Ads 468x60px

.

සෙනසුරු අපලයට ඔබත් අහුවෙලාද?

 How Is Your Life Of Saturn
මේ උදාවන්නේ සුවිශේෂී ග්‍රහමාරුවකින් සිදුවන බලපෑම් සහිත වසර 2 1/2 ක කාලපරිච්ඡේදයකි. 2011 නොවැම්බර් මස 15 දා උදේ 9.25 ට සෙනසුරු ග්‍රහයා තුලා රාශියට ඇතුළුවෙමින් එහි උච්චව ගත කරන 2014 නොවැම්බර් 02 දින දක්‌වා ශ්‍රී ලංකාවාසීන්ටත් මුළු ලෝකයටමත් සිදුකෙරෙන බලපෑම සුළුපටු නොවේ. මෙම ලිපියෙන් අද සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන්නේ ඒ ඒ ලග්න වලින් උපන් අයට සෙනසුරු මාරුවෙන් පසුව උදාවන ශුභා ශුභ පිළිබඳවයි.
මේෂ ලග්නය

විවාහ ජීවිතය සම්බන්ධයෙන් බලන කල සෙනසුරු හත්වැන්නේ දිග්බල වෙමින් ශුභ ඵල උදාකරයි. නිවාස ඉදිකිරීම් කටයුතු සාර්ථක වේ. කෘෂිකාර්මික කටයුතු වලින් ද ශුභ ඵල ලැබේ. අමනාපවී හිතවතුන් නැවත හිතවත් වේ. සහකරුවන්, උදව්කරුවන් ඉදිරිපත් වේ.

අධ්‍යාපන කටයුතු වලද ප්‍රගතියක්‌ ඇතිවේ. මේ දිනවල කරන ඉගෙනීම් කටයුතු වල යහපත් ප්‍රතිඵල ලබන වසරේදී දැකිය හැකි වේ. ගුරු ලග්නයේ සිට 5 හා 9 ට ශුභ සහිතව පෙනීම උසස්‌ ශුභ ඵල අත්වේ.

විවාහය - විවාහ අපේක්‍ෂා පිළිබඳව තිබූ බාධා ඉවත්වනු ඇත. ප්‍රේම සබඳතා තහවුරු වේ. විවාහ යෝජනා ස්‌ථීර වීමට බාධාවක්‌ වන්නේ උවමනාවට වඩා යෝජිත සහකරුගේ සුදුසුකම් ගැන සෙවීමට යැමයි. විවාහක අයගේ විවාහ සහකරුට ද ශුභයි. අෙන්‍යාන්‍ය ආදරය වැඩිවේ.

රැකියා කටයුතු වලින් උසස්‌ වීමට ලැබේ. තමන් යටතේ සිටින සේවක පක්‍ෂයේ සහයෝගය වෙනදාට වඩා ලැබේ. පක්‍ෂපාතී අය ඇතිවේ. දේශපාලනඥයන්ට වෙනදාට වඩා පාක්‍ෂික සහයෝගය ලබා ජයග්‍රහණ හා බලය වැඩිකර ගැනීමට අවස්‌ථාව සැලසේ.

සෞඛ්‍යය පිළිබඳ සලකා බලනවිට මිශ්‍රඵලදායක යි. නමුත් රාහු අටවැන්නේ ගමන් කරන 2012 අට වැන්න ඔබට උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග, ගැස්‌ට්‍රයිට්‌ස්‌ ආදී තත්ත්වයන් මෙන්ම වැරැදි රෝග විනිශ්චයන් නිසා ඇතිවිය හැකි ගැටලු වලටද මුහුණ දීමට සිදුවිය හැකි නිසා ප්‍රවේසම් වෙන්න.

අංක 5, 14, 23 බ්‍රහස්‌පතින්දා දිනය කහ තැඹිලි වර්ණ, පුෂ්පරාග මැණික බෞද්ධ ශාන්ති කර්ම හා ප්‍රදේශාධිපති දෙවියන්ට භාරහාර වීම ඔබට ශුභඵල දීමට හේතුයි.

වෘෂභ ලග්නය

ගෘහ ජීවිතය ගැන සලකා බලන විට වෘෂභ ලග්නය හිමි ඔබේ හයවැන්නේ ශනි උච්චවීම ශුභයි. සතුරු උපද්‍රව දුරුවේ. සතුරන්ගෙන් ජයගැනීමට ලැබේ. නීරෝගීභාවය ආරක්‍ෂා වේ. සේවක පක්‍ෂයේ සහයෝගය වැඩි වේ.

