Ads 468x60px

.

උමාලි - සාරංග හාදකම ඉවරයිද ..?


උමාලි කලක් සාරංගගෙන් ඈත්ව සිටීම ලොකුම  හේතුවද...? 
උමාලි සාරංගගේ ඥාති සොයුරියක් ලු.. 



සිනමා, ටෙලි නළුවෙක් හා නිවේදකයෙක් වන සාරංග දිසාසේකරගේ හා නැගී එන නිළියක්, නර්තන ශිල්පිනියක් හා ගායිකාවක් වන ඉරුදිනි උමාලි තිලකරත්න සමග තිබූ හාදකම අවසන්ව ඇතැයි වාර්තා වේ.


උමාලි, මේවන විට ජපානයේ උසස් අධ්‍යාපනය ලබන බැවින් ඇය කලක් සාරංගගෙන් ඈත්ව සිටීම එම හාදකම බිඳවැටීමට හේතුවී ඇතැයි පැවසේ.


කෙසේවුවද සාරංග පසුගිය කාලයේ දිගින් දිගටම මාධ්‍යට පවසනු ලැබුවේ සාරංගගේ හා උමාලිගේ විවාහයට තවත් වසර තුනහතරක් ගතවනු ඇති බවයි.



උමාලි සාරංගගේ ඥාති සොයුරියක් බවත් පැවසේ.ඇගේ පවුලේ ව්‍යාපාරය රාජගිරිය ආසන්නයේ ස්ථානයක තිබෙන බවත්, වාර්තා වේ.
උමාලි මුලින්ම රිදී තිරයට පිවිසියේ ‘රෝස වසන්තය’ චිත‍්‍රපටය තුළිනි.
රෝස වසන්තයෙහි චරිතමවන විට ඇයට වයස අවුරුදු 14 කි.


පසුව ඈ ‘මදර් තෙරේසා කල්කටා’ චිත‍්‍රපටයේ මෑගී යන චරිතයට ද පණපොවනු ලැබුවාය.එය ඉතාලි ජාතිකයකු විසින් නිෂ්පාදනය කරනු ලැබූවකි.ඇය උදයකාන්ත වර්ණසූරියගේ ‘ආසයි මං පියාඹන්න’ චිත‍්‍රපටයේිපබළු’ ලෙස ද රගපෑවාය.


උමාලිගේ පළමු ටෙලි නාට්‍යය වූයේ ‘සෙනෙහසේ ගීතය’යි.සාරංග, ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප‍්‍රවීණ නිවේදිකාවක වූ තිලකා රණසිංහ සහ ප‍්‍රවීණ ගායක නාරද දිසාසේකරයන්ගේ එකම පුතණුවන්ය.ප‍්‍රවීන නළු ඩග්ලස් රණසිංහ සාරංගගේ මාමාය.
 
Related Posts with Thumbnails