Ads 468x60px

.

බිරිඳ බව හඟවමින් පාසල් දැරියව තැන්තැන්වල ගෙනගිය එක්‌ දරු පියා දැලේ

10 වන ශ්‍රෝණියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි පාසල් දැරියක්‌ සමග විවාහක ජීවිතයක්‌ ගත කිරීමට උත්සාහ කළ 30 හැවිරිදි එක්‌දරු පියකු පිලිබඳ පුවතක් මහකලුගොල්ල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම දැරියගේ දෙමාපියන් වෙන්වී ඇති අතර මව සමග සහ අක්‌කලා දෙදෙනකු සමග මොවුන් ජීවත්ව තිබෙන බවයි. දැරියගේ අක්‌කලා දෙදෙනා පෞද්ගලික ආයතනවල රැකියාව වශයෙන් යොමු වී තිබෙනවා

මේ අයට නවාතැන් ගැනීමට කුලී නිවසක්‌ සොයමින් සිටියදී මොහු මැදිහත් වී කුලී නිවසක්‌ සොයා දී තිබෙනවා. ඉන්පසු මොහු විසින් වරින්වර පැමිණ මෙම දැරියව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට
ලක්‌කර තිබෙනවා. පසුව එම දැරිය කුලී නිවසේ සිටීමට නොහැකි බවත් කොහේ හෝ ගෙනවිත් දමන ලෙසට මොහුට පවසා තිබෙනවා

පසුව සැකකරු විසින් දැරියව මහකළුගොල්ල ප්‍රදේශයට රැගෙන විත් එක්‌කරා නිවසක සතියක පමණ කාලයක්‌ නවාතැන් ගෙන ඇත්තේ දැරිය ඔහුගේ බිරිඳ වශයෙන් හඳුන්වා දෙමිනි. 

පසුව එම නිවසින් වෙනත් නිවසකට දැරිය රැගෙන ගොස්‌ නැවති සිට ඇති අතර එහිදී කෙසේ හෝ පොලිසියට තොරතුරු ලැබීමෙන් පසුව දැරියව සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails