Ads 468x60px

.

ඔය වැඩේ කළේ කවුද කියල මං දන්නවා - නයනා කුමාරි

මේ වගේ ඉතාම නින්දිත චෝදනා එල්ල කරමින් මට මඩ ගහන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ....

ජනපි‍්‍රය රංගන ශිල්පිනියක වන නයනා කුමාරි රංගනයෙන් දායක වූ නවතම ටෙලි වෘත්තාන්තය ‘යශෝධරා’ තව නොබෝ දිනකින් විකාශය වීමට නියමිත බව අපිට දැනගන්නට ලැබුණා.

එහි දි ඇය දරුවන් හත් දෙනෙකුගේ මවක ගේ චරිතයක් නිරූපණය කිරීමට නියමිතයි. ඒ වගේ ම ‘සඳ එළිය’ නමින් නවතම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීමටත් ඇය සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳවත් ඇගේ නවතම තොරතුරු පිළිබඳවත් අපි ඇගේ තොරතුරු සොයා බැලුවා.

”මේ දවස්වල මගේ කාලය වැඩි වශයෙන් ගතවෙන්නේ මගේ රූපලාවණ්‍යාගාරයේ කටයුතු වගේම කලා කටයුතු වෙනුවෙනුයි. ඒ වගේම මේ දවස්වල මං ගැන ඉතාම කනගාටුදායක අසත්‍ය පුවතක් එක්තරා වෙබ් අඩවියක පළකරලා තිබුණා වෛද්‍යවරයකු හමුවෙන්න හොරෙන් ගිය ගමනක් ගැන.

මගේ නම කැත කරන්නයි අසත්‍ය පුවතක් නිර්මාණය කර පළ කර තිබෙන්නෙ. මේ වගේ ඉතාම නින්දිත චෝදනා එල්ල කරමින් මට මඩ ගහන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ.

මම හොඳින් ම දන්නවා මේ වැඩේ කරන්නේ කවුද කියලා. මාත් එක්ක තියෙන තරහට, මගේ දියුණුව, හැකියාව දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. මේ වගේ පහත් වැඩවලට මම දුක්වෙන්නෙත් නැහැ.

පසුබට වෙන්නෙත් නැහැ. ඒ වගේ ම මට කතා කරපු මාධ්‍යවේදිනියකට මට ‘මැඩම්’ කියන්න කිව්ව බවකුත් මේ වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වෙනවා. ඇත්තටම මේ වගේ බොරු මේ අය කොහොම ගොතනවද කියල මට නම් හිතාගන්න බැහැ.”
 
Related Posts with Thumbnails