Ads 468x60px

.

ෆුල්ෆේස් හෙල්මට් දැම්මොත් අදත් අල්ලනවා - අධිකරණය නියෝගය තවම ලැබී නැහැ


ෆුල්ෆේස් හෙල්මට් හෙවත් මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන හිස් වැසුම් පළදින්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම තවමත් සිදුවන බව පොලීිසිය පවසනවා. ඒ අනුව එවැනි පුද්ගලයන්ට තරයේ අවවාද කරන බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

කෙසේවෙතත් ෆුල්ෆේ්ස් හෙල්මට් තහනම ලබන 28 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවන්නැයි අභියාචනාධිකරණය ඊයේ නියෝග කළා. අදාළ තහනම පොලිසිය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ එසේ ද තිබියදීයි. 


ඒ සම්බන්ධයෙන්ද පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසා සිටියා. ඔහු කියාසිටියේ අධිකරණය විසින් ලබාදුන් බව කියන නියෝගය තමන් වෙත තවමත් ලැබී නොමැති බවයි.

පොලිස් ප්‍රකාශකවරයා මෙහිදී කියාසිටියේ ෆුල්ෆේස් හෙල්මට් පැළද යතුරු පැදි ධාවනය කරන්නන් පොලිස් නිලධාරීන් විසින් නතර

කිරීමෙන් පසු ඔවුන්ට අවවාද කිරීම් පමණක් සිදුකරන බවයි. පළමු අදියරේදී දඩ නියම කිරීම හෝ නඩු පැවරීම සිදු නොකරන බව පොලීසිය මීට පෙරද ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ෆුල්ෆේස් හෙල්මට් පැළද යතුරු පැදි ධාවනය කළ කිහිප දෙනෙකුට ඊයේ දිනයේ දඩ නියම කර ඇති බවයි වාර්තා වුණේ. ඔවුන් සදහා නිකුත් කෙරුණු තාවකාලික රියදුරු බලපත්‍රවල පිටපත්ද ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන්ද පොලිස් ප්‍රකාශකවරයාගෙන් විමසා සිිටියා. ඔහු කියාසිටියේ ෆුල්ෆේස් හෙල්මට් පළදින්නන්ට පළමු අදියරේදී දඩ නියම කිරීමක් හෝ නඩු පැවරීමක් සිදු නොකරන්නැයි නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

මේ අතර ෆුල්ෆේස් හෙල්මට් තහනම සම්බන්ධයෙන් රංගන ශිල්පිනි ගයේෂා පෙරේරා මහත්මියද සිය විරෝධය පළ කරනවා. සිය ෆේස් බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ මෙම තහනම අසාධාරණ එකක් බවයි.
 
Related Posts with Thumbnails