Ads 468x60px

.

සජිත් ගැන සාවද්‍ය පුවතට රූපවාහිනිය ජාතියෙන් සමාව ඉල්ලයි (Video)


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ආණ්ඩුවට සහය දීමට කැමැත්ත පල කල පුවතක් පල කල ජාතික රූපවාහිනිය එම පුවත සම්භන්ධයෙන් මීට සුළු මොහොතකට පෙර ජාතියෙන් සමාව අයැද සිටියා. 

ජාතික රූපවාහිනියෙන් ප‍්‍රකාශකල එම පුවතින් කියැවුනේ සජිත් පේ‍්‍රමදාස මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට ඉදිරිපත් වූ බවයි. මෙම අසත්‍ය පුවතින් ජනතාව නොමග යවන බවත් එමෙන්ම එය මැතිවරණ
නීති උල්ලංඝණය කරන බවත් ඔහු මැතිවරණ කොමසාරිස් වරයාට යවන ලද ලිපියෙහි සදහන් වනවා.

එම පැමිණිල්ල ගැන මැතිවරණ කොමසාරිස් වරයා රූපවාහිනී සංස්ථාවෙන් කරන ලද කරුණු විමසීමෙන් අනතුරුව එම සාවද්‍ය පුවත ගැන ඔවුන් සමාව අයැද සිටියා. මැතිවරණ දිනයේ සිදුකරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අදාල ආයතන සීල් තැබීමට පවා මැතිවරණ කොමසාරිස් වරයාට නීතිමය බලයක් පැවරී තිබෙනවා.


 
Related Posts with Thumbnails