අධ්‍යාපනය - අධ්‍යාපනයේ යෙදෙන අයගේ පෙර පැවැති බොහෝ බාධා ඉවත් වේ. ධෛර්යය වැඩිවේ. පෙර තිබූ කම්මැළි අලස ගති දුරුවී උනන්දුව ඇතිවේ. ශුභ ඵල දායකයි.

විවාහයට ශුභ නමුත් හත් වැන්නේ රාහු ගමන් කරන නිසා විවාහ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී දූරදර්ශ විය යුතුය. දුටු පමණින් පැහැදීමක්‌ ඇතිකරගෙන විවාහය ස්‌ථිරකර ගැනීමට පෙර බොහෝ දුරට සොයාබැලීම හා පොරොන්දම් ආදිය පරීක්‍ෂාකර ගැනීම වැදගත්ය.

රැකියාව පිළිබඳ ශුභඵල දායකයි. සේවක පක්‍ෂයෙන් විශේෂ සහයෝගය ලැබේ. තරග කරුවන්ගෙන් ජය ලබාගත හැකිවේ. කේතු ලග්නයේ ගමන් කරමින් හිතේ සැකය, අවිනිශ්චිත බව ඇති කරන නිසා කේතුට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කරගන්න.

සෞඛ්‍යය පිළිබඳවද කේතු නිසා ඇතිවන පෝෂණ ඌනතා හෙවත් විටමින් යකඩ ඌනතා නිසා ඇතිවන කෙස්‌ සහ ඇස්‌ ආශ්‍රිත රෝග වලට හේතුයි. එමෙන්ම අධික කාර්යබහුල බව නිසා ඇතිවන මානසික ආතතියට ද හේතුයි. වෘෂභ ලග්න හිමියන්ට අංක 4, 6, පලාවන් වර්ණය සිකුරාදා හා බදාදා දිනයන් පච්ච පසිංගල හා දියමන්ති යන මැණික්‌ ද ශුභ කටයුතු සඳහා ශුභයි.

මිථුන ලග්නය

ගෘහ ජීවිතය සම්බන්ධව සලකා බලන විට සෙනසුරු පුත්‍ර - විද්‍යා ස්‌ථානයේ උච්චවීම දරුවන්ගේ කටයුතු වලදී ශුභ ඵල ඇතිකරයි. පෙම් සබඳතා තහවුරු වී විවාහය ස්‌ථිර වන කාලයක්‌ බව පෙන්වයි.

අධ්‍යාපනයේ යෙදෙන මිථුන හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ පෙර පැවැති උදාසීන ගති පහවී යයි. 11 සිට ලබන ගුරු ගේ ශුභ දෘෂ්ටිය නිසා ඉගෙනීමට විශේෂ උනන්දුවක්‌ හා උෙද්‍යාaගයක්‌ ඇතිවේ. ගණිත හා ඉංජිනේරු අංශවල ඉගෙනීම ඇරැඹීමට ඉතා ශුභ කාලයකි.

විවාහය පිළිබඳව සලකා බලන විට බිරිඳ හෝ සැමියාට ශුභ ඵල ලැබේ. වසර 2012 මැයි දක්‌වා විවාහය පිළිබඳ විශේෂ ශුභ කාලයක්‌ බව පෙනේ. විවාහ සහකරු ගේද පෙරට වඩා දියුණුවක්‌ ඇතිවන කාලයකි.

රැකියා අංශවලද 2012 මැයි දක්‌වා උසස්‌වීම් ලැබීමට හේතුවේ. වැටුප් වැඩිවේ. රැකියාව ආශ්‍රිත හිතවතුන් ඇතිවේ. ආයෝජන වලින් ලාභ ලැබේ. ඉංජිනේරු අංශවල හා දේපළ වෙළ¹ම්වල යෙදෙන අයට විශේෂ ශුභඵල ලැබේ.

සෞඛ්‍යයට රාහු රෝග ස්‌ථානයේ ගමන් කිරීම ශුභ නොමැති බව පෙනේ. රෝග විනිශ්චය වැරැදීම, නියමිත වෛද්‍යවරයා හමුනොවීම ආදී ගැටලු මෙන්ම ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය වැළඳීමට හේතුයි. තෙල්, මිරිස්‌ භාවිතය අඩුකරන්න.

