Ads 468x60px

.

ජනාධිපතිගේ බි‍්‍රතාන්‍ය දේශනය නැවතත් ගිලිහෙයි...

සමුළුවේ උදෑසන පරිච්ඡ්දය අවලංගු කරලා...
සන්ධ්‍යා පරිච්ඡේදයේ දේශනයට අවස්ථාවක් වෙන්කර නැතිලු...

බි‍්‍රතාන්‍යයේදී දේශනයක් පැවැත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ තවත් අවස්ථාවක් ගිලිහී ගොස් ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාතී‍්‍ර නිකුත් කළ නිවේදනය දැක්වුණේ,  පොදුරාජ්‍ය මණ්ඩලයීය ආර්ථික සම්මේලනය විසින් බි‍්‍රතාන්‍යයේදී සංවිධානය කෙරෙන ව්‍යාපාරික සමුළුව අමතමින්,  “ගෝලීය සෞභාග්‍යය සහ තිරසාර වර්ධනය සඳහා ධනවාදය හැඩ ගැස්වීම” යන මාතෘකාව යටතේ ජනාධිපතිවරයා අද උදෑසන  දේශනයක් පවත්වන බවයි.


බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් මහතාද  එම සැසියට සහභාගිවීමට නියමිතව සිටියේය.එහෙත්, එම සමුළුවේ උදෑසන පරිච්ඡ්දය අවලංගු කළ බව පොදුරාජ්‍ය මණ්ඩලයීය ආර්ථික සම්මේලනය නිවේදනය කර තිබේ. “තත්ත්වය ඉතා ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් අනතුරුව” මෙම තීරණයට එළැඹි බව එම නිවේදනයේ සදහන් වේ.

කෙසේ වුවද අද සවස් භාගයේ සහ පසුදා නියමිත වැඩ කටයුතු සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවද පොදු රාජ්‍ය මණ්ඩලයීය නිවේදනයේ සඳහන් වේ.

අද දිවා ආහාරයෙන් පසු සන්ධ්‍යා පරිච්ඡේදය ආරම්භ වීමට නියමිත එම සම්මේලනයේ  සංශෝධිත එම කාලසටහනෙහි ජනාධිපතිවරයාගේ දේශනයට අවස්ථාවක් වෙන්කර නොමැත.

එසේ කිරීමට හේතුව කුමක්දැයි නිශ්චිතව දක්වා නැතත්,  ජනාධිපතිවරයා යුද අපරාධ සිදු කළ බවට චෝදනා කොට ඔහුට  විරෝධය පළ කරමින් බි‍්‍රතාන්‍යයේ ඉකුත් දිනවල පැවැත් වූ උද්ඝෝෂණ ඊට හේතුව වන්නට ඇතැයි සැක කෙරේ.

එවැනි උද්ඝෝෂණ හේතුවෙන්,  බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සංගමය අමතමින් ඉකුත් 2010 වසරේදී දේශනයක් පැවැත්වීමට තිබූ අවස්ථාව ද ජනාධිපතිවරයාට අහිමිවිය.
 
Related Posts with Thumbnails