Ads 468x60px

.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බලන්න එපා - ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය

කොළඹ නාලන්දා විදුහලට සිකුරු සංක්‍රාන්තිය දිස් වූ අයුරු...
ලංකාවේ සම්මත වේලාවෙන් අලුයම 3.39.29 ආරම්භ වන අතර...
පෙ.ව. 10.21 ට පමණ අවසන් වේ....

අදට (6) යෙදී ඇති සිකුරු සංක්‍රාන්තිය උපයෝගී කර ගනිමින් පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ගණනය කිරීමට මොරටුව ආතර් සි ක්ලාක් ආයතනයේ අභ්‍යවකාශ යෙදවුම් අංශයේ විද්‍යඥන් කටයුතු යොදා ඇති අතර, මේවන විට ඒසදහා අවශ්‍ය උපකරණ ආතර් සි ක්ලාක් ආයතනයට ගෙන්වා ඇතැයි එහි තාරකා විද්‍යාව පිළිබද පර්යේෂණ විද්‍යඥ ඉන්දික මැදගංගොඩ මහතා පවසයි. 



2004 වර්ෂයේ සිකුරු සංක්‍රාන්තිය දිස් වූ අවස්ථාවේ ආතර් සි ක්ලාක් ආයතනයේ විද්‍යඥයෝ සොයාගත් දුර ප්‍රමාණය නිවැරදි  දුර ප්‍රමාණය හා සැසදීමේදී එය සියයට 99.7ක් නිවරදි විය.

එය වඩාත් නිවැරදි කර ගැනීම සදහා මෙවර සිකුරු සංක්‍රාන්තිය දිස්වන දිනයේදීද දුර ප්‍රමාණය ගණනය කිරීම් කරන බව පර්යේෂණ විද්‍යඥ ඉන්දික මැදගංගොඩ මහතා කියා සිටියි.

නවීන උපකරණ නොතිබුන සමයේ විද්‍යඥයින් පෘතුවිය සහ සුර්යයා අතර දුර ප්‍රමාණය සොයාගැනීම සදහා සිකුරු සංක්‍රාන්තිය උපයෝගී කර ගනු ලැබිය.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් නොබලන්න

ඉතා දුලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සුර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්‍රහයා ගමන් කිරීම හෙවත් ‘සිකුරු සංක්‍රාන්තිය’අද(06) ශ්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි බව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන  ජයරත්න මහතා පවසයි. 

සිකුරු ග්‍රහලෝකය පෘථිවියේ සිට බලන විට සූර්යයා ඉදිරියෙන් සූර්යයාගේ මුහුණත හරහා ගමන් කිරීම සිකුරු සංක්‍රාන්තිය ලෙස හඳුන්වන අතර මෙය ශතවර්ෂයකට දෙවරක්‌ පමණක්‌ සිදුවන විරල සිදුවීමකි. මෙම ශතවර්ෂයේ පළමු සිකුරු සංක්‍රාන්තිය 2004 වර්ෂයේ දී සිදු වූ අතර අවසන් සිකුරු සංක්‍රාන්තිය අද ( 06 ) දින සිදුවේ.
අද සිදුවන මෙම සිකුරු සංක්‍රාන්තියේ දී පෘථිවියේ සිට බලන විට සිකුරු ග්‍රහලෝකය සූර්යයාගේ උතුරු අර්ධගෝලයෙන් සූර්යයාගේ මුහුණත හරහා යැම නිරීක්‍ෂණය කළ හැක. මෙම සිකුරු සංක්‍රාන්තිය ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් අලුයම 3.39.29 ආරම්භ වන අතර ඒ වන විට ශ්‍රී ලංකාවට ඉර උදා වී නොමැති නිසා එම ආරම්භක අවස්‌ථාව අපට දැක බලා ගැනීමට හැකියාව නොලැබේ. 

එදින ශ්‍රී ලංකාවට සූර්යයා උදාවීම සිදුවන්නේ ආසන්න වශයෙන් පෙ.ව. 5.54 ට පමණ ය. ඒ වන විට සිකුරු ග්‍රහලෝකය සම්පූර්ණයෙන්ම හිරුගේ මතුපිට පෘෂ්ඨය හරහා ගමන් ගන්නා බවක්‌ පෘථිවියේ සිට නිරීක්‍ෂණය කළ හැක.

සිකුරු සංක්‍රාන්තියේ උපරිම අවස්‌ථාව එනම් සිකුරු ග්‍රහලෝකය සූර්යයා හරහා ගමන් කරන පථය සූර්යයාගේ කේන්ද්‍රයට ආසන්නයෙන්ම පිහිටන වේලාව පෙ.ව. 7.03 ට නිරීක්‍ෂණය කළ හැකි අතර මෙම සිකුරු සංක්‍රාන්තිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 10.21 ට පමණ අවසන් වේ.

ප්‍රමිතියෙකින් තොර වූ කිසිදු සූර්ය ආවරණයක්‌  යොදා පියවී ඇසින්, ප්‍රිස්‌ම දෙනෙතින් හෝ දුරේක්‍ෂයක්‌ භාවිතයෙන් සූර්යයා දෙස බැලීමෙන් දෙනෙත් අන්ධභාවයට පත්විය හැක. සිකුරු සංක්‍රාන්තිය ආරක්‍ෂාකාරී ලෙස නිරීක්‍ෂණය කිරීමට ප්‍රිස්‌ම දෙනෙතියක්‌ හෝ දුරේක්‍ෂයක්‌ භාවිතයෙන් තිරයක්‌ මතට සූර්ය ප්‍රතිබිම්භය ප්‍රක්‍ෂේපනය කිරීම හෝ වෙල්ඩින්කරුවන් විසින් භාවිත කරන නො. 14 අංකය යෙදූ ඇස්‌ ආවරණ කණ්‌නාඩි ද භාවිත කළ හැකිවේ. 

(මෙම සංක්‍රාන්තිය නැරඹීමේ දී X-RAY කොල භාවිත නොකරන ලෙස ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය අවධාරණය කරයි).

අද දක්‌නට ලැබෙන සිකුරු සංක්‍රාන්තියෙන් පසු මීළඟ ශතවර්ෂය සඳහා සිකුරු සංක්‍රාන්තීන් සිදුවීම 2117 සහ 2125 යන වර්ෂවල දී සිදු වේ. ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය මගින් පවත්වන ප්‍රධාන සිකුරු සංක්‍රාන්ති නිරීක්‍ෂණ කඳවුර ත්‍රිකුණාමල නිලාවැලි මුහුදු තීරයේදී සිදු කෙරේ.
 
Related Posts with Thumbnails