Ads 468x60px

.

ෆොන්සේකා මහතාට අද නිදහස

 UPDATES - 19 May 6.00 am
යුද විජයග්‍රහණයේ සැමරුමත් අදයි...
 
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීමට අදාළ ලිපි ලේඛනවලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (19 දා) අත්සන් තැබීමට නියමිතය.

ඒ අනුව යුද විජයග්‍රහණයේ සැමරුම යෙදෙන අද (19 දා) ෆොන්සේකා මහතා නිදහස ලබන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ඊයේ (18 දා) සඳහන් කළේය.


UPDATES - 18 May 3.00 pm
ලක්‍ෂ දහයේ මුදල් ඇපය තැබීමට ඥාති මිත‍‍්‍රාදීන් අතර පොරයක්

අධිකරණයේදි ෆොන්සේකාට ආර්ථික අපහසුතා ඇති බව පැවසීමත් සමග මේ උනන්දුව උත්සන්න වෙයි ...

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට රුපියල ලක්‍ෂ දහයේ මුදල් ඇපය තැබීමට ඔහුගේ ආධාර කරුවන් හා ඥාති මිත‍‍්‍රාදීන් පොරකමින් සිටින බව වාර්තා වේ.ෆොන්සේකාට ආර්ථික අපහසුතා ති බවට ජ්‍යෙෂ්ඨ නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණයේදි පැවසීමත් සමග මේ උනන්දුව තිවී අතැයි පැවසේ.
මේ අතර, අද ෆොන්සේකා වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් අළුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්ද පවත්වනු ලැබීය.


ෆොන්සේකා මහතාට රුපියල් 25,000 බැගින් ශරීර ඇප තැබීමට තිලකා හා සංජීව ඉදිරිපත් වේ...

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට රුපියල් 25,000 බැගින් වන ශරීර ඇප දෙක  මීට සුළු මොහොතකට පෙර තැන්පත් කළ බව වාර්තා වේ.

තිලකා චාන්දනී මුණසිංහ මහත්මිය හා පරණ ලියනගේ දොන් සංජීව කුමාර මහතා ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප තබා ඇතැයි පැවසේ.

දැනට නවලෝක රොහලේ හයිඒ’ වාට්ටුවේ නේවාසිකව ප‍‍්‍රතිකාර ලබමින් සිටින ෆොන්සේකා මහතාගෙන් ඇප සම්බන්ධයෙන් අත්සන් ගැනීමට කොළඹ ප‍‍්‍රධාන රෙජිස්ටාර්වරයා නවලෝක රෝහලවෙත යාමට සූදානම් වන බවද මේ අතර වාර්තා වේ.




ෆොන්සේකා මහතාට රුපියල් ලක්‍ෂ 10 ක මුදල් ඇපයක් මුදල් ගෙවීම පිලිබඳ අපහසුතාවයක්....

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ආර්ථික අපහසුතා ඇති බව ජ්‍යෙෂ්ඨ නීතීඥ සාලිය පීරිස් මහතා අද (18) මහාධිකරණයට දැනුම් දුන්නේය. 

ඒ මහතා, මෙම දැනුම්දීම කරනු ලැබුවේ ෆොන්සේකා මහාතා හා ඒ මහතාගේ ලේකම් යුද හමුදාවේ විශ‍්‍රාමික කපිතාන්වරයෙකු වන සේනක ද සිල්වා මහතාට එරෙහිව මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව ෆොන්සේකා මහතාට රුපියල් ලක්‍ෂ 10 ක මුදල් ඇපයක් තැබීමට මහාධිකරණය නියම කිරීමෙන් පසුවය.

සාලිය පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට කියා සිටියේ ෆොන්සේකා මහතාට මේ අවස්ථාවේදී ලක්‍ෂ 10ක් වැනි මුදලක් ගෙවීමේ අපහසුතාවයක් ඇති බවයි. කෙසෙවූවද මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා මෙවැනි නඩුවක් සම්බන්ධයෙන් ඇපදීමේදී ඊට වඩා ඇපයක් නියම කළ නොහැකි බව අවධාරණය කළේය.

පසුගිය කාලයේදි දිගින් දිගටම ෆොන්සේකා මහතාට ඇපදීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින සොලිස්ටර් ජනරාල් බුවනෙක අළු විහාරේ මහතා අද ඔහුට ඇප ලබාදීමට විරුද්ධත්වයක් නොදැක්වීය.

ෆොන්සේකා මහතා මේ නඩුව සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත්වූයේ 2010 වසරේ සැප්තැම්බර් මාසයේදී වන අතර ඔහු මාස 19 කට ආසන්න කාලයක් රිමාන්ඞ් භාරයේ පසුවිය.

මේ අතර, ෆොන්සේකාට විදෙස්ගතවීම තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකට හා ගුවන් තොටුපාල අධිකාරීවරයාට වහාම දන්වන ලෙසද කොළඹ මහාධිකරණ රෙජිස්ටාර්වරයාට දැන්වීය. 

හමුදාවෙන් පැන ගිය සෙබළුන් 10 දෙනෙකුට නවාතැන් හා වැටුප් ලබා දී ඔවුන් රාජපාක්ෂික භාවයෙන් ඉවත් කිරීම යන චෝදනාව යටතේ ෆොන්සේකාට හා සේනකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩු පවරා තිබිණි.
 
Related Posts with Thumbnails