Ads 468x60px

.

කාමාතුර පියා-මාමා හා තව තිදෙනකු දස හැවිරිදි දැරිය කෙළෙසලා

තඹුත්තේගම පොලිස් බල ප්‍රදේශයේ තේක්කවත්ත ගම්මානයේ අවුරුදු දහයක දැරියක් පියා, මාමා (මවගේමල්ලී) සහ තවත් තිදෙනකු අතින් අතවරයට ලක්ව තිබේ. පියා සැකකරුවන් හා තවත් තිදෙනකු තඹුත්තේ ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.දෙවන ශ්‍රේණියේ ඉගනුම ලබන මෙම දැරිය මාස කිහිපයක සිට වරින් වර මෙම පුද්ගලයින් අතින් අතවරයට ලක්වී ඇති බව පොලිසිය පවසයි.


තේක්කවත්ත අවට පදිංචිකරුවන් විසින් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද තඹුත්තේගම පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවසීය. දැරියගේ මවද මෙම සිද්ධිය වසන් කරගෙන සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවද පැවසේ. දැනට මේ සම්බන්ධ යෙන් දැරියගේ පියා සහ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි දෙදෙනා ප්‍රදේශය අතහැර පලාගොස් තිබේ. ඔවුන් ඇල්ලීමටද විශේෂ පොලිස් පරීක්ෂණ සිදුවන බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති අයි. කේ. ඩී. නිමල් සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.
 
Related Posts with Thumbnails