Ads 468x60px

.

පෙම් යුවළකට පෙම් සුව විඳීමට පාසල් මුර කුටිය දීලා

මුරකරුවාට මුරකිරීම අමතක වෙයි..
රුපියල් 50 කුත් අයකරගෙන...


දැරණියගල නගරයේ ප්‍රධාන පාසලක අනියම් මුර සේවයේ යෙදී සිටින මුරකරුවකු මුරකිරීම පසෙකලා තරුණ පෙම් යුවළකට පෙම් සුව විඳීමට මුර කුටිය භාර දීමේ සිද්ධියක්‌ නිසා පොලිසිය මගින් මුරකරු අත්අඩංගුවට ගෙන තරයේ අවවාද කර මුදාහැර ඇත.

පසුගිය 18 වැනිදා (ඉරිදා) ඇඟලුම් කම්හලක සේවය කරන තරුණ යුවළක්‌ මෙම මුර කුටියට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් රුපියල් 50 ක මුදලක්‌ ලබාගෙන මුරකුටියෙන් බැහැරවී සිටින අවස්‌ථාවේ දහම් පාසල් ගිය දරුවකු රැගෙන එන අයෙක්‌ මෙම සිදුවීම දැක අසල්වැසියන්ටද සැලකොට සියලු දෙනා පොලිස්‌ අත්අඩංගුවට පත්කොට ඇත.



මෙවැනි සිදුවීමක්‌ සැලවුණ පළමු අවස්‌ථාව මෙය නොවන බවත්, මීට පෙර අවස්‌ථා කිහිපයකදීම මෙම මුරකරු විසින් මෙවැනි නොමනා ක්‍රියා සඳහා පාසල් මුරකුටිය යොදාගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

අනියම් පදනම මත සේවය කරන මෙම මුරකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙවැනි නොමනා ක්‍රියා සඳහා පාසල් මුරකුටිය යොදා ගැනීම බරපතළ වරදක්‌ බවත් එහි සේවයේ නියුතු අනෙක්‌ මුරකරුවන්ටද බරපතළ හානියක්‌ වන බව පහදා දී තරයේ අවවාදකොට මුරකරු මුදාහැර ඇත.

එහෙත් මේ සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ මෙවැනි අකටයුතු ක්‍රියා සඳහා පාසල් මුරකුටිය යොදා ගැනීම හෝ පාසලේ ස්‌ථානයන් හෝ වෙනත් ගොඩනැඟිල්ලක්‌ යොදා ගැනීම බරපතළ වරදක්‌ බැවින් ඊට කිසිසේත් ඉඩ දිය නොහැකි අතර ඒ පිළිබඳ වහාම විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉහළ අධ්‍යාපන බලධාරීන්ට දන්වා සිටින බවයි. 
 
Related Posts with Thumbnails