Ads 468x60px

.

මට නම් හිතා ගන්න බෑ මිනිස්සු ඇයි මේ තරම් මගේ මිණිබිරී පස්සෙන් පන්නන්නේ කියලා

සීයා කෙනෙක් වෙන්න ලැබීම තමයි ලොකුම ජයග්‍රහණය...

ඔබ දැන් සීයා කෙනෙක් නේද ?
ඔව් . පුංචි ළමයි එක්ක ජීවත් වෙන එක හිරි
ම අපූරුයි. මගේ මුළු වෙලාවම ගත වෙන්නේ එයා එක්ක.

ඒ වගේම දැන් ගෙදර අලුතින් සිද්ධ කරන හැම වැඩකදීම අපි ඉස්සෙල්ලා කල්පනා කරන්නේ බබාට ඒකගැළපෙනවද කියන එක.
 

මම කළිනුත් වැඩි කාලයක් ගෙදර ගත කරන්න කැමති වුණ කෙනෙක් . දැන් මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ පුළුවන්තරම් ඉක්මනට ගෙදර එන්න.

බබා දකින්න තාමත් මිනිස්සු පොර කනවා .සමහරු කැමතියි එක පිනුතූරක් වෙනුවෙන් ඉල්ලන ඕනෙම ගාණක් වියදම් කරන්න. ඔබ කැමති නැද්ද ඒ ගැන ටිකක් හිතලා බලන්න?
කොහෙත්ම නැහැ .මට නම් හිතා ගන්න බෑ මිනිස්සු ඇයි මේ තරම් මගේ මිණිබිරී පස්සෙන් පන්නන්නේ කියලා . ඒක අපේ පෞද්ගලික ජිවිතයනේ. මම මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අපේ පෞද්ගලිකත්වයට ගරු කරන අයට . සල්ලි සම්බන්ධයෙන් නම් ඒක කාගේ හරි හොඳ අදහසක් තමයි. 


ඒත් අපට නම් ඒ තරම් අහේනියක් නැහැ. දරුවකුගේ මුහුණ පෙන්නලා සල්ලි හම්බ කරන්න. හිඟමනට වැටුණත් ඔය වගේවැඩ වලට එන අයට නම් අපෙන් කිසිම බුරුලක් හම්බවෙන්නේ නැහැ. අභිෂේක්ගේ මඟුල් ගෙදර දවසේත් ඔය වගේම තත්වයක් ඇති වුණානේ. බැරිම තැන සමහරු බොරු ප්‍රචාර කරලා කතන්දර හැදුවා. පින්තූරත් පෙන්නුවා. ඒත් අපි එදත් කිව්වා. අදත් කියනවා. අපි ඔය වගේ වැඩ වලට කොහෙත්ම කැමති නැහැ.

මොකක්ද මිණිබිරියගේ නම ?
ආරධ්‍යා බච්චන්. ඔයාල දන්නවද ? අපි බබාට නමක් තෝරනවා කියලා දැන ගත්තහම , ලෝකේ වටෙන්ම පණිවුඩ ආවා. ලස්සන ලස්සන නම් ගැන කියලා. මම කැමතියි. මේ අවස්ථාවේ ඒ හැම දෙනාටම ස්තුති කරන්න.


අරාධ්‍යා අම්මා වගේද තාත්තා වගේද ?
ම් ....ම් දෙන්නගෙන්ම පොඩ්ඩ පොඩ්ඩ තියනවා ..(සිනා)


ඔබ වගේ ප්‍රවිණ නළුවෙක් .ඇයි 'කෝන් බනේගා කරෝපති' ලක්ෂපතියකු වන්න කැමතිද ? වගේ වැඩසටහනකට සම්බන්ධ වුණේ ?
මොකක්ද ඒකේ ඇති වැරැද්ද ? ඔය ප්‍රවීණ කියන වචනය ඇතුළේ ඔයාට හිතනවට වඩා තේරුමක් ගැබ් වෙලා තියනවා.


'පුද්ගලයෙක්' සහ 'තරුවක්' විදිහට ඒ වැඩසටහන ජිවිතයට බලපෑවේ කොහොමද ?
ඔය 'පුද්ගලයා' සහ 'තරුව' අතරේ මට මහ ලොකු වෙනසක් පේන්නේ නැහැ. මම හිතන්නේ වැඩ සටහනේ මගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න පුද්ගලයාටත් එහෙම වෙනසක් දැනුනේ නැහැ කියලා .මං එයාට සැලකුවේ ගෙදරට ආපු අමුත්තෙක් වගේ. එයාලගේ ජීවිත වලින් මම ගොඩක් දේ ඉගෙන ගත්තා. පිටිසර ගම්මානවල මිනිස්සු වුණු එයාලගෙන් බහුතරයකගේ කතාව හරිම සංවේදීයි. මට කණගාටුයි ඒ වගේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න බැරි වීම ගැන .


