Ads 468x60px

.

පැළ සිටුවීමට "ශ්‍රීපාලි" ගිය එස්‌. බී. මගදී ආපසු යයි


කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්‌ඩපයේ සංවිධානය කර තිබූ දිවි නැගුම පැළ සිටුවීමේ උළෙලට සහභාගිවීමට පැමිණෙමින් සිටි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා එම උත්සවයට සහභාගි නොවී අතරමගින් හැරී ආපසු ගොස්‌ ඇති බව අප වෙත වාර්තා වෙනවා.

පෙරේදා (20 වැනිදා) උදැසන 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ මෙම උත්සවයට ආහාරපානාදිය සකසා සියලු වැඩකටයුතු ශ්‍රීපාලි මණ්‌ඩප භූමිය තුළ සූදානම් කර තිබියදී ඇමැතිවරයා මෙසේ ආපසු හැරී ගොස්‌ ඇත්තේ එම සරසවි ආචාර්ය මණ්‌ඩලය සහ සිසුන් කළු ඇඳුම් ඇඳ

ඇමැතිවරයාගේ පැමිණීමට විරෝධය දක්‌වමින් සිටීම නිසා බව දැනගැනීමට ඇත. 

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක දිවිනැගුම වැඩසටහනේ පැළ සිටුවීමේ දිනයපෙරේදාට (20 වැනිදා) යෙදී තිබුණු අතර ඊට සමගාමීව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පැළ සිටුවීමේ සමාරම්භක උළෙල කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රීපාලි මණ්‌ඩප භූමියේ පැවැත්වීමට නියමිතව තිබිණි.
 
Related Posts with Thumbnails