Ads 468x60px

.

පරගොඩ රජ මහා විහාරයේ උදිත හිමිනමගේ සිරුර අභිරහස්‌ ලෙස අඹ ගසක එල්ලලා

ජංගම දුරකථනයත් අඹගහේ එල්ලලා...

ඉමදුව ඓතිහාසික පරගොඩ රජ මහා විහාරවාසී හිමි නමගේ මළසිරුර අභිරහස්‌ ලෙස විහාරස්‌ථානයේ ධර්ම ශාලාවේ ඉදිරිපිට අඹ ගසක එල්ලෙමින් තිබියදී ඊයේ 18දා පෙරවරුවේ හමු වී තිබේ.
සිද්ධියෙන් අපවත් වී ඇත්තේ විහාරයේ වැඩ සිටි කන්දකැටියේ උදිත (24) නමැති තරුණ හිමිනමකි.අභිරහස්‌ ලෙස අඹ ගසක එල්ලී තිබුණු උදිත හිමියන්ගේ දේහය අසල උන්වහන්සේගේ ජංගම දුරකථනයද එල්ලෙමින් තිබෙනු දක්‌නට ලැබුණි.

අනුරාධපුර යුගයට අයත් පූජා භූමියක්‌ ලෙස සැලකෙන පරගොඩ රජ මහා විහාරයේ බුදු මැදුරෙහි වැඩ සිටි පිළිම වහන්සේගේ සිරස පසුගිය ජනවාරි මස විසිනව වැනිදා බිඳ නිදන් කොල්ලකනු ලැබූ අතර උදිත හිමියන් ඒ පිළිබඳව සිත් තැවුලින් සිටි බවද පැවසේ.

විහාරස්‌ථානයේ විහාරාධිපති දේවාලේහිඳ අජිත හිමියන්ගේ ගිහිකල ඥාති පුත්‍රයකු වන කන්ද කැටියේ උදිත හිමියන් වයස අවුරුදු පහේදී පමණ පැවිදි වී ඇති බැව් ප්‍රදේශවාසී දායකයෙක්‌ අප සමග පැවසීය.

විහාරස්‌ථානයේ පසුගිය වෙසක්‌ උත්සවය පැවැත්වීමටද උදිත හිමියෝ විශාල වෙහෙසක්‌ දැරූ බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙම හිමියන් සියදිවි නසාගැනීමකින් අපවත් වූවාද නැති නම් මෙය මනුෂ්‍ය ඝාතනයක්‌ ද යන්න මෙතෙක්‌ අනාවරණය වී නැත. ඊයේ 18 දා දහවල් මෙම මරණය පිළිබඳ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත් වීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ඒ. පී. ජී. වාස්‌ ගුණවර්ධන මහතාගේ හා සහකාර පොලිස්‌ අධිකාරී බන්දුල පී. පෙරේරා මහතාගේ උපදෙස්‌ පරිදි අහංගම පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. අයි. වෛද්‍යරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


 
Related Posts with Thumbnails