ඔබට මිශ්‍ර ලා වර්ණ, ලා කොළ පාට, අංක 6, 15, 24, දියමන්ති පච්ච මැණික්‌ පැළඳීම ශුභඵල ගෙන දීමට හේතුයි.

කටක ලග්නය

ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සලකා බලනවිට ඔබේ ලග්නයේ හතර වැන්නට පැමිණ ශනි උච්ච වීම මා පිය උරුම කම් තහවුරුවන කාලයක්‌ බව පෙන්වයි. පැරැණි නිවාස අලුත්වැඩියා කෙරේ. ඉඩම් වැවීමට හා සංවර්ධනය කිරීමට ලැබේ. මුල් ඉඩම්, ගෙවල් පිළිබඳ ශුභ දායක දියුණුවක්‌ ඇතිවේ. මවට තරමක්‌ අපල ඇතිවන බව පෙනේ.

අධ්‍යාපන අංශයෙන් නම් රාහු නීචව පස්‌වැන්නේ ගමන් කරන බැවින් තරමක බාධා ඇතිකරයි. හිත එකඟවීම, අවධානය කෙරෙහි බාධා ඇතිවීම වැඩිවේ හෙවත් පොත්පත් වලට අවධානය යොමුකර ගත නොහැකිව හිත වෙනත් අතට දුවන ගතිය, පෙම් සබඳතා ආදිය නිසා අධ්‍යාපනයට බාධා ඇතිවිය හැකියි. මේ සඳහා දෛනික කාලසටහනකට අනුව වැඩ කිරීම මැනවි.

විවාහ අංශවල ශුභ ඵල දේ. ප්‍රමාද වූ විවාහ කටයුතු ඉෂ්ට වන කාලයකි. විවාහ සහකරුට ද ශුභයි. බිරිඳ හෝ සැමියා ගේ පියාට අපල කාලයකි.

රැකියා පිළිබඳවද මිශ්‍රඵල ඇතිකරයි. 2012 මැයි දක්‌වා රැකියාව ගැන කියන 10 ගුරු බලවත්වී ශනිගේ අශුභ දෘෂ්ටියද ලබයි. තමන්ට වඩා කනිෂ්ඨ සේවක පක්‍ෂයෙන් කරදර, චිත්ත පීඩා ඇතිවේ. එහෙත් කෘෂිකර්මාන්තයේ යෙදෙන අයට ශුභඵල ලැබේ.

සෞඛ්‍යය අතින් බලනවිට හෘදයාබාධ ඇති අය ප්‍රවේසම් විය යුතුය. 5 රාහුගේ නීච ගමන නිසා ඔබේ සෞඛ්‍යය පිරිහීම කෙරෙහි ආහාරපාන බොහෝ දුරට බලපාන බව පෙනේ. වතුර බීම අතපසුවීමෙන් හා තෙම්පරාදු ආහාර ගැනීමෙන් ඇතිවන උදරාබාධවලට හේතුයි.

අංක 5, 14, 23, කහ, තැඹිලි වර්ණ. පුෂ්පරාග හා මුතු භාවිතය, බෞද්ධ ශාන්තිකර්ම ඔබට ශුභඵල ගෙන දේ.

සිංහ ලග්නය

සිංහ ලග්න හිමියන්ගේ ලග්න ඒරාෂ්ටක අපල කාලයත් නිමා කරමින් ශනි 3 වැන්නට පැමිණ උච්චබලය ලබයි. මේ අතර ගුරු 9 වැන්නේ බලවත් වන අතර නීච රාහු 4 සහ නීච කේතු 10 ගමන්කරමින් සිටී.

ගෘහ ජීවිතය යහපත් වේ. උත්සාහය, ධෛර්යය වැඩිවේ. අසල්වාසීන් හා සහෝදරයන් සමඟ සබඳතා අලුත් වේ. මෙතෙක්‌ කාලයක්‌ පැවැති හිතේ කරදර දුරුවී මානසික සහනය ඇති කාලයක්‌ උදාවේ. එහෙත් පදිංචිය පිළිබඳ බාධා කරදර ඇතිවේ.

අධ්‍යාපනය පිළිබඳ සලකන විට ගුරු 9 වැන්නේ බලවත්ව ගමන් කරමින් 6 වැන්නට ශුභ දෘෂ්ටියක්‌ ලැබීම සුභඵලදායකයි. පෙරට වඩා ධෛර්යයකින් ඉගෙනීම සිදුකෙරේ. විභාගවලින් සමර්ථ වේ. උසස්‌ අධ්‍යාපනය සාර්ථක වේ.

