Ads 468x60px

.

28 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මළ සිරුරේ කොටස් අරන්

 Removed Some Parts Her Body
මීට වසර එක හමාරකට පෙර ගෘහ සේවිකාවක ලෙස කුවේටයේ රැකියා සඳහා ගොස් එහිදී මියගිය කැකිරාව විජිතපුර ප්‍රදේශයේ පදංචි 28 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ සිරුරේ අභ්‍යන්තර කොටස් කිහිපයක් ඉවත් කර ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
මියගොස් දින 15 කට පසුව අදාළ මළ සිරුර දිවයිනට එවා ඇති අතර ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක්වත් සිදුකර නොමැති බවත් ඇයගේ පවුලේ ඥාතින් පවසයි. ඇය මියගිය බවට කිසිදු පාර්ශ්වයක් විසින් නිල වශයෙන් දැනුම්දීමක් නොකළ බවද ඔවුන් කියා සිටී.

අනුරාධපුරයෙන් ගිය තරුණියක හදිසියේ මළ බව පවසමින් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ හදවත වකුගඩු හා ආමාශයේ ඉන්ද්‍රියයන් නැතිව බව මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ. දයාපාල මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේදී කීවේය. එම අවයව ඉවත් කළ බව කුවේට් සිට එවූ මරණ සහතිකයේ සඳහන්වී නැති බව ඇයගේ ඥාතීහු කියති. සත් හැවිරිදි දියණියකගේ මවක වන කලාවැව විජිතපුර අලූත් පුලියන්කුලමේ ශ්‍යාමලී කුමාරි ගුණවර්ධන (28) මියගිය කාන්තාවයි.

මැදපෙරදිග කුවේට්‌ රාජ්‍යයේ සේවය කරමින් සිටියදී හදිසියේ මියගොස්‌ දින දහයකට පසු ශ්‍රී ලංකාවට මුද්‍රා තබා එවන ලද කාන්තා මළ සිරුර ශරීර අභ්‍යන්තර අවයව කිසිවක්‌ නොතිබීම සහ මරණයට හේතු නොදක්‌වා තිබීම සැක සහිත මරණයක්‌ බව පවසමින් මියගිය කාන්තාවගේ සොහොයුරා වන ප්‍රියන්ත බණ්‌ඩාර ගුණවර්ධන මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු කරන ලෙස වගකිවයුතු ආයතන වෙතින් ඉල්ලීමක්‌ කරයි. කැකිරාව, අලුත් පුලියන්කුලම ගම්මානයේ පදිංචි එක්‌දරු මවක වන 28 හැවිරිදි ශ්‍යාමලී ගුණවර්ධන ඉකුත් 2010 වසරේ අප්‍රියෙල් මස 24 දා විදේශගතවී ඇත.

විදේශගතව සිටියදී මෙරට ඥතීන් සමග දුරකථනය මගින් සුවදුක්‌ විමසා තිබෙන අතර පසුගිය මස 30 වැනි දින අවසන් වරට ඇය දුරකථනයෙන් කතා කර ඇත. ඉකුත් 01 දා ඇගේ හිතවතියකගෙන් ලද දුරකථන ඇමතුමක්‌ අනුව ඇය මියගොස්‌ ඇති බව දැනගන්නට ලැබී තිබේ. ඇය විදේශගත කළ ඒජන්සිය මාර්ගයෙන් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය දැනුවත් කිරීමෙන් පසු ඉකුත් 10 දා මළ සිරුර ලංකාවට එවා තිබේ.

මේ මරණය සැක සහිත මරණයක්‌ බව පවසමින් මියගිය කාන්තාවගේ සොහොයුරා කටුනායක ගුවන්තොටුපළ පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත මීගමුව රෝහල් නාගරික හදිසි මරණ පරීක්‍ෂක සිරි ජයන්ත වික්‍රමසූරිය මහතාගේ නියෝගයක්‌ අනුව මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී. ඒ. චන්ද්‍රපාල මහතා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා තිබේ. මියගිය කාන්තාවගේ සිරුරේ බාහිර තුවාල කැලැල් කිසිවක්‌ නොතිබූ බවත් සිරුර අභ්‍යන්තරයේ උගුරේ සිට උදරය දක්‌වා කොටසේ කොටස්‌ නොමැති මුද්‍රා තබන ලද මළ සිරුරක්‌ වීම නිසාත් මරණයට හේතු කිසිවක්‌ නොදක්‌වා ඇති බවට සඳහන් කර ඇත. සිරුර පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතව ඇති අතර මරණය පිළිබඳ විවෘත තීන්දුවක්‌ ලබාදී ඇත.
 
 
Related Posts with Thumbnails