Ads 468x60px

.

අරවින්ද සිල්වාගේ ගෙදරට හොරු පැනලා..


සුපිරි ක්‍රිකට්‌ ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ කොළඹ තර්ස්‌ටන් පාරේ පිහිටි සුවිසල් නිවසට ඇතුළු වූ සොරෙකු ඒ මහතාගේ නිවසේ සේප්පුවක තිබූ දේශීය හා විදේශීය මුදල් සොරාගෙන ගොස්‌ තිබෙනවා.

අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ නිවාඩුවක්‌ ගත කිරීම සඳහා එංගලන්තයට ගොස්‌ සිටි අවස්‌ථාවේ මෙම සොරකම සිදුවී ඇති බව පොලිසිය පවස
නවා.

ඔහු ඊයේ (21 දා) පෙරවරු 10.00 ට පමණ සිය නිවසට පැමිණ සේප්පුව පරීක්‌ෂා කරද්දී එහි තිබූ මුදල් අතුරුදන්වී ඇති බව දැනගෙන
තිබෙනවා. පසුව මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම සේප්පුවට යොදා තිබූ රහස්‍ය අංකය දැන සිට ඇත්තේ අරවින්ද ද සිල්වා මහතා, ඔහුගේ බිරිඳ සහ මව පමණක්‌ බව පරීකෂණ වලින් හෙළිවී තිබෙනවා. සේප්පුව විවෘත කර ඇත්තේ එම රහස්‍ය අංකය
පාව්චිච් කර බවද පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය වන අවස්‌ථාවේ සේවකයන් අටදෙනකු නිවසේ සිට ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජ්‍යෙතීර්වේදියකුගේ පුත්‍රයකුට අයත් විදේශ මුදල් තොගයක්‌ද මෙම සේප්පුවේ තැන්පත් කර තිබූ බව පරීක්‌ෂණවලදී අනාවරණය වී
තිබෙනවා.

මුදල් සොරාගත් සැකකරු නිවසට ඇතුළු වූ ආකාරය සොයා ගැනීමට පොලිසිය අපොහොසත්වී
තිබෙනවා. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කොල්ලුපිටිය පොලිසිය පරීක්‌ෂණ පවත්වනවා.
 
Related Posts with Thumbnails