විවාහය පිළිබඳව කාලයක්‌ තිස්‌සේ පැවැති බාධා ඉවත් වේ. ශුභ ඵලදායක හා සාම්ප්‍රදායික විවාහයක්‌ කඩිනමින් සිදුවීමට කරුණු සැලසේ. විවාහකයින් ගේ බිරිඳ හෝ සැමියාගේ විශේෂ දියුණුවක්‌ ඇතිවේ. ශනි අපලය නිසා පමාවූ දරු උපත් සිදුවන කාලයකි.

රැකියා අංශවලදී පෙර පැවැති අසහනකාරි බව දුරුවී යයි. උත්සාහය, ඉලක්‌කය කරා නොනැවතී යන බව, ඉවසීම ආදී ගුණාංග ඇතිවේ. එහෙත්a කේතු 10 දුර්වලව ගමන් ගන්නා නිසා උසස්‌ අයට තමන්ගේ හැකියාවන් හා දක්‍ෂතා නොපෙනේ.

සෞඛ්‍ය අංශය යහපත් බව පෙනේ. එහෙත්a ශනි වක්‍රව ගමන් කරන කාලයක්‌ හිදී වාතාබාධ, සෙම්රෝග ඇතිකරයි. ශනි වක්‍රවන කාලය මෙම ලිපියේ අගට පළකර ඇත.

ඔබට අංක 1, 10, 3 ආදියද දිලිසෙන සුදු වර්ණය, පද්මරාග මැණික හා බෞද්ධ ශාන්තිකර්ම වල යෙදෙමින් කතරගම දෙවි පිහිට පැතීම ශුභය.

කන්‍යා ලග්නය

ලග්නයේ ඒරාෂ්ටකව ගමන් කළ සෙනසුරු තුලා හෙවත් දෙවැන්නට ගමන් කරමින් උච්ච බලය ලබන අතර අටවැන්නේ ගුරු ද තුන්වැන්නේ රාහු ද නවවැන්නේ කේතු ද ගමන් කරයි.

ගෘහ ජීවිතය පෙරට වඩා යහපත් වේ. අධික වියදම් පාලනය වේ. යමක්‌ ඉතිරිකර ගැනීමට හැකිවේ. දරුවන්ගේ විශේෂ දියුණුවක්‌ ඇතිවේ. එහෙත් දරුවකුගේ අසනීපයක්‌ නිසා කරදර විඳීමට සිදුවේ. පෙර පැවැති දැඩි අවිවේකී තත්ත්වය 2012 මැයි දක්‌වා පවතී. ඉන්පසුව වඩාත් යහපත් කාලයක්‌ උදාවේ.

අධ්‍යාපනයේ යෙදෙන කන්‍යා ලග්න හිමියන්ට විශේෂ ශුභඵල ලැබේ. පෙර පැවැති කම්මැළි අලසගති දුරුවේ. මතකය අවධානය දියුණු වේ. ගණිතය, ගණකාධිකරණය, ඉංජිනේරු යනාදී අංශවල ඉගෙනීම ලබන සිසු සිසුවියන්ට විශේෂ ශුභඵල අත්වේ.

විවාහය පදනම් කරගෙන පැවැති ප්‍රේම සබඳතා වලට පැවැති බාධා දුරුවී යයි. නමුත් මේ තත්ත්වය බොහෝදුරට ශුභඵල දායක වන්නේ 2012 මැයි මාසයෙන් පසුව බව පෙනේ. එතෙක්‌ මව් පියන්ට අපල, විවාහ සහකරුට අපල, අසනීප, කරදර ඇතිවේ. 2012 අග වනවිට විවාහ අපේක්‍ෂකයනට විවාහයට ශුභයි.

රැකියාව පිළිබඳව සලකන කල වෘත්තීය අධ්‍යාපනයේ යෙදීමට අවස්‌ථා උදාවේ. ශනි හිමි ගොඩනැඟිලි ඉදිකිරීම, සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු අංශ, කෘෂිකර්ම හා ගුරු වෘත්තිවල යෙදෙන අයට විශේෂ ශුභඵල ලැබේ.

සෞඛ්‍ය තත්ත්වය යහපත් වන්නේ 2012 මැයි වලින් පසුවය. වාතාබාධ, ආතරයිටිස්‌, මධුමේහය, ආදී රෝග ඇති අය විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය.

