Ads 468x60px

.

සුනඛ ප්‍රශ්නය විසඳීම...

අයාලේ යන   සුනඛයන් රටක සෞඛ්‍ ප්‍රශ්න ඇති කිරීමට හේතු කාරක වේ. අයාලේ යන   සුනඛයන් මිනිසුන්ව සපාකෑම නිසා විශාල මුදලක් එන්නත් සඳහා වැයවන අතර  ජලභීතිකා රෝගය නිසා ලංකාවේ මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් ද වාර්ෂිකව මිය යති. 


මීට වසර දහයකට පහලවකට උද මෙම ගැටළුව තාවකාලිකව හෝ විසඳනු ලැබුවේ නගර සභාවේ බලු වෑන් ඒකකය විසිනි.නමුත් හිටි අඩියේම ජනාධිපතිවරයාට මෙය බෞද්ධ රටක් යැයි මතක් වී  සුනඛයන් විනාශ කිරීම තහනම් කොට අයාලේ යන සුනඛයන්ට වන්ධිකරණ එන්නත් විදීමට සෞඛ්‍ අංශයට නියම කරන ලදී. 

අපේ සෞඛ්‍ අංශ වල ඉන්න අයියලාද මෙවැනි අවස්ථාවලදී තම මඩිය ගැන හිතන නිසා පාරේ ඉන්න සුනඛයන් සෑම දෙනාටම වන්ධිකරණ එන්නත් විද්ද බවට ගණන් හිලව් පෙන්නා ඒ සඳහා වෙන් කරන ලද මුදල් පිල්ලි ගසා ගත්හ. ඒ නිසා අයාලේ යන සුනඛ ජනගහනය සීග්‍රයෙන් වර්ධනය විය. මේ නිසා කොළඹ නගර සභාව යලිත්  වෑන් ක්‍රමය අරඹා තිබේ.

සුනඛයන් විනාශ කිරීමට  විරුද්ධව සත්ව සුබසාධන සංවිධාන කිහිපයක්  පසුගියදා ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. මිනිසුන් බල්ලන් මෙන් තොග පිටින් මරා දමන රටක ජුලම්පිටිය අමරේ වැනි මිනීමරුවන්ට නිදැල්ලේ ගිනි අවි රැගෙන එහෙ මෙහෙ යාමට, මිනිසුන්ට වෙඩි තැබීමට නිදහස තියන රටක ඒ ගැන කතා නොකරන උද්ගෝෂණය නොකරන මිනිසුන් සුනඛ ජිවිත ගැන උද්ගෝෂණය කිරීම එක්තරා ආකාරයකට උභතෝකෝටිකයකි.  


මිනිසුන්ට අකරුණාවන්ත වන මිනිසුන් එම අව ගුණය සිතින් පහ කර ගන්නේ සතුන්ට කරුණාව පෙන්වීමෙනි. උදාහරණයක් ලෙස  ඔටරා නෝනාගේ සුනඛ කරුණාව ඔඩෙල් සාප්පුවෙන්ඇඳුම් හොරකම් කල උදාරි වර්ණකුලසුරිය නිළියට ලැබුනේ නැත. ඇයව බැල්ලියක මෙන් දණ ගස්සවා හිරිහැර  කරනු ලැබීය.

ලිප්ටන් වටරවුමේදී සුනඛයන් විනාශ කිරීමට  විරුද්ධව බෝඩ් ලෑලි උස්සාගෙන සිටි මිනිසුන්ගෙන් බහුතරය පාරේ සිටින අසරණ බලු පැටියෙකු තම නිවසට ගෙන ගොස් නාවා එන්නත් විද කවා පොවා ඇති කරන්නේ නැත.ඔවුන් තුල එවැනි සත්ව කරුණාවක් නැති බව නම් සහතිකය. 


සුනඛයන් විනාශ කිරීම සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස දකින්නන් බටහිර රටවල සුරතල්  සතුන් ඇති කිරීම සඳහා අනුගමනය කල යුතු නීති අධ්‍යනය කල යුතුය. දියුණු රටවල අයාලේ යන සුනඛයන් නැත. සුනඛයන් ඇති කරන්නේ නම් ඒ සඳහා පිළිගත සම්මත ක්‍රම අනුගමනය කල යුතුය.  මෙවැනි නීති ලංකාවේ ඇති කිරීමට කාලය පැමිණ තිබේ. 
  
එහි ජායාරුප පෙළක් ...






කොළඹ අයාලේ යන බල්ලන් අතුරුදන් වෙන්නේ ඇයි


- Amila Gunaratne
 
Related Posts with Thumbnails