Ads 468x60px

.

පන්සිල් ගනිද්දී නියපොතු කෑවාට සිසුවාගේ කණ පැලූ ගුරු උතුමා.


පාසලේදී උදෑසන පන්සිල් ගන්නා අවස්ථාවේ නියපොතු කමින් සිටි නිසා සිසුවෙකුගේ කණ පැලූ පුවතක් සදලංකාව ජාතික පාසලෙන් වාර්තා වනවා. 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නවෝද ජයමිතුර නම් 12 හැවිරිදි දරුවාගේ කණට දැඩි හාණි ඇතිවන ආකාරයෙන් පහරදී ඇත්තේ එම විදුහලේ විද්‍යා පීඨ අභ්‍යාසලාභී ගුරුවරයකු බවයි පැවසෙන්නේ.

සිසුවාගේ පියා පවසන්නේ සිදුවීම වූ දින රාත‍්‍රියේ නිදාගැනීමට ගිය දරුවා කණ රිදෙනා බව පැවසූ බවයි. අනතුරුව වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමුකල බවත් දරුවාගේ තත්ත්වය බරපතල බැවින් එම වෛද්‍යවරයා

විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුකල බවත් පසුව රෝහල් ගත කල බවත් පියා පවසනවා. 

රෝහල් පොලීසිය දරුවාගෙන් හා තමන්ගෙන් කට උත්තර ලබාගත් පසුව පන්නල පොලීසියට පහර දුන් ගුරුවරයාද කැදවා තිබෙනවා. එහිදී අදාල ගුරුවරයා දරුවාට බෙහෙත් කිරීමට මුදල් දීමට එකඟ වුවත් ඒ කොපමණ මුදලක්ද කොපමණ කාලයකටදැයි ඔහු පවසා නැහැ. එබැවින් පියා උසාවි ගොස් තිබෙනවා.

පහර දුන් ගුරුවරයා කුලියාපිටිය මහෙස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 75,000ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා. මේ පිළිබඳ සියලු වෛද්‍ය වාර්තා ජනවාරි 15 දින ඉදිරිපත් කරන ලෙසටද නියෝග කොට තිබෙනවා.

කෙසේ වෙතත් පහරදීම හේතුකොට ගෙන දරුවාගේ වම් කනේ ඇතුළත පටලයකට හානි සිදුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන් පවසන අතර මීගමුව මහ රෝහලේදී සිසුවාට සැත්කමක්ද කර තිබෙනවා. 


වෛද්‍ය වාර්තා අනුව දරුවා සදාකාලික ආබාධිතයකු වීමට ඉඩක් පවතින බව ඔහුගේ පියා පවසනවා. ඒ ඔහුට කිසිදා වතුරක ගිලී දිය නෑම් හෝ ජල ක්‍රීඩා කළ නොහැකි බව වෛද්‍යවරුන් පැවසීමත් සමගයි.
 
Related Posts with Thumbnails