අංක 6, 4. ලාකොළ මිශ්‍රාලාපාට, බදාදා, සිකුරාදා යන දින බුද්ධ පූජා, බෝධි පූජා කර ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාරවීම ශුභයි.

තුලා ලග්නය

සෙනසුරු මාරුවෙන් විශේෂ ශුභඵල ඇතිකරවන්නේ තුලා ලග්න හිමියන්ටය. 4, 5 අධිපති ලග්නයේ උච්ච වේ. 2009 සිට පැවැති කරදර බොහෝ දුරට නිමවී යම් සහනදායක බවක්‌ ඇති වේ.

ගෘහ ජීවිතය - ස්‌ථාන, ඉඩකඩම්, දේපළ පිළිබඳ පැවැති බාධක දුරුවේ. ඉඩම් සංවර්ධනය කෙරේ. පැරණි නිවාස අලුත් කෙරේ. මව් පියන්ට තිබූ අසනීප සුවවේ. දරුවන්ගේ තත්ත්වය උසස්‌ වේ. දරුවන්, මව්පියන් හා මුල් නැදැයින් පිළිබඳ යුතුකම් ඉටුකිරීමට හැකියාව ලැබේ.

අධ්‍යාපනය සඳහා පැවැති බාධා කරදරද අඩුවේ. ඒ සඳහා ගෙදර පැවැති අයහපත් පරිසරයද ශුභ පැත්තට හැරේ. හිතේ ධෛර්යය වැඩිවේ. විභාග වලින් සමත් වේ. පාඩමට හිත යොමුවේ. ගණිත, ඉංජිනේරු අංශවල උසස්‌ අධ්‍යාපනය ලබන සිසුන්ට විශේෂ ශුභඵල ලැබේ.

විවාහයට ශුභයි. ආදර සබඳතා ස්‌ථීර වේ. විවාහකයින්ට නම් පින්වත් දරුවන් ලැබේ. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ.

රැකියාව අංශයෙන් බලනවිට දේපළ වෙළෙ¹ම, යකඩ හා ගොඩනැඟිලි ද්‍රව්‍ය, ඉංජිනේරු, ගුරු අංශවල රැකියා කරන අයට විශේෂ ශුභ ඵල ලැබේ. අන් අයට මිශ්‍රඵල ගෙන දේ.

සෞඛ්‍ය අතින් එතරම් අයහපත් තත්ත්වයක්‌ නොමැත. එහෙත් ආමාශය, බඩවැල් බහිස්‍රාවය පිළිබඳ ඉන්ද්‍රිය පද්ධතියේ රෝග, බඩවියළීම ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි. ඔබට අංක 4, 6 මෙන්ම බදාදා, සිකුරාදා යන දිනයන්ද, පච්ච, දියමන්ති යන මැණික්‌ හා බුද්ධ පූජා කර ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීමද ශුභය.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයේ දොළොස්‌වැන්නට ශනි උච්ච වී පැමිණේ. ඒ අතර නීච රාහු ලග්නභාවයේ ද නීච කේතු තුන්වැන්නේ ද ගුරු රෝගස්‌ථානයේ ද ගමන් කරයි.

ගෘහ ජීවිතය සම්බන්ධව සලකා බලනවිට හිත එකඟකර ගත නොහැකි ආකාරයේ අවුල්සහගත ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. තද බල ලෙස අවිවේකය බලපායි. අධික කාර්යබහුල බව නිසාම හිතට කරදර යෙදේ. පවුලේ අන් අයටද කරදර ඇති කාලයකි. කරන කියන දෙයින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් අන්තිම මොහොතේ බොහෝ කරදර දරාගැනීමට සිදුවේ. මව්පියන්ටද අපල කාලයකි.

අධ්‍යාපන කටයුතු වලට ද මේ අපල තත්ත්වයන් බලපානු ඇත. ඒවායින් සාර්ථක බවක්‌ පෙන්වන්නේ 2012 මැයිවලින් පසුවය. හිත එකඟ කර ගැනීමට ඇති බාධා ජය ගැනීමට සිදුවේ.

විවාහය පිළිබඳ සලකා බලනවිට කේතු නීචව 7 වැන්නේ ගමන් කිරීම නිසා අඹු-සැමි සමඟියට බාධා, සහකාරිය හෝ සහකරු පිළිබඳව ඇතිවන සැකය හා අසහනකාරී බව පෙන්වයි. මේ තත්ත්වය 2012 අග දක්‌වා පවතී. විවාහ ප්‍රමාදයටද හේතුවේ.

