Ads 468x60px

.

ෆුල් ෆේස් හෙල්මට් අද සිට තහනම්


ෆුල් ෆේස් හෙල්මට් හෙවත් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන යතුරුපැදි හිස් වැසුම් පැළදීම තහනම් කිරීමේ නීතිය අද සිට කි‍්‍රයාත්මකයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ අදාළ නීතිය දැඩිව කි‍්‍රයාත්මක නොකර ක‍්‍රමානුකූලව කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

සම්පුර්න මුහුණ ආවරණය වන ලෙස ආරක්ෂක හිස් වැසුම් පැළද  යතුරු පැදිවල ගමන් කිරීම තහනම් කිරීමේ නීතිය අද  දින සිට ක්‍රියාත්මකයි. ඒ අනුව පොලිස් නිලධාරින් අද දින සිට ඒ පිළිබඳව කටයුතු කරනු ඇති. කෙසේ නමුත් එක්වරම මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න අපි

බලාපොරොත්තු වෙන්නේ නැහැ. එය ක්‍රමානුකුලව ප්‍රවර්ධනය කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.

කෙසේවෙතත් ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහි යතුරු පැදි කරුවන් ගේ සංගමයේ සාමාජිකයන් පවසන්නේ තමන් තවදුරටත් ෆුල් ෆේස් හෙල්මට් පළදින බවයි. එම සංගමයේ සාමාජික දමිත් චතුරංග මහතා ප‍්‍රකාශ කළේ මෙම කරුණ ජාත්‍යන්තරයට වුවද ගෙන යාමට සූදානම් බවයි.

මේ අතර අදාළ තහනමට එරෙහිව ෆුල් ෆේස් හෙල්මට් පළදින යතුරු පැදිකරුවෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ද ගොණුකර තිබෙනවා.  එමෙන්ම මාතර දිස්ති‍්‍රක් තරුණ බෞද්ධ සංගමය සහ මාධ්‍යවේදීන් පිරිසක් ෆුල් ෆේස් තහනමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලයට ඊයේ පැමිණිල්ලක් භාර දුන්නා.
 
Related Posts with Thumbnails