Ads 468x60px

.

ඇමැති අතාවුද සෙනෙවිරත්න ගේ මැර සෙල්ලම්...

ග්‍රාමීය කටයුතු ඇමැති අතාවුද සෙනෙවිරත්න යනු  වියපත් දේශපාලකයෙකි. තරුණ මැර දේශපාලකයන්ගෙන් පිරි ඇති මේ රටේ අතාවුද සෙනෙවිරත්න වැනි වළ පයයි ගොඩ පයයි දේශපාලකයන්ද දැන් චාරයක් නැතිව මැර වැඩ කරති.
 
මෑතකදි  අතාවුද සෙනෙවිරත්න විසින් වරකාපොළ දොරවක ඉදිකරමින් තිබූ ජල ව්‍යාපෘතියකට විරෝධ පළ කර එහි ගොඩනැගිලිවලට අලාභ හානි සිදු කරමින් රුපියල් ලක්‍ෂ දහයක්‌ පමණ වටිනා දේපළ විනාශයක්‌ සිදු කරන ලදී.  

ඇමතිවරයා විසින් කොහොඹදෙනිය ගමේ පදිංචි කරුණානායක ජයලත් බණ්‌ඩාර යන අයගේ ඉඩමට ඇතුළුවී බැණවැදී තර්ජනය කර එම ඉඩමේ තිබූ ජල ව්‍යාපෘතියට අයත් සියලු දේපළ වලට අලාභ කොට විනාශ කොට තිබේ. 

මේ සම්බන්දයන් අත්අඩංගුවට ගත් විත්තිකරුව වරකාපොළ මහෙස්‌ත්‍රාත් අමන්ත ලක්‌මාල් වික්‍රමසූරිය මහතා විසින් ඇප පිට මුදා හරින ලදී. අතාවුද සෙනෙවිරත්නලා ජීවිතය පටන් ගත්තේ බින්දුවෙනි. හරි හමන් ගෙයක් දොරක් වාහනයක් නැතිව දේශපාලනයට පැමිණි ඔහු දැන් පරම්පරා ගණනකට හම්බ කොට තිබේ. 

ඔහුගේ පුතා වන පරාක්‍රම අතාවුද වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට රුසියාවට ගොස් විභාග අසමත් වී වසර ගණනක් එහි පල් වී ලංකාවට පැමිණ කිසිදු දුෂ්කර සේවයක නොදී තම පියා වන අතාවුද සෙනෙවිරත්න ගේ අමාත්‍යංශයේ වෛද්‍ය උපදේශක තනතුරක් දැරිය. 

කිසි දවසක කාර්යාලයට පැමිණ වැඩක් නොකර පින් පඩි ගත් මොහු දැන් පළාත් සභා මන්ත්‍රීවරයෙකි. මහජන මුදලින් පිනට කන බොන මහජන මුදල් වලින් වාහන නඩත්තු කරමින් සිටින පරපුටුවන් වන  අතාවුද සෙනෙවිරත්නලා පින් බත් කනවාට අමතරව ජනතාවගේ දේපලද  විනාශ කරති. 
- අමිල ගුණරත්න 
 
Related Posts with Thumbnails