Ads 468x60px

.

මහා විනාශයක් සිදුකළ හැකි උල්කාපාත 6,200 ක් පෘථිවිය වටා සැරිසරයි

පෘථිවිය අවදානමක...

පෘථිවි වායුගෝලය තුළ විනාශ නොවී පැවතිය හැකි මෙන්ම ඕනෑම මොහොතක මහ පොලවේ විනාශයක් සිදුකළ හැකි හානිකර උල්කාපාත 6,200 ක් පමණ පෘථිවිය වටා සැරිසරන බව ඇමරිකානු නාසා ආයතනය පවසයි.

පෘථිවියේ සිට සැතපුම් මිලියන 05 ක් දුර පවතින උල්කාවන් ගවේෂණයට ලක් කරන අඟල් දහසයේ කාච සහිත නාසා ආයතනයේ වයිස් දුරේක්ෂය මගින් ලබා ගත් පෘථිවිය වටා පවතින හානිකර උල්කාවන් සහිත ඡයාරූපයක් ද නාසා ආයතනය මගින් නිකුත් කර ඇතිර මහ පොලවේ ගැටුනහොත් එම උල්කා මගින් මහා පරිමාණ හානි සිදුකළ හැකි බව නාසා විද්‍යාඥයන්ගේ අදහසයි.

මීටර් 100 කට වඩා දිග පළළ උල්කාවන් පෘථිවියේ ගැටීමෙන් හානියක් සිදුකළ හැකි බව විශ්වාස කරන නාසා ආයතනය පෘථිවිය වටා සැරිසරන මෙවැනි හානිකර උල්කාපාත පිළිබඳව පෘථිවි වාසීන් කලබලයට පත්නොවිය යුතු බවද කියා සිටී.

කෙසේ වෙතත් උල්කා මගින් අනාගතයේ ඇතිවිය හැකි ආපදාවලට පෘථිවි වාසීන් සූදානම් විය යුතු බව ඔවුන් අවධාරණය කරයි.
 
Related Posts with Thumbnails