Ads 468x60px

.

සෝමරත්න දිසානායකගේ මාධ්‍ය හමුවේ විස්තර මෙන්න - නැකත්කරුවන් දොට්ට (වීඩියෝ)


යහපත් වෙනසක් සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ඉදිරි කටයුතු මෙහෙයවන ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් වූ තමාට ඇතැම් පිරිස් කරනු ලබන චෝදනා වලට පිළිතුරු දීම සඳහාත් රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා වන සෝමරත්න දිසානායක මහතා විසින් ඊයේ දිනයේ කෝට්ටේ සෝලිස් හෝටලයේ මාධ්‍ය හමුවක් පැවැත්වුවා. 

එහිදී අදහස් පලකොට සෝමරත්න දිසානායක මහතා කියා සිටියේ ජාතික රූපවාහිනියේ මින් ඉදිරියට ජෝතිෂ්‍ය සම්බන්ධ කිසිදු දෙයක්
විකාශ කිරීමෙන් වලකින බවයි.

වැඩි දුරටත් අදහස දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකි.

"මම ක්ෂණිකව නවත්තපු දෙයක් තියෙනවා.. ජෝතිෂ්‍ය වැඩසටහන්... මම හිතනවා ජෝතිෂ්‍ය වගේ දේවල් ප්‍රධාන නාලිකා වලින් රටට අතවශ්‍ය දෙයක් මෙන් කරගෙන යාම බොහෝ දේ වලට අහිතකරයි කියලා..

ඒ නිසා ජෝතිෂ්‍ය වැඩසටහන්, අනාවැකි කියන වැඩසටහන් අපි රූපවාහිනියෙන් නැවැත්තුවා..ජෝතිෂ්‍ය කියන ය ඇත්ත කියන්නේ නෑ කියලත් සනාත වෙලා ඉවරයි..සමහර වෙඩි තියාගන්නවා කියන ය තාම ජීවත් වෙනවා..ඒක අපිට ප්‍රශ්නයක්..

සමහර ය කියනවා මරණ බය හින්ද එහෙම කියන්න උනා කියලා..ඒකත් ප්‍රශනයක්..අනිත් එක තමයි උදේ පාන්දර ඇවිල්ල ජෝතිෂ්‍යවේදියෙක් කියනවා උදේ පාන්දර 11 වෙනකන් රාහු කාලය ගෙදරින් පිට වෙන්න හොඳ නැහැ කියලා..කොහමද වැඩට යන්නේ කවුරුවත්? හැම කන්තොරුවක්ම වැඩ පටන් ගන්න ඕන 11 පහු වෙලා.."


වත්මන් රුපවාහිනී සභාපතිවරයා වන සෝමරත්න දිසානායක මාධ්‍ය හමුවක් කැඳවයි.
 
Related Posts with Thumbnails