Ads 468x60px

.

ඊළඟ වේල ගැන හිතමින් ආහාර අනුභව කරන බොලිවුඩි නිළිය


මගේ මුළු ජීවිතේම රැඳිලා තියෙන්නෙ කෑම, බීම මතයි... 
දවල්ට කෑවට පස්සෙ ? රෑ කෑම ගැනයි ඊළඟට හිතන්නේ...
  

බොලිවුඩි නිළි සෝනම් කපූර්, නියම වෙලාවට, වරද්දන්නේ නැතිව කෑම බීම ගන්නා කෙනෙකු ලෙස ප‍්‍රසිද්ධය.


ඇය නිතරම  තමන්ගේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම ප‍්‍රධාන තැනක් දෙන්නේ ආහාරවලට බව පැවසේ.



මගේ මුළු ජීවිතේම රැඳිලා තියෙන්නෙ කෑම, බීම අනුවයි. මම හැමදාම උදේ කෑම ගත්තට පස්සෙ ඊළඟට කල්පනා කරන්නෙ දවල්ට කෑම කන්නෙ කොහොමද කියලයි. දවල්ට කෑවට පස්සෙ ? රෑ කෑම ගැනයි ඊළඟට හිතන්නේ සෝනම් මේ අයුරින් කතාකළේ පසුගියදා අන්ධේරි ප‍්‍රදේශයේ පැවැති කලා සහ විනෝදාත්මක කටයුතු පිළිබඳ උත්සවයකදීය.


ඇය තවදුරටත් පවසා ඇත්තේ තමන් මෙන්ම සෙසු අයත් හොඳින් ආහාරගෙන නිරෝගිමත්ව ජීවත්වෙනවා දකින්නට තමන් කැමැති බවයි.


සෝනම්, මීට වසර කිහිපයකට පෙර ‘‘සාවරියා’’ චිත‍්‍රපටයේ මුලින්ම රඟපෑ අතර ඊට සමිබන්ධ වීමට පෙර ඇය කෑම බීම පාලනයක් කළ බවද පැවසේ.


චිත‍්‍රපටය රූපගත කරන්නට කලින් ඇය වෙතින් මඳ තරබාරු ගතියක් මතුවීමයි එයට හේතුවී ඇත.


ඊළඟ වේල ගැන හිතමින් ආහාර අනුභව කරන ඇය එසේ තරබාරු නොවුණා නම් පුදුමක් බව ඇගේ සමීපතමයන්ගේ අදහසයි.
 
Related Posts with Thumbnails