රැකියා අංශවලද විශේෂ දියුණුවක්‌ අපේක්‍ෂා කළහැක්‌කේ 2012 මැයි වලට පෙර කාලයයි. තමන්ට වඩා කනිෂ්ඨ සේවක පක්‍ෂයෙන් ප්‍රවේසම් විය යුතුය. පදිංචිය වෙනස්‌වීම කෙරෙන බලපෑම්. මව්පියන්ට අපල ධෛර්ය, හීන වීම මෙන්ම සෞඛ්‍ය තත්ත්වයටද මෙම කරුණු බලපාන නිසා කේන්ද්‍රය පරීක්‍ෂා කරවා ග්‍රහ ශාන්ති කර්ම කරගත යුතු බව පෙනේ.

අංක 2, 3, 5, සුදු, රෝස, කහ, තැඹිලි වර්ණ, බුද්ධ පූජා, බෝධි පූජා, පත්තිනි, කතරගම දෙවි පිහිට පැතීම, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්‌පතින්දා යන දින, මුතු, රතු, පුෂ්පරාග යන ගල් වර්ග පැළඳීම ශුභය.

ධනු ලග්නය

ධනු ලග්නය හිමි අයගේ කේන්ද්‍රයේ සෙනසුරු මාරුව සිදුවන්නේ එකොළොස්‌ වැන්නටය. එහි ශනි උච්චව ගමන් කරන අතර ගුරු 5 ද, රාහු 12 ද, කේතු 6 ද ගමන් කරනු ඇත.

ගෘහ ජීවිතය - ආදායම් මාර්ග වැඩි දියුණුවේ. පවුලේ විශේෂ දියුණුවක්‌ ද ඇතිවේ. පෙර පැවැති අසහනකාරී ගති දුරුවේ. උසස්‌ වැඩිමහල් හිත මිතුරන් ගේ ආශ්‍රය ඇතිවේ. තම ජීවිතයේ දියුණුවට එවැනි අයගේ සහයෝගය ලැබේ. සහෝදරයන්ගේ ද විශේෂ දියුණුවක්‌ ඇතිවේ. විදේශ ගමන් සාර්ථක වේ.

අධ්‍යාපනය පිළිබඳවද ශුභඵල දායක බවක්‌ පෙන්වයි. 2012 මැයි දක්‌වා ගුරු 5 ගමන් කරන නිසාත් වෙනදාට වඩා විශේෂ උනන්දුවකින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනී.

විවාහය ගැන සලකන විට පෙර පැවැති බාධක දුරුවී විවාහය සිදුවීමට කරුණු සැලසේ. විවාහකයින්ට අපේක්‍ෂිත දරු පිළිසිඳ ගැනීම් සිදුවේ. දරුවන්ගේ දියුණුවක්‌ ඇතිවේ.

රැකියාවට පෙර පැවැති බාධක දුරුවේ. සේවක පක්‍ෂය හිතවත් වේ. ඔවුන්ගේ සහයෝගය පෙරට වඩා ලැබේ. රැකියාවෙන් ලැබෙන ආදායම වැටුප් වැඩිවේ. උසස්‌වීම් ලැබේ.

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකන විට කේතු නීචව රෝගස්‌ථානයේ ගමන් කිරීම ශුභ නැත. ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග ලබාගැනීම ගැන උනන්දුවීම මෙන්ම තුවාල සිදුවීමෙන් ප්‍රවේසම්වීමද මැනවි.

අංක 5, අංක 1, ඉරිදා, බ්‍රහස්‌පතින්දා යනදින, සුදු, තැඹිලි කහ වර්ණ, පුෂ්පරාග, පද්මරාග යන මැණික්‌, බුද්ධපූජා තබා ප්‍රදේශාධිපති දෙවියන් පිහිට පැතීම ශුභයි.

මකර ලග්නය

මකර ලග්නය හිමි අයගේ කේන්ද්‍රයේ සෙනසුරු මාරුව සිදුවන්නේ දහවැන්නට ය. ලග්නාධිපති ශනි එහි උච්චවන අතර ගුරු ග්‍රහයා හතරේ ද රාහු 11 හා කේතු 5 ගමන් කරයි.

