Ads 468x60px

.

යුරේනි නොෂිකා බොලිවුඩ් සිනමා පටකයක

ඇය ලබන ජුනි මාසයේදී ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතයි...

ජනපි‍්‍රය ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක්, ගුවන් සේවිකාවක් හා නිවේදිකාවක් වන යුරේනි නොෂිකා බොලිවුඩ් සිනමා පටකයක රගපෑමට සූදානම් වන බව වාර්තා වේ.



ඇය මෙම බොලිවුඩ් සිනමා පටයේ රගපෑම සඳහා ලබන ජුනි මාසයේදී ඉන්දියාව බලා පිටත්වයාමට නියමිත බවද පැවසේ.

කෙසේවුවද යුරේනි මීට පෙරද ඉන්දියාවට ගොස් සිටි අතර ඇය බොම්බායේ වසර දෙකකට ආසන්න කාලයක් ජීවත්වූ බවද පැවසේ.
එහිදී ඇය නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කළ අතර බොලිවුඩ් සුපිරි නළු ජෝන් ඒබ‍්‍රාහිම් සමග ඈ පිලිප්ස් සමාගමේ වෙළෙඳ දන්වීමකට ද එහිදී පෙනී සිටියාය.

එම දැන්වීමට අම්රිතා රාවෝ ද පෙනී සිටියාය.නොෂිකාට රන්බීර් කපූර්ගේ කළමනාකාරිත්වයෙන් යුත් වෙළෙඳ දැන්වීම් ආයතනයක නිරූපිකාවක් ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබීම නිසා මෙම වෙළඳ දැන්වීමට පෙනී සිටීමෙ අවස්ථාව ලැබුණු බව පැවසේ.

මේ අතර, එකල ඇයට බොලිවුඩ් චිත‍්‍රපට තුනක උප ප‍්‍රධාන චරිත සඳහා ආරාධනා ලැබුණු බවද වාර්තා වේ.කිඳුරංගනා ටෙලිනාට්‍යයේ සංජුගේ චරිතයට පණ පොවමින් පේ‍්‍රක්ෂකයා අතර ජනපි‍්‍රයත්වයට පත්වූ යුරේනි නීතිඥවරියෙකු වීමේ අපේක්ෂාවෙන් නීතිය හදාරා තිබේ.

කිඳුරංගනා ටෙලියෙන් පසුව, අයාල්, සඳ සාක්ෂි, පිංගල දනව්ව ටෙලිනාට්‍යවලද යුරේනි රඟපෑවාය.මීට අමතරව ඇය තිසර ඉඹුලානගේ නිනෝ ලයිව් හා  දිනේෂ් ප‍්‍රියසාද්ගේ ඇද්ද ලණුව දැම්ම කොඩිය යන චිත‍්‍රපට සඳහා ද රංගනයෙන් දායක වූවාය.‘සිරස ඩාන්සින් ස්ටාර්ස්’ වැඩසටහන තුළින් ඇය සිය නර්තන කුසලතාවයන් ද ඉදිරිපත් කළාය.

 
Related Posts with Thumbnails