Ads 468x60px

.

ප්ලාස්ටික් එළවලූ පෙට්ටි හා ප්ලාස්ටික් මිනී පෙට්ටි

මිනිපෙට්ටි භාවිතා නොකරන්නේ මුස්ලිම්වරු පමණි. බෞද්ධයෝත් මිනීපෙට්ටි නැමැති ක‍්‍රිස්තියානි චාරිත‍්‍රය අකුරට අනුගමනය කරති. මේ නිසා මොනතරම් ගස් විනාශයක් රටේ සිදුවනවාද? මේ නිසා ප්ලාස්ටික් මිනීපෙට්ටි වෙළඳ පොලට දැම්මොත් හොඳා. දැන් ප්ලාස්ටික් ප‍්‍රතිවක‍්‍ර කරණය කරන්ට පුලුවන් නිසා කලබල විය යුතු නැහැ. කොහොමටත් ගස් විනාශ කරනවාට වඩා එය හොඳ ක‍්‍රියාවකි.

 ප්ලාස්ටික් මිනිපෙට්ටි වෙළඳ පොළට ඉදිරිපත් කළාට නම් ජනතාව වීථි බහින්ඩ හේතුවක් නැත. නීතියක් නොවන දෙයකට ජනතාව විරුද්ධ වෙන්නේ මොකටද? ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා ඉදිරිපත් කරපු ප්ලාස්ටික් පෙට්ටි වැඬේට ජනතාව විරුද්ධ වුයේ නිතිය වැරදි විදිහට ක‍්‍රියාත්මක වු හෙයිනි. ජොනි ඇමතිතුමාට වැරදුනේ එතුමා  හොඳ වැඩක් කරන්ට ගියත් යුඇන්පී මනසින් ඒක සංවිධානය කරපු හෙයිනි යයි සමහරු කියති. ඒක ඇත්ත. රටේ ප‍්‍රශ්න විසඳිය යුතුයි. ඒත්  ජනතාවට රිදවමින් නොවෙයි.

තවත් සමහරු ප්ලාස්ටික් කූඩවලට එරෙහි ව විරෝධතා මෙහෙයවන්නේ පොලිතින් බෑග් කර්මාන්ත කරුවකු බව කියති. එළවළු හා පලතුරු ඇසුරුම් කිරීමේ නීතිය සම්බන්ධයෙන් විරෝධතා දක්වන කිසිවකු ඒ ගැන සාකච්ඡා කිරීමට ඉල්ලීමක් කර නැති බව ද හෙළි වී තිබේ.සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එළවළු හා පලතුරු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ භාවිතයට ගැනීම මඟින් ගොවීන්ට කිසිඳු බලපෑමක් සිදු නොවන බව යි.

ආර්ථික මධ්‍යස්ථාන වෙත අත්ට්‍රැක්ටර්, ත්‍රීරෝද රථ, යතුරු පැදි, කුඩා ලොරි මඟින් එළවළු හා පළතුරු ප්‍රවාහනය කිරීමේ දී ද ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කර නැති බව ද ප්ලාස්ටික් කූඩ අනිවාර්යයෙන් භාවිතා කළයුතු එළවළු ලේඛණයෙන් මිරිස්, ගෝවා හා වම්බටු ඉවත් කළ බව අභ්‍යන්තර වෙළඳ ඇමති කියා සිටී.
 
Related Posts with Thumbnails