Ads 468x60px

.

ගයේෂා පෙරේරාගේ නිරූපණ පාසල

පාඨමාලාව මාස හතරක කාලයකට...
සම්පූර්ණ කරන 20 දෙනෙකුට ශිෂ්‍යත්වයක්...

රූප සුන්දරියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වූ ගයේෂා පෙරේරා නිරූපණ පාසලක් ආරම්භ කිරීමට සැරසෙන බව වාර්තා වේ.  

මෙම පාසල හැකි ඉක්මනින් ආරම්භ කිරීමට ඇය සූදානම් වන බවත් පැවසෙන අතර එම නිරූපණ පාඨමාලාව මාස හතරක කාලයකට සීමා කිරීමටත් ඇය සැලැසුම්කර ඇතැයි පැවසේ.

ගයේෂාගේ පාඨමාලාව සම්පූර්ණ කරන 20 දෙනෙකුට ඇය ශිෂ්‍යත්වයක් ලබාදීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.


මෙම ශිෂ්‍යත්වය යටතේ රූපලාවන්‍ය පිළිබඳ ප‍්‍රවීනයන් යටතේ වැඩිදුර අධ්‍යාපනයක් ලබාදීම ගයේෂාගේ අරමුණ බවද පැවසේ.දූලි පින්තාරු ටෙලියේ ‘ලීසා’ගේ චරිතය හරහා මේ දිනවල පේ‍්‍රක්‍ෂකයන් අතර වඩාත් ජනපි‍්‍රයත්වයට පත්ව සිටින ගයේෂාට සුනෙත් මාලිංගගේ නවතම ටෙලියටත් ආරාධනා ලැබී ඇතැයි වාර්තා වේ.

ගයේෂා පෙරේරා 2006 වසරේ ශ‍්‍රී ලංකාවේ රූප රාජිණිය බවට පත් වූවාය.වසර 2009 දී චීනයේ ශැංහයි නුවර පැවැති සංචාරක රූ රැුුජිණ තරගය සඳහා ද එක්වූ ඇය, එම තරගයේදී රටවල් 120 ක් සුරූපිණියන් අභිබවා මිස් ටැලන්ට් නාමය හිමිකර ගැනීමට සමත් වූවාය.

එසේම ඈ මෙගා ස්ටාර් හරහා ගායන ක්ෂේත‍්‍රයේද දස්කම් දැක්වීමට සමත් වූ අතර, ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තරගය හරහා නර්තනයෙන්ද දස්කම් වීය.
 
Related Posts with Thumbnails