Ads 468x60px

.

ශිෂ්‍ය පිරිසක්‌ අරලියගහ මන්දිරය කිට්‌ටුවදී පොලිසියෙන් ගුටිකෑම පිළිබඳ කතාව


අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ සාමාජිකයන් හෝ ආධාර කරුවන් හෝ ඒ දෙගොල්ලම සහභාගිවූ පෙළපාලියක්‌ අතරමගදී ගුටිකෑම ගැන අප තුළ ඇත්තේ මහත් කනගාටුවකි. එසේ ගුටි කෑ අය අතර ඔබේ දරුවාද සිටින්නට ඉඩ තිබේ. මේ ළමයින් පෙළපාලි ගියේ නිදහස්‌ අධ්‍යාපනය රැක ගැනීම සඳහා බවට එක්‌ මතයක්‌ තිබේ. 

මහපොළ ශිෂ්‍යාධාර ප්‍රශ්නය, මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ ප්‍රශ්නය යනාදී වශයෙන් නිදහස්‌ අධ්‍යාපනයට අදාළ ප්‍රශ්න කිහිපයක්‌ නිදහස්‌ අධ්‍යාපනය නමැති මාතෘකාව යටතේ මේ ළමයින්ගේ සටන්
ව්‍යාපාරයට එකතු වී තිබේ. එසේම, මේ ළමයින් ඉදිරියට ගියේ පෙරටුගාමී පක්‌ෂයේ මෙහෙයවීම යටතේ යයි තවත් කතාවක්‌ තිබේ. 

කෙසේ වුවත් මේ කතාවලට වගකිව යුතු කිසිදු කෙනෙකු මේ ළමයින් ගුටිකෑම සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා බව නම් අපි ඉතා හොඳින් දන්නෙමු. පෙළපාලිය මුලින්ම සූදානම්ව හිටියේ අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසමට යන්නටය. 

මගදී අදහස වෙනස්‌ කළ ඔවුහු කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරයේ පිහිටි අගමැතිතුමාගේ කාර්යාලයට යන්නට පටන් ගත්හ. එතැන් සිට සිදුවූ දේ ගැන අගමැති කාර්යාලය කියන කතාව මෙසේය. 

අගමැති කාර්යාලයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලය එන බවට පූර්ව දැනුම් දීමක්‌ කර තිබුණේ නැත. එසේ වුවද ශිෂ්‍ය නියෝජිතයන් පස්‌ දෙනෙකුට අගමැති කාර්යාලයට ඇතුළු වී සංදේශයක්‌ භාරදීමට අවස්‌ථාව සලසා දී තිබිණ. 

එසේ තිබියදීත් එම නියෝජිතයන්ට සාමකාමී ලෙස අගමැති කාර්යාලයට ඇතුළුවන්නට ඔවුන් සමග සිටි සෙසු විරෝධතාකරුවන් ඉඩ දුන්නේ නැත. එසේ ඉඩ දුන්නා නම් අවාසනාවන්ත සිද්ධියක්‌ හටගන්නේද නැහැ.

කුමක්‌ද මේ අවාසනාවන්ත සිද්ධිය. පෙළපාලිකරුවන්ට පොලිසිය අම්බානක ගුටි දීමය. පොලිසිය ගුටි පූජාව මුදාහැරියේ පොලිසිය විසින් ඉදිකර තිබූ තාවකාලික බාධක වැට ශිෂ්‍යයන් විසින් පෙරලනු ලැබීමත් සමගය. හැබැයි පොලිසිය දෙන එක මදි නොකියන්නට පමණක්‌ නොව ගෙදර ගෙනයන්නටත් එක්‌ක දුන්නේය. 


වතුර ප්‍රහාර, බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස්‌ ප්‍රහාර එසේ දෙන ලදී. ගුටි ගෙදර ගෙනයැමට බැරි නිසා රෝහලට යැමට ශිෂ්‍යයන්ට සිදු විය. මෙහි අවසාන ඵලය දෙපාර්ශ්වයම ජයගත් අවස්‌ථාවක්‌ හෙවත් උසබ-උසබ Sසඑම්එසදබ එකක්‌ ලෙසද කෙනෙකුට අර්ථකතනය කළ හැකිය. එනම් පොලිසිය තමන්ට ඇතිවන පරිදි ශිෂ්‍යයන්ට ගුටි දුන්නේය. 

ශිෂ්‍යයෝ තමන්ට ඇතිවන පරිදි එසේ දුන්දේ සම්පූර්ණයෙන්ම බාර ගත්හ. එහෙත් අපේ තක්‌සේරුවට අනුව මෙය ෙ€දවාචකයකි. කිසිදු මවක්‌ හෝ පියෙක්‌ නිදහස්‌ අධ්‍යාපනය හෝ වෙන කිසිදු මඟුලක්‌ වෙනුවෙන් තම දරුවන් මේ ආකාරයෙන් ගුටි කනවා දකින්ට කැමැති නැත.

අප කවදත් කියන පරිදි ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය යනු කේක්‌ ගෙඩියකි. මෙයට දශක කිහිපයකට පෙර මේ කේක්‌ ගෙඩිය බෙදාගෙන සිටියෝ මේ රටේ වාමාංශිකයෝය. ඉන් එය වාමාංශික සළුව පොරවාගත් දක්‌ෂිණාංශිකයෝ ඒ කේක්‌ ගෙඩිය භාරගෙන කෑලි කපන්නට සූදානම් වූහ. 


එය දුටු ජනතා විමුක්‌ති පෙරමුණ දිව අවුත් කේක්‌ ගෙඩියෙන් විශාල කැබැල්ලක්‌ කපා ගත්හ. ඔවුන් එම කැබැල්ලේ රස බලන්නට පටන් ගත් වහාම, ඔවුන්ගෙන්ම කොටසක්‌ කැඩී බිහිවුණු පෙරටුගාමී පක්‌ෂය වහා දිව අවුත් කේක්‌ කැබැල්ල දරාගෙන කර තබාගත්හ. අද විශ්වවිද්‍යාල තුළ ජවිපෙට බලයක්‌ නැත. ඒ බලය ඇත්තේ පෙරටුගාමීන් අතය.

මේ රටේ ශිෂ්‍ය පිරිසක්‌ අරලියගහ මන්දිරය කිට්‌ටුවදී පොලිසියෙන් ගුටිකෑම පිළිබඳ කතාව ඒකය.
 
Related Posts with Thumbnails