Ads 468x60px

.

පුෂ්පිකාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය පුරාම

එවැනි නිළියකට හේමමාලා කුමරියගේ චරිතය දීම බෞද්ධ ආගමට අගෞරවයක්...

සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතය රගපෑමට ආරාධනා ලැබ සිටි 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා එම චරිතයෙන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.

 මහින්දාගමනය අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදක දායකත්වය සපයන එක් පාර්ශවයක් වන අකරවිට සංඝානන්ද හිමියන්ගේ විරෝධතාවක් මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.

එහිමියෝ පෙන්වාදී ඇත්තේ පුෂ්පිකාගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලය පුරාම විසිරී ඇති බැවින් එවැනි නිළියකට හේමමාලා කුමරියගේ චරිතය දීම බෞද්ධ ආගමට අගෞරවයක් බවයි.
මෙම සිනමා සිත්තමේ මුහුරත් උළෙල කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරයේදී පසුගිය දා සිදු කෙරුණි.

කෙසේවුවද මෙම මුහුරත් උළෙල පවත්වනු ලැබුවේ එම චිත‍්‍රපටයට අවශ්‍ය ප‍්‍රධාන නළුවා නොමැතිව වීම ක්ෂේත‍්‍රයේ හාස්‍යට ලක් විය.
එසේම මේවන විට මෙම සිනමාපටයට එක්වන බවට පූර්ව ප්‍රචාර ලබාදුන් බොහෝ ශිල්පීන්ද මින් ඉවත්වී ඇතැයි ද වාර්තා වේ.

මාව සිරි දළදා ගමනයෙන් ඉවත් කර නැහැ – පුෂ්පිකා

තමා ‘සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයෙන් ඉවත්කර නැතැයි 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා මෙනවිය කියයි.දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඇය මේ බව කියා සිටියේය.

එසේම එහි අධ්‍යක්‍ෂවරයා හෝ නිෂ්පාදකවරුන් ද තමා ඉවත් කළ බවක් මෙතෙක් දන්වා නැතැයිද ඇය පැවසුවාය.මේ අතර, එම චිත‍්‍රපටයේ විධායක නිෂ්පාදක නිහාල් සංජය මහතාද දුරකථන ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ, පුෂ්පිකා ‘සිරිදළදා ගමනය’ චිත‍්‍රපටයේ රඟපෑම සම්බන්ධයෙන් විරෝධතාවක් මතුව ඇති බවත් මේවන විට එය සාකච්ඡා මට්ටමින් විසඳා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.

කෙසේවුද එය විසඳ ගත නොහැකි තත්ත්වයක් මතුවුවහොත් වෙනත් විකල්ප කි‍්‍රයාමාර්ගයකට යාමට සිදු වන බවද ඔහු අවධාරණය කර සිටියේය.

කර්තෘ සටහන :
කෙසේවුවද මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදක දායකත්වය සපයන එක් පාර්ශවයක් වන අකරවිට සංඝානන්ද හිමියන්ගේ විරෝධතාවක් මත පුෂ්පිකා ‘හේමාලා කුමරියගේ’ චරිතයෙන් ඉවත් කිරීමට තීරය කර ඇති බව වාර්තා වේ.

 
Related Posts with Thumbnails