Ads 468x60px

.

විභූතිරත්නට මුළු රටම ගෞරව කරද්දී රයිගම් ටෙලිය ඔහුව කැපුවේ ඇයි..?

ඔහුට සම්මාන උළෙලට ආරාධනයක් නෑ...

පසුගියදා පැවති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ ස්වයංජාත ටෙලි නාට්‍ය ප‍්‍රධාන සම්මාන අටක් ඇතුළුව සම්මාන එකොළහක් හිමි කරගත්තේය.


වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය, ටෙලිනාට්‍ය සංගිත අධ්‍යක්ෂණය, ටෙලිනාට්‍ය ගීත රචනය, ගීත ගායකයා, ගායිකාව, ටෙලිනාට්‍ය අංග රචනය, ටෙලිනාට්‍ය සහය නළුවා, විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය. ජූරියේ (කුසලතා) සම්මාන සහ එහි කුඩා විභූතිරත්න ලෙස රගපෑ තීෂූන පෙරේරාටද ජූරිය මගින් පිරිනමනු ලැබූ සහතික පත‍්‍රයක් හිමිවිය.

එදින සම්මාන උළෙලේදී ස්වයංජාත ටෙලිනාට්‍ය ප‍්‍රශස්ත ගනයේ ටෙලිනාට්‍යයක් ලෙස සම්මාන දිනා ගනිද්දී එම නාට්‍යයේ විභූතිරත්න ලෙස ප‍්‍රධාන භූමිකාව රඟපෑ ජගත් චමිලට සම්මානයක් හිමි නොවීම සහෘද පේ‍්‍රක්ෂකයන්ට මහත් ගැටලූවක් විය. එසේම ඔහුට මෙම සම්මාන උළෙලට ආරාධනයක්ද නොලැබුණ බව පැවසේ.

මෙය රයිගම් ටෙලි උළෙලේ තීරණයක් වුවද එම නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සුදත් රෝහණගෙන් විමසීමක් කිරීමේදී ඔහු පවසා සිටියේ ඒ පිළිබඳව කතා කිරීම ප‍්‍රතික්ෂේප කරන බවයි.

ස්වයංජාත මේ තරම් සම්මාන ලබා ගනිද්දී, විභූතිරත්නගේ චරිතයට පනපෙවූ ජගත් චමිල අඩුම වශයෙන් එහි හොඳම නළුවා ලෙස නිර්දේශ වූයේ නම් ඒ පිළිබඳව සතුටු වන බව ඔහු පැවසීය.පේ‍්‍රක්ෂකයෝ, කලාකරුවෝ ඇතුලූ සමස්තය ගන්නා තීරණයට වඩා විනිශ්චය මණ්ඩලය ගනු ලබන තීරණය වෙනස් විය හැකි බව පවසන සුදත් රෝහණ මෙහිදී සම්මාන ලබාගත් පිරිස පිළිබඳව විවාදයක් නොමැති බවද පැවසීය.

මෙරට පවතින ප‍්‍රධාන ටෙලි සම්මාන උළෙලවල් හතර සිව් ආකාරයක් ගන්නා බව පවසන ඔහු එය දරුවන් හතරකට උපමා කරයි. කෙනෙක් මුරණ්ඩු වනවිට තවත් කෙනෙක් කීකරු විය හැකි අතර ඒ කිසිවක් ස්ථීර නොවන බව ඔහු පවසයි.

ජගත් චමිල හෙවත් විභූතිරත්න උදෙසා රටම ගෞරව පුදකරද්දී රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ඔහු නිවුනු තරුවක් වීම පිළිබඳව ඔහුගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ ඒ පිළිබඳව තමන්ටද කීමට දෙයක් නොමැති බවයි.
 
Related Posts with Thumbnails