අන්තර්ජාලය හරහා අදහස් දැක්වීමකදී ඔබ සල්මාන් ඛාන් කරන විදිහට වෙන කෙනකු ලවා ඒවා ලියවා ලන්නවාද ?නැත්නම් තමාම ලියනවාද ?
ඇත්තද. සල්මන් ඒවා ලියවා ගන්නේ වෙන කාට හරි කියලද.මම දන්නේ නැහැනේ.මම ගැන කියනවා නම් මම වැඩියෙන්ම කැමතියි තනිවම ලියන්න.ඕනේ නම් ඇවිත් බලන් ඉන්න. හැබැයි ඒපා වෙයි.


අභිෂේක් සහ මම අපේ රසිකයන් වෙනුවෙන් මොනවා හරි කරන එක ගැන හැම තිස්සේම හිතනවා. පුතා නම් කිව්වේ අපි හතර දෙනාගේ තොරතුරු තියන වෙබ් පේජ් එකක් පටන් ගනිමු කියලා .ඒත් ම හිතුවා වඩාත් හොඳයි බ්ලොග් එකක් පටන් ගන්න එක කියලා. එතකොට රසිකයන්ට පුළුවන් හැම තිස්සෙම අපේ අදහස් දැන ගන්න.

අප‍ට ආරංචියක් ආවා නවීණ උපකරණ ගැන ඔගේ උනන්දුව සෑහෙන්න වැඩියි කියලා. ඇත්තද ?
ඔය කියන්නේ මගේ අලුත් අයි ෆෝන් එක ගැන වෙන්න ඇති. ඒක මේ මට හම්බවුණු තෑග්ගක්. මම කොහොමත් අලුත් අලුත් උපකරණ වලට කැමතියි තමයි. පුංචි කාලෙත් අම්මා කියනවා මං හරි ආසයිලු කැමරා අත පත ගාන්න.ඒත් මට කැමරාවත් තිබුණේ නැහැ. අන්තිමට බැරිම තැන තාත්තා මට බොක්ස් කැමරාවක් ගෙනත් දුන්නා. ඉතිං මගේ වැඩේ  ඒකෙන් ගස්, ගල් ,මල් ,ලස්සන කෙල්ලෝ... ඔය වගේ දේවල පින්තූර ගත්තු එක තමයි. 

ඒක හරි පුදුමයි ඇත්තටම. මොකද අපි යමක් ආසාවෙන් ලබා ගන්න උත්සාහ කරද්දී , අපට ඒක ගන්න හැකියාවක්නැහැ. ගන්න පුළුවන් කම ලැබෙද්දී අපි ඒ අසාව හිතේ තියාගෙනම වයසට ගිහින් ඉවරයි. එක අතකට මේ වෙනකොට මට, මගේ අවශ්‍යතාව අනුව කැමති දෙයක් මිල‍ට ගන්න හැකියාව තියෙන එකත් සතුටක්.

ඔය කිව්වට ඔබ දැන් වයසයි කියලා , රසිකාවියන් නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. එයාලා හිතන්නේ එබ තවමත්තරුණ කොල්ලෙක් කියලා නේද ?
හා ......හා කෝ බලන්න ඔය කියන රසිකාවියෝ... දෙන්නකෝ මට ඒ එක්කෙනෙකුගේ ෆොන් නම්බර් එකක්වත්....


ඔබ සහ ඓශ්වර්යා අතර මාමා-ලේලි බැඳීමට වැඩිය හොඳ මිතුදමක් තියන බවයි අප‍ට පෙනෙන්නේ ?
ඇත්ත .එයා මගේලේලි නෙවෙයි දුව.


මේ තරම් කාලයක් රන්ගනයේ නිරත වෙලා ඉන්න ඔබ කැමති නැද්ද අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න ?
අනේ නැහැ. මම අධ්‍යක්ෂණය ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. මම මේ තාම රඟපාන්න ඉගෙන ගන්නවා.


ඔබ හිතන විදිහට ඔබේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය මොකක්ද ?
සීයා කෙනෙක් වෙන්න ලැබීම තමයි ..
 
Related Posts with Thumbnails