Ads 468x60px

.

නදීෂාට හා පබෝධාට ලක්‍ෂ දෙකයි - පූජාට මිලියනක්, පබාගේ චරිතය ගොළුවේ.

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි හා ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනී යන දෙදෙනාම ‘කුස පබා’ චිත‍්‍රපටයේ පබාවතීගේ චරිතයට හඬ කැවීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම චිත‍්‍රපටයේ පබාවතීගේ චරිතය නිරූපනය කරන ලද්දේ ඉන්දීය නිළි පූජා උමාශංකර් විසිනි.


පූජා ඉන්දීය නිළියක් බැවින් ඇගේ චරිතයට වෙනත් අයෙකුගේ හඬ මුසු කිරීමට සිදුව තිබේ.කෙසේවුවද පූජාට මෙම චිත‍්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් රුපියල් මිලියනක මුදලක් ගෙවීමක් සිදු කරද්දී ඊට හඬ මුසුකරනු ලබන මෙරට නිළියන්ට රුපියල් ලක්‍ෂ දෙකක අඩු ලංසුවක් තැබීම හේතුවෙන් නදීෂා හා පබෝධා මෙම චරිතයට හඬ කැවීම ප‍්‍රතික්ශේප කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වෙත වාර්තා වේ.

මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නෙ නිෂ්පාදකවරුන්ගේ හා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය එක්ව වන අතර, මෙම කාණ්ඩය අතරින් බොහෝ දෙනෙකු මෙරට නළු නිළියන්ට සිය චිත‍්‍රපට තුළ මතුවන්නට ඉඩ නොතැබූ චරිත බවට ද චිත‍්‍රපට විචාරකයෝ චෝදනා කරයි.එසේම පූජාගේ චරිතයට ලිඛිතව ලබාදුන් මුදල රුපියල් මිලියනයක් වුවද ඊට අමතරව අතයටින් රුපියල් ලක්‍ෂ 5 ක් අදාල නිෂ්පාදක කණ්ඩායමේ අයෙක් ලබාදී ඇතැයි ද ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.

මෙම ගණුදෙනුව එම නිෂ්පාදන හවුලේ බොහෝ දෙනෙකු නොදන්නා බව ද වාර්තා වේ.අදාළ මුදල දුන් තැනැත්තා පූජා සමග ඉතා කිට්ටු ඇසුරක් පවත්වන්නෙක් බව ද පැවසේ.කෙසේවුවද අදාළ නිෂ්පාදන කණ්ඩායම මෙම චිත‍්‍ර පටයේ කුසගේ චරිතය මැවූ ප‍්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනිගේ රගපෑම මිල කර තිබුණේ රුපියල් ලක්‍ෂ 12 කටය.‘කුස පබා’ චිත‍්‍රපය නිෂ්පාදනය කිරීමට රුපියල් ලක්ෂ 1,000 ක් වැය වන බව එහි නිෂ්පාදන දායකත්ව හවුකරුවකු වන ධම්මික සිරිවර්ධන මහතා විසින් මීට පෙර මාධ්‍යට පවසා තිබිණී.

එසේ නම් ‘පබා’ ගේ හඬට ලක්‍ෂ දෙකක තරම් අඩු ලංසුවක් තැබුවේ මන්ද යන්න ගැන ගැටලුවක් මතුවන බව ද විචාරකයෝ පෙන්වා දෙති.ධම්මික සිරිවර්ධන මහතා මෙම චිත‍්‍රපටය නිෂ්පාදනයට රුපියල් ලක්ෂ 800 ක් ද එහි ප‍්‍රචාරණය හා පිටපත් මද්‍රණයට රුපියල් ලක්ෂ 200 ක් ද වැය වෙතැයි මාධ්‍යට පවසා තිබිණි.
කෙසේවුවද මෙම චිත‍්‍රපටයේ සැබෑ නිෂ්පාදන වියදම ලක්ෂ 350ක් බව ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.සිර්වර්ධන මහතාම කියන පරිදි මෙම චිත‍්‍රපටය නිෂ්පාදනයට මුලින් හවුල්වී ඇත්තේ සිනමා නිර්මාණ සංසදයේ 12 දෙනෙකි.

එම හවුල ප‍්‍රමාණවත් නොවන බැවින් තමා හා සෝමරත්න දිසානායක මේ සඳහා ඉතිරි මුදල යෙදවීමට එක්වූ බව ද සිරිවර්ධන මහතා සඳහන්කර තිබේ.එසේ ඔහු සඳහන් කරන්නේ සිනමා නිර්මාණ සංසදයේ පිරිස එක් අයෙකු ලක්ෂ 20 බැගින් මෙයට මුදල් යෙදවීමට කැමැත්ත පලකර ඇති බවයි.ඔවුන් ලක්ෂ 20 බැගින් යෙදෙව්වේ නම් එහි එකතුව ලක්ෂ 240 කි. ධම්මික කියන පරිදි ‘කුස පබා’ නිර්මාණයට තවත් ලක්ෂ 760 ක හිඟයක් ඇත.එසේනම් ධම්මික හා සෝමරත්න සම සමව මුදල් යොදවන්නේ නම් එක් අයෙකු රුපියල් ලක්ෂ 380 ක් යෙදවිය යුතුය.

ඔවුන් සතුව මෙතරම් මුදල් ප‍්‍රමාණයක් ඇත්නම් ඒවා කළු සල්ලි දැයි සැකයක් ද මතුවේ.එසේ නම් මොවුන් චිත‍්‍රපටය සඳහා මුදල් යොවන්නේ කළු සල්ලි සුදුකර ගැනීමට යන ප‍්‍රශ්ණයද නිතැතින්ම පහළ වේ. නොඒසේ නම් මෙය, පේ‍්‍රක්ෂකයා නොමග යැවීමට ගත් පහත් උත්සාහයක් විය යුතුය.අදාළ චිත‍්‍රපටයේ බොහෝමයක් රූගත කිරීම් සිදු කරුනු ලබුවේ රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා ගම්මානය තුළ එසේ නම් විදෙස් රටකදී හෝ රූගත කිරීම් නොකරන මෙම චිත‍්‍රපටයේ රුපියල් ලක්ෂ 800 නිෂ්පාදන පිරිවැක් දරන්නේ කුමක් සඳහා ද යන්න ගැටලූවකි.

එම ගම්මානයේ රූගත කිරීමේ සිදුකරනු ලබන පළමු සිංහල චිත‍්‍රපටය මෙය වේ.මෙම චිත‍්‍රපටය පන්සිය පණස් ජාතක පොතේ කතා පුවතක් ඇසුරෙන් සිනමාවට නැගීමට නියමිතය.ජැක්සන් ඇන්තනී කුසගේ චරිතයත්, ජූජා උමාශංකර් පබාවතීගේ චරිතයත් නිරූපණය කරන අතර සෝමරත්න දිසානායක, උදය කාන්ත වර්ණසූරිය, රේණුකා බාලසූරිය, ධම්මික සිරිවර්ධන, සුනිල් ටී. ප‍්‍රනාන්දු, එච්. ඕ. පේ‍්‍රමසිරි, ආරියදාස පීරිස්, තිස්ස නාගොඩවිතාන, චන්න දේශප‍්‍රිය, ජනිත මාරසිංහ, රසික ජිනසේන යන විශාල පිරිසක් මෙහි නිෂ්පාදනයට දායක වී ඇත.
 
Related Posts with Thumbnails