ස්. වෙනම වාහන බයින් ඇන්ඩ් සෙලින් ව්‍යාපාරෙකුත් තිබුණ. තට්ටු දෙකේ ලස්සන ලොකු ගේකුත් තිබුණා. කිසි දේකින් අඩුවක් තිබුණෙ නෑ පියල්ට. අපේ ගෙදර මාව බලන්න ආපු පළවෙනි දවසෙම මට පියල් ගැන කැමැත්තක් ඇති නොවුණාට පියල් වගේම එයාගෙ දෙමව්පියොත් මට කැමති වුණා.

ඔයාගෙ අකමැත්තෙන්ද මේ කසාදෙ සිද්ධ වුණේ
මුලදි මගෙ හිතේ කැමැත්තක් ඇති නොවුණත් මේකට කැමති වෙන්න කියලා අම්මා නිතර දෙවේ‍ලේ කියන කොට මමත් කැමති වුණා ‘ඔන්න ඔහෙ වෙන දෙයක් වෙච්චාවේ’ කියලා.

ඉතින් ?
මාත් එක්ක පියල් හොඳට හිටියෙ සතියක කාලයක් විතරයි. මෙයා බිස්නස් වැඩවලට කිය කියා හැම තැනම යනව. දවස් ගණන් ගෙදර එන්නෙ නෑ. දවල්ට විතරයි එයාට කෝල් එකක්වත් දෙන්න පුළුවන්කම තියෙන්නෙ. රෑට එයා ෆෝන් එක ඕෆ් කර ගන්නවා. ඇහුවම කිව්වෙ ‘රෑට සෙට් වෙනවා. ඒ වෙලාවට කවුරුවත් කතා කරනවට කැමති නෑ’ කියලයි.

ඔයා ගෙදර තනියමද හිටියෙ ?
සර්වන්ට් කෙනෙක් හිටියා. කොහොම වුණත් බැඳල මාසයක් විතර යද්දි මට මහා තනිකමක් හිස් බවක් දැනෙන්න පටන් ගත්තා. පියල් හැම මොහොතකම ගෙදර නෑ. ගිය තැනක ඉඳලවත් කිසිම කෝල් එකක් මට දෙන්නෙ නෑ. එයාට මං කතා කළොත් මිසක් එයා කිසිම වෙලාවක මට කතා කළේ නෑ. අනික එයා කොහෙද ඉන්නෙ කියල අහනවට නම් කැමති වුණේම නෑ.

ඔයාට එයාගෙ ගමන් ගැන සැක හිතුනද ?
මුලදි නම් සැක හිතුනෙ නෑ එයාගෙ මේ වැඩ ගැන එයාගෙ අම්මාත් කිව්වෙ ‘පුතාගෙ හැටි ඔහොමම තමයි. එයා වැඩවලට ගියාට පස්සෙ කෝල්ස් දෙනවට කැමතිම නෑ. බැරි වෙලාවත් දෙතුන් වතාවක් කෝල් කළොත් බණිනවා’ කියලයි. මමත් හිතුවෙ ඒ එයාගෙ හැටි කියලා. ඒත් එයාගෙ හැටි දැන ගන්න මට තවත් සෑහෙන කාලයක් ගත වුණා.

ඒ කිව්වෙ ?
පියල් නිතරම ගෙදර නැති නිසා මට හිතුනා මට දරුවෙක් වත් හිටිය නම් කියලා. ඒත් පියල් නම් ඒකට කැමති වුණේ නෑ. කොහොම වුණත් මට බැඳල තුන්වෙනි මාසෙ යනකොට බබෙක් හිටියා. මේක දැන ගත්තා විතරයි පියල් මට බල කළා දරු ගැබ ගබ්සා කරමු කියලා.

ඉතින් ?
මං ඒකට කොහෙත්ම කැමති වුණේ නෑ. ඊට පස්සෙ පියල් දවසින් දවසම මගෙන් ඈත් වුණා. ගෙදර එන දවස් ප්‍රමාණයත් අඩුවෙලා ගියා. කොහොම හරි මට බබා ලැබෙන්න ඉන්න කාලෙදි පියල් කිසිම විදිහකින් මං ගැන බැලුවෙ නෑ. මම අවජාතක දරුවෙක් බඩේ තියන් ඉන්න ගාණට තමයි එයා මට සැලකුවෙ.

කවුද ඔයා ගැන බැලුවෙ ?
අපේ අම්මා. මේ වෙනකොට මට වගේම අම්මලටත් ආරංචි වෙලා තිබුණ පියල් කියන්නෙ කවුද කියලා. ඒත් මම අම්මා එක්කවත්, අම්මා මා එක්කවත් එළිපිට ඒ ගැන කතා කළේ නෑ. පියල් මා එක්ක කිසිම ගමනක් බිමනක් ගියේ නැතුවට එයා පිට පළාත්වල විතරක් නෙමේ පිටරටවල පවා වෙන ගෑනුත් එක්ක යන බව ආරංචි වුණාට පස්සෙ තව දුරටත් ඒ මිනිහා ගැන බලා‍පොරොත්තු තියන් ඉන්න එකේ තේරුමක් නෑනේ. දුව හම්බ වෙලා ටික කලකට පස්සෙ මං දික්කසාද නඩුවක් දැම්මා ලොකු වන්දියකුත් ඉල්ලලා.

එයා මොකටද ඔයාව බැඳල තියෙන්නෙ ?
අම්මගෙ වදෙන් බේරෙන්න. පියල්ම කියන විදිහට එයා කවදාවත් කසාදයක් කර ගන්න වුවමනාවකින් හිටපු කෙනෙක් නෙමේ. එයාට ඕන වුණේ තමන්ගෙ නිදහස. අම්මා අඬල දොඩල කිව්වම කසාද බඳින්න කැමති වෙලා තියනවා. ඒකෙන් අමාරුවෙ වැටුණෙ පියල්වත් පියල්ගෙ අම්මවත් නෙමේ අහක හිටපු අහිංසක මාවයි.

දික්කසාදය ලැබුණද ?
පියල් එක හිතින්ම දික්කසාදය දුන්නා. දුවයි මායි වෙනුවෙන් ලොකු වන්දියකුත් දුන්නා. දුවගෙ සල්ලි දුවගෙ එකවුන්ට් එකකට දාලයි තියෙන්නෙ.

ඊට පස්සෙ කවදාවත් පියල් ඔයාට හම්බ වුණේ නැද්ද ?
හිටි ගමන් කතා කරලා දුවගෙ දුක සැප අහනවා. දුවට ඕන කරන දේවල් ගන්න සල්ලිත් එවනවා. ඒත් දුවව බලන්න නම් එන්නෙ නෑ. දුවත් කැමති නෑ තාත්තා කෙනෙක් ගැන මතක් කරනවටවත්.
 
Related Posts with Thumbnails