Ads 468x60px

.

රයිගම් ටෙලීස් අතුල සමිතා ගැයූ “ආලෙන් වෙළා ගන්න” ගීතය

අතුලගෙන් සමිතාගේ පිටට සුරතල් තට්ටුවක්...

පසුගිය දිනයන් හි ‍ගොසිප් ‍පුවත් මැවු ජනප්‍රිය තරු යුගලක් වු අතුල සමිතා රයිගම් ටෙලීස් සම්මාන ප්‍රදානෝත්සවයේ දී “ආලෙන් වෙළා ගන්න” ගීතය ගායනා කර ඇත.
ඉකුත් සති අන්තයේ සිකුරාදා වෝටර්ස් එජ් හෝටලයේ රයිගම් ටෙලීස් සම්මාන ප්‍ර‍දානෝත්සව පැවැත්වූ අතර දොනෝදාහක් ඉදිරියේ ප්‍රසිද්ධියේ එකම වේදිකාවේ  ඔවුන් දෙදෙනා මේ ගීතය ගායනා කර ඇත. පසුගිය කාලයේ මෙම තරු යුගල දික්කසාද වී ඇති බවට කටකතා පැතිර ගිය නමුත් තවමත් එහි සත්‍ය අසත්‍ය දැනගන්නට ලැබී නැත.

මෙම අවස්ථාවේ දී ගීතයට අදාළ මනරම් රැගුමක් ඉදිරිපත් කෙරුණද  සියළු දෙනාගේම නෙත් රැදු‍ණේ අතුල සමිතා යුවල වෙතයි. දෙපැත්තෙන් වේදිකාවට පැමිණ දෙපැත්තට වී ගීතය ගායනා කොට අවසානයේදි අතුල සමිතා ලගට පැමිණ පොඩි කෝළමක් කල නමුත් සමිතාගෙන් එයට ලොකු ප්‍රතිචාරයක් ලැබී නැත. ගීතය අවසන් වු පසු අතුල වේදිකාවේ අනෙක් පසින් බැස ගියේ සමිතාගේ පිටට සුරතල් ලෙස තට්ටුවක් ද දමමිනි.








 
Related Posts with Thumbnails