Ads 468x60px

.

ජාතික හැඳුනුම්පත එක දවසකින් දැන් පෝලිමේ ඉන්න ඕනේ නෑ


පැමිණි පිළිවෙළට ඩිජිටල් අංක ක්‍රමයක්..
ඉදිරියේදී ඩිජිටල් හැඳුනුම්පතකුත්... 



පෝලිමේ නොමැතිව  එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ නව ලියාපදිංචි තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


” ඉදිරි සතිය තුළ එක්දින සේවාව අපි අලුත් ගොඩනැගිල්ලකට අරගෙන යනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලය දැනට පිහිටි ජාවත්තේ ගොඩනැගිල්ලට යාබදව ඇති ස්ථානයකටයි ඒ. 



එතැනට එක්දින සේවාව රැගෙන යාමත් සමග ‍පෝලිම්වල තෙරපෙන්නෙ නැතිව ඩිජිටල් අංක ක්‍රමයක් යටතේ පැමිණි පිළිවෙළට එක්දින සේවාව යටතේ අයැදුම්පත් බාර ගැනීමටත්, හැඳුනුම්පත් නිකුත් කිරීමටත් ක්‍රමවේදයක් අපි සකස් කර තිබෙනවා. ඒ තුළින් කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබාදීමට හැකිවෙනවා” යයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජගත් විජේවීර මහතා සඳහන් කළේය.


මේ වන විට මෙරට සෑම පුද්ගලයෙකුගේම ජාතික හැඳුනුම්පත් තොරතුරු පරිගණක ගතකර ඇති බවත්, ඉදිරියේදී ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත්  කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකෙරෙමින් තිබෙන බවත් ඔහු  අනාවරණය කළේය.
 
Related Posts with Thumbnails