Ads 468x60px

.

බිලියන 3.08 ක මුදලක් වැය වූ අද විවෘත වන ‘නෙලුම් පොකුණ’ රඟහල (පින්තූර)

මහජන චීන සමූහාණ්ඩුවෙන් ත්‍යාගයක් ලෙස අප රටට දායාද කරන ලද නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද විවෘත කිරීමට නියමිතය. බුදු දහම ආශ්‍රිතව ගොඩ නැගුණු චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති ශතවර්ෂ ගණනා වක් පැරණි මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන්
පිරිනැ‍මේන මෙම රඟහල විවෘත කිරීමේ උත්සවයට ඉහළ පෙලේ චීන නියෝජිත පිරිසක් ද සහභාගීවීමට නියමිතය.

පොලොන්නරුවේ ඇති ‍‍ඓතිහාසික නෙලුම් පොකුණේ ආකෘතියට අනුව ඉදිකරන ලද මෙම කලාගාරය ජෝන් ද සිල්වා සමරු රඟහල, කලා භවන ජාතික කෞතුකාගාරය සෞන්දර්ය විශ්ව විද්‍යාලය අතර පිහිටි නොමෑඩ්ස් පිටියේ වර්ගමීටර් 21760 ක භූමි භාගයක ඉදිවී ඇත.ත්‍රස්තවාදයෙන් නිදහස් කරගන්නා ලද රට සංවර්ධනයේ මාර්ගයට පිවිසීමෙන් අනතුරුව රජය විසින් රටේ ජනතාවගේ කලා කුසලතාවයන් පෝෂණය කර ඔවුන්ගේ වින්දනීය රසඥතාවය වැඩි දියුණු කිරිමට ගන්නා ලද පියවරක් ලෙස මෙම නව රඟහල හැඳින්විය හැකි අතර ඒ සඳහා රුපියල් බිලියන 3.08 ක මුදලක් චීන රජය විසින් ආධාර වශයෙන් ලබාදී ඇත.

මෙම රඟහල නවීනතම අංගෝපාංග හා පහසුකම්වලින් සමන්විත වන අතර මෙහි ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයේ ආසන 1288 ක් ඇත. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන වේදිකාව කොටස් 4 කින් යුතුව ඉහළට හා පහළට චලනය කළ හැකි ආකාරයට නිම වී ඇති අතර මෙහි එකවර ප්‍රසංග හෝ නාට්‍ය 3 ක් රඟ දැක්විය හැකිවන පරිදි ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයට අමතරව තවත් ප්‍රේක්‍ෂකාගාර 2 ක් මෙහි පවතී. වාහන 500 ක් නවතා තැබිය හැකි වාහන අංගනයක් ද ඇතුලත් නෙලුම් පොකුණ රගහල පුහුණුවීම් ශාලාවක් හා පුස්ථකාලයකින්ද සමන්විතය.






 
Related Posts with Thumbnails