Ads 468x60px

.

ජැකලින්ගේ ආශාව සජිඞ් ඛාන්ට පමණක්ම නොවන බව එළිවෙයි

ජනපි‍්‍රය බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගේ සිත ගොස් ඇත්තේ බොලිවුඞ් අධ්‍යක්‍ෂ සජිඞ් ඛාන්පමණක්නොවන බව වාර්තා වේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට ඇය විවිධ බලයන් සතු ගල් කි‍්‍රස්ටල් වලට ද දැඩි ඇල්මක් දක්වයි.එක් එක් ගල් වර්ගවලට ආවේනික වූ සුව කිරීමේ ගුණ ඇතුලූ ගුණාංග ඇති බවත්, ඒවා හේතුවෙන් පුද්ගල යන්ට ඇති වන බලපෑම පිළිබඳව ජැකලින් විශ්වාස කරන බවත් එහි සඳහන් වේ.දිනපතා ජීවිතයේ මුහුණදීමට තිබෙන බාධක කම්කටොලූ මැඩ ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය හා උනන්දුව මෙම ගල් වලින් ලැබෙන්නේ යැයි  ජැකලින් විශ්වාස කරන බව ඇයට සමීප ආරංචිමාර්ග සඳහන්කරන බවඉන්දීය මාධ්‍ය කියා සිටියි.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ජැකලින්ගේ මෙම ඇල්ම වර්ධනයට වූයේ ඇගේ මව නිසා බවයි. ඇගේ මවගේ සිතේද මේ පිළිබඳව ඇත්තේ දැඩි ඇල්මක් හා විශ්වාසයකි.
 
Related Posts with Thumbnails