ගෘහ ජීවිතය සමාජයේ උසස්‌ තත්ත්වයක්‌ ලැබිය හැකි කාලයක්‌ වනු ඇත. නම්බුකාර උසස්‌ තනතුරු, රැකියාවේ උසස්‌වීම් ලැබේ. එමෙන්ම ධනය අතින්ද වාසනාවන්ත වේ. දේශපාලනයේ යෙදෙන මකර ලග්න හිමියන්ට උසස්‌ ජනප්‍රියත්වය ලැබේ. තවදුරටත් උසස්‌ තනතුරු හිමිවේ.

අධ්‍යාපනය පෙර පැවැති තත්ත්වයට වඩා ශුභදායක වේ. වෘත්තීය අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට එයින් රැකියා අවස්‌ථා උදාවේ. ධෛර්යයමත් වේ. උත්සාහවන්තව ඉගෙනීමේ යෙදේ. පන්තියේ කැපී පෙනෙන ශිෂ්‍යයකු බවට පැමිණේ.

විවාහය - සහකරුගේ හෝ සහකාරියගේ තත්ත්වයද උසස්‌ වේ. ප්‍රමාද වූ විවාහ සිදුවේ. එමෙන්ම තම කටයුතුවලට උදව්දෙන අයද ඇතිවේ. විවාහ ප්‍රමාද වූ අයට විවාහ අවස්‌ථා උදාවුවද ඕනෑවට වඩා ගැළපීම ගැන බැලීම නිසා එන්ට බාධා ඇතිවිය හැකිය.

රැකියාව හා තනතුරු පිළිබඳවද ශුභයි. වැඩකරන අය අතර නායකත්වයකට පැමිණේ. තමන් කරන වැඩ ගැන උසස්‌ අයගේ ගෞරවය ලැබේ. තත්ත්වය උසස්‌ වේ. ශනි වක්‍රව ගමන් කරන කාලයන්හිදී සෞඛ්‍ය තත්ත්වය තරමක්‌ පිරිහීමට ඉඩ ඇති නිසා ප්‍රවේසම් වන්න.

අංක 4, අංක 7, බුධ, ශනි දිනයන්, පච්ච හා නිල් මැණික්‌ පැළඳීම හා ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින්දී සෙත්පතා බාරහාර වීම ශුභය.

කුම්භ ලග්නය

පුණ්‍ය ස්‌ථානයට සෙනසුරු පැමිණ උච්ච බලය ලබයි. 2009 වසරේ සිට පැවැති ඒරාෂ්ටක අපල කාලයත් නිමාවෙයි. පෙර පින, වාසනාව, භාග්‍යය ඉස්‌මතු වේ. දෙවි පිහිට ලැබේ. ආදායම් මාර්ග වර්ධනය වේ. නිරෝගී වේ. එහෙත් ඉදිරි වර්ෂ 2 1/2 අතර තුර ශනි වක්‍ර වන කාලය තුළ මේ ශුභඵල හීනවනු ඇත.

ගෘහ ජීවිතය - මෙතෙක්‌ පැවැති හිතේ අසහනකාරී ශනි තුරන් වී සහනදායක බවක්‌ ඇතිවේ. නමුත් කේතු නීචව ගමන් ගන්නා බැවින් නිවාස, ඉඩකඩම් පිළිබඳව දියුණුවට බාධා, භූත ප්‍රේත දොaෂ ඇතිවිය හැකියි. තමන්ගේ වටිනා බඩු නාස්‌තිවීම, දිරාපත් වීම ආදී පාඩු ඇතිවිය හැකිය. නැතහොත් නොවටිනා පරණ වාහනයක්‌ මිලට ගැනීමට පෙළඹිය හැකිය.

අධ්‍යාපනය - මෙතෙක්‌ පැවැති බාධා ඉවත් වී අධ්‍යාපන අංශයේ සාර්ථකත්වයක්‌ ලැබේ. ගණිත, ඉංජිනේරු අංශවලට විශේෂයි.

විවාහය - 2012 මැයි දක්‌වා විවාහයට විශේෂයෙන් ශුභයි. විවාහ සහකරුට ද ශුභඵල දායක බව පෙනේ. 2012 මැයි හා අගෝස්‌තු අතර විවාහ නැකත් යොදා ගැනීම ශුභ නැත.

රැකියාව - රැකියා අංශවල දියුණුවක්‌ ඇතිවේ. ආදායම් මාර්ග ඉහළ යනු ඇත. එතෙක්‌ රාහු 10 නීචව ගමන් කරන 2012 අග දක්‌වා රහස්‌ සතුරු ඇතිවිය හැකියි.

