Ads 468x60px

.

පිහි ඇනුමෙන් මැරුම් කෑ කාවින්දිගේ යෙහෙළිය වන ශෂිකලා ආයාචනාත්මකව කල ඉල්ලීම


සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියාය. දක්ෂ දැරියකි. පාස‍ලේ ශිෂ්‍ය නායිකාවකි. රාජාංගණය සිරිමාපුර විදුහ‍ලේ ඇය අකුරු කළාය. පදිංචිය ගිරිබාව ඔරුගල ප්‍රදේශයේය. 

නමින් ඇය කාවින්දි සඳුශානි නම් විය. මෙම 16 හැවිරිදි සිසුවියගේ සුදු පැහැති ගවුම රත් පැහැ ගැනීමට ගත වූයේ නිමේෂයකි. 

ඒ භයකාර අඳුරු හෝරාව පිළිබඳව කාවින්දිගේ යෙහෙළියන් වන ශෂිකලා, සිසුවිය මෙසේ පැවැසීය.

“මේ සිද්ධිය වුණේ පසුගිය 16 වැනිදා හවස. අපි ඉස්කෝ‍ලේ ගිහින් ආවේ. මම කාවින්දිලාගේ ගෙදර එනවා පාඩම් කරන්න. මේ සැරේ විභාගේ නිසා මහන්සි වෙනවා. එදා අපි පාසල් බසයෙන් කාවින්දිලාගේ ගෙදර ආවා. ඒ වෙලාවේ නිවසේ අම්මලා සිටියේ නැහැ. 


එයාලගේ ඥාති සහෝදරයෙක් සිටියා. අපි දෙන්නා බසයෙන් බැහැලා ගෙදරට ආවා. ආවත් සමගම ප්‍රදීප් අයියා (සැකකරු) ගෙදර අඹ ගහ යටට ඇවිත් කාවින්දිට අඬ ගැහැව්වා. ඒ වන විට කාවින්දි පාසල් ඇඳුම් අයින්
කිරීමට සූදානම් වුණා විතරයි. ටයි එක ගලවලා සිටියේ. 

ඊට පස්සේ කාවින්දිත් මමත් එළියට ගියා. ප්‍රදීප්  අයියගේ අතේ ලියුම් වගයක් තිබුණා. එයාලාගේ අම්මත් ඇවිත් සිටියා. ප්‍රදීප් හා කාවින්දි අතර බහින්බස් වීමක් වුණා. ඔහු සඟවා ගෙන සිටි පිහියක් අරගෙන කාවින්දිගේ බෙල්ලට ඇනගෙන ඇනගෙන ගියා.”

කාවින්දි සඳුශානි නම් සිසුවිය ‍ලේ විලක් මැද නිවසේ අඹ ගහ යට වැටුනාය. ඇගේ සුදු ගවුම රත් පැහැ ගැනීමට වැඩි වේලාවක් ගත නොවින.  ක්ෂණිකවම නිවසේ සිටි ඥාති සහෝදරයෙකු වන පණ්ඩුක ක්‍රියාත්මක වී ත්‍රිරෝද රියකින් කාවින්දි ගිරිබාව රෝහලට රැගෙන ගියේය.


ඒ වන විටත් ඇය මරුවාට යටත් වී හමාරය. ළඟ අහළ පහළ අයට සිද්ධිය ආරංචි වී දුවගෙන එන විට එතැන තව ජංජාලයකි. සැකකරු වූ ප්‍රදීප් නමැත්තා එතැන තිබූ අඹ ගසට නැග කඹයකින් බෙල්‍ලේ වැලලා ගෙන බිමට පනින විට කඹය කැඩී බිමට පතිත වී ඇත. සැකකරු පැන දුවද්දී ප්‍රදේශවාසීහු ඔහු අල්ලා ගිරිබාව ‍පොලීසියට බාර දුන්හ.

‍පොලිස් අත්අඩංගුවට පත් වූ අරුණ ප්‍රදීප් නමැත්තා යුද හමුදාවේ සිවිල් සේවයේ යෙදී සිටී. ඔහුද ඔරුගල ගමේම පදිංචි අයෙකු වන අතර  වයස අවු 23 කි. ඔහු ප්‍රකාශ කරන අන්දමට ඔවුන්ගේ ආදර අන්දරයට වසර 4 කි. “මම කාවින්දිට හරිම ආදරෙයි. 


එයාගේ පසුගිය දිනවල වෙනස්කම් තිබුණා. එයා වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා. මට ඒක දරාගන්න බැරි දුකක් වුණා. ඒ නිසා මම තීරණය කළා කාවින්දිත් මරලා මමත් දිවි නසා ගන්න ඕනෑ කියලා. “ ප්‍රදීප් නමැති සැකකරු ‍පොලීසිය හමුවේ පා‍පොච්චාරණය කළේ එසේය.

ඔහුගේ බෙල්ල ප්‍රදේශය ලණුවට දරුණු ලෙස කැපී ගොස්ය. ශරීරයේ ද සුළු තුවාල ඇත. ඔහු වහා ගල්ගමුව රෝහලට ඇතුළත් කෙරිණ. එහිදී සැකකරු පරීක්ෂා කළ ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළ අතර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලෙසට දැන්වීය. ඒ අනුව දැනට ප්‍රතිකාර  ලබන සැකකරු යළි ලබන සතියේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


ආදර අන්දරයක් එසේ මරණයකින් කෙළවර විය. තවත් දෙමව්පිය යුවළකට දියණියක අහිමි විය. අනාගතය භාර ගැනීමට සිටි තරුණියක් රටට අහිමි විය. සමාජයේ මෙවැනි සිද්ධීන් සිදුවූ  පළමු අවස්ථාව මෙය නොවේ. තවද මෙය අවසානයද නොවේ. අඩු වයසින් හා පාසල් සමයේ දී ප්‍රේම සබඳතාවල පැටළෙන තරුණ ජීවිත විනාශ වී යන්නේ එසේය.


“මම මේ මුළු පාසල් සමාජයෙන්ම වැඳලා ඉල්ලන්නේ ඉස්කෝ‍ලේ යන කා‍ලේ හොඳට  ඉගෙන ගන්න. පෙම් සම්බන්ධතා නම් ඇති කර ගන්න එපා . එපා. එපා. එයින් මල්වන් ළමයින්ගේ ජීවිතය අඳුරු වෙනවාමයි. “ මියගිය කාවින්දිගේ හොඳම මිතුරිය වන ශෂිකලා අවසන් වශයෙන් ආයාචනාත්මකව පවසා සිටියාය.
 
Related Posts with Thumbnails