Ads 468x60px

.

අපිට දෑනටමත් සර් කියල තියෙන්නෙ එකිට මොකක්ද කරන්න ඕනි කියලා

අරකි ඕක ඉස්සරහට ගෙනියනවා. ඒකිත් එක්ක ලේසි වෙන්නෙ නැහැ...

පසුගියදා හිරුණිකා මැරීමට කොන්ත්‍රාත්තුවක් දී ඇති බව පුවත්පතක් මඟින් හෙළිකිරීමත් සමඟ ඇය විසින් ඒ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වා තිබුණා.

ඔබට මරණ තර්ජන තියනව කියන දෙයින් ඔබ අදහස් කරන්නෙ මොකක්ද?
ඉස්සර මරණ තර්ජන තිබුනා. නමුත් මේක සෘජුව ආපු මරණ තර්ජනයක් නෙවෙයි. එක් ඉරිදා පත්තරයක පලවුනා අපේ තාත්තාට මරණ තර්ජන තියනවා කියලා. වැලිකඩදි තත්තව මරන්න සෑලසුම කලා. 


තාත්තා ඒක ගණන් ගත්තෙ නැහැ. මාව මරන්න සැලසුම කරල තියන බව දෑනගත්තාට පස්සෙ පුවත්පතේ කර්තෘ කිව්වා මේක එළියට ආපු එක ඔයාගෙ වාසනාවක්, හොයලා බලන්න, අපිට ආපු තොරතුරු ගොඩක් ස්ථිරයි කියලා.

එතනදි මම දෑන ගත්තා අප්‍රේල් 15 වෙනිදා මධ්‍යසාර පාවිච්චි කරමින් සිටියදි මත ගෑටුමක් ඈතිවුනා කියලා. එක්කෙනෙක් කියලා තියනවා "අපේ සර්ට දෑන් සනීපයි, සර් ලගදීම ලංකවට එනවා. 


ආපු ගමන් ඉස්සරහට එන ඇමති සංශෝධනයෙදී සර්ට නියෝජ්‍ය ඇමතිකමක් ලෑබෙනවා. එතකොට මේ ප්‍රශ්නේ ෂේප් එකේ යට යනවා, අපිට කලබල වෙන්න දෙයක් නැහැ" කියලා.

තවත් කෙනෙක් කියල තියනවා "අරකි ඕක ඉස්සරහට ගෙනියනවා. ඒකිත් එක්ක ලේසි වෙන්නෙ නැහැ. ඒ නිසා උඹලගෙ සර්ට ගෑලව්ල්ලක් නෑහෑ" කියලා. එතකොට ආයෙ අර මනුස්සයා කියල තියනවා "එකී කොහොමද ඉස්සරහට ගෙනියන්නෙ. 


අපිට දෑනටමත් සර් කියල තියෙන්නෙ එකිට මොකක්ද කරන්න ඕනි කියලා. ලගදිම අපි එකිට ගහල දානවා. පුලුවන් ඉක්මනට ඒකී ඉවරයි" කියලා.

ඕක අහගෙන හිටපු කෙනෙක් පත්තරේට කතා කරලා හිරුණිකා සම්බන්ධයෙන් මේවගෙ කතාවක් උනා. මේක එලියට දාන්න කියලා තිබුනා.

ලක්ෂ 10කට 20කට වගේ ගානකට මගේ ජීව්තයට වටිනාකමක් දීලා තියෙන්නෙ. මට දුක මාව මරන්න ඉන්න එක නෙවේ. ලක්ෂ විස්සකට මගෙ ජීව්තයට වටිනකම දීපු එක ගැනයි. මිනිස් ජීවිතයක් මුදලකට සීමාවෙන එක කනගාටුදායක තත්වයක්.

නමුත් ඔබ කරන කටයුතුත් එක්ක ඇතැම් අය අමනාපවෙලා නේද ඉන්නේ?
ඉස්සර මම අහලා තියනවා ලමයින්ගේ තාත්තලා නැතිවුණා කියලා. එදා තාත්තා කෙනෙක් නැතිවුනහම මොකද වෙන්නේ කියලා මගේ ඔලුවට දැනුනට හදවතට දැනුනේ නැහැ. තමුන්ට දෙයක් වෙන්න ඕන කතා කරන්න.මාව මරන්න හදන, මට කෑගහන්න එපා කට වැඩියි, දඟලනවා වැඩියි කියන අයට තේරේවි තමන්ටම දෙයක් වුනාම.

මම අවුරුද්දේ අන්තිමටම මම කසාද බඳින්න හිටියේ. මම කසාද බඳින දවසට මාව පෝරුඅට ගෙනියන්න දැන් කෙනෙක් නැහැ. ඒවා ගැන හිතද්දී ඇත්තටම ගොඩාක් දුකයි මේ වෙන දේවල් ගැන.

මට ඒ අය ඇඟිල්ල දික් කරන්න කලින් ඒ අය හේරුම් ගන්න ඕනේ මම ඉන්න තත්ත්වය මොකක්ද කියලා.
 
Related Posts with Thumbnails