සෞඛ්‍යය මිශ්‍රඵලදායකයි. 2012 මැයි අගෝස්‌තු අතර ශනි දුර්වලව නැවත ඒරාෂ්ටක අපලය උදාකරන බැවින් එම කාලයේ දී ප්‍රවේසම් වෙන්න.

අංක 6, 7, මිශ්‍ර ලා නිල් වර්ණ, සිකුරාදා, සෙනසුරාදා දින, නිල් හා දියමන්ති යන ගල්වර්ග ශුභයි. ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින්දී බාරහාර වීම ශුභයි.

මීන ලග්නය

මීන ලග්න හිමියන් ගේ සෙනසුරු මාරුව සිදුවන්නේ අටවැන්නට වන අතර ලග්නාධිපති ගුරු දෙවැන්නේ ගමන් කරයි. රාහු නීචව 9 වැන්නේද කේතු නීචව 3 වැන්නේද ගමන් කරමින් සිටී.

ගෘහ ජීවිතය - මෙතෙක්‌ කාලයක්‌ පැවැති අධික වියදම් පක්‍ෂය අඩුවේ. අනවශ්‍ය වියදම් වළක්‌වා ගැනීමට පෙළඹේ. එමෙන්ම ආදායම් මාර්ග වලටද බාධා ඇතිවේ. 2012 මැයි වලින් පසුව තරමක්‌ කරදරකාරී තත්ත්වයක්‌ ඇතිවිය හැකියි.

අධ්‍යාපනය - රාහු 9 වැන්නේ ගමන් කරන නිසා විශේෂයෙන්ම උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන අයට බාධා ඇතිකරයි. අදූරදර්ශී බව නොගැළපෙන ආශ්‍රය නිසා විවිධ ගැටලු ඇතිවීමට හේතුයි. ආශ්‍රය පිළිබඳව ප්‍රවේශම් වෙන්න.

විවාහය - 2012 මැයි වලින් පසුව ප්‍රමාද වූ විවාහ කටයුතු ස්‌ථීරවීමට කරුණු සැලසේ. විවාහ සහකරුටද ඒ කාලය ශුභඵලදායකයි.

රැකියාව - ශනි උච්චවීම මිශ්‍රඵල දේ. ව්‍යාපාරිකයන්ගේ පැවැති ආදායම් මාර්ග වලට අවහිරතා ඇතිවේ. සේවක පක්‍ෂයෙන් කරදර ඇතිවේ. එමෙන්ම අන්තිම කැමැත්තට අනුව ලැබෙන උරුමයන් දේපළ ලැබීමට ද හේතුයි.

සෞඛ්‍යය - ලේවල සීනි මට්‌ටම ඉහළයැම, මධුමේහය, අධික රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් වැනි රෝග වලින් ප්‍රවේසම් වෙන්න. අංක 5, 3, කහ තැඹිලි, රෝස, සුදු වර්ණ හා ගුරු, කුජ යන දිනයන් ද කතරගම දේව පිහිට පැතීමද ශුභය.

සෙනසුරු මාරුවේ ශුභාශුභ පිළිබඳ විශේෂ කරුණු

සෙනසුරු මහ දශා, අතුරු දශා ගත කරන අයට මෙහි සඳහන් ශුභා ශුභ විශේෂයෙන් ඇතිවේ. ගුරු, සිකුරු ආදී ශුභ දශා ගතකරන අයට ශනි ගේ අශුභ ඵල අඩුවී මධ්‍යස්‌ථ ප්‍රතිඵල ගෙන දෙනවා ඇත. එමෙන්ම ශනි ග්‍රහයා වක්‍රව ගමන් කරන අතර උච්ච රාශියේද ගමන් කරන්නේනම් නීච හෙවත් අශුභ ඵල ගෙනදේ. එනම් 2012 පෙබරවාරි 07 - ජුනි 25 අතරද 2013 පෙබරවාරි 18 - ජුලි 08 අතරද 2014 මැයි 02 - ජුලි 21 අතරද ශනි වක්‍රය සිදුවේ. එම කාලයන්හි දී ශනිට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කරගත යුතුය. අංග සම්පූර්ණ පලාපල සඳහා ජන්ම පාදය පරීක්‍ෂාකර ගැනීම මැනවි.
 
Related Posts with Thumbnails