Ads 468x60px

.

මුලින් එකඟවූ මිල පසුව වැඩි කරන ජනපි‍්‍රය ටෙලි නිළිය...

රුපියල් 4,000 ක මුදලකට එකඟවී...
පසුව එය රුපියල් 6,000 කරනවලු...
නිෂාපාදකවරයා අමාරුවේ...

ජනපි‍්‍රය නිළියක් වන කුසුම් රේණු ටෙලි නාට්‍යවල චරිත තෝරා ගැනීමේදී එම චරිත රඟපෑමට මුලින් එකඟවූ මිල පසුව වැඩි කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන බවට මේ දිනවල කලා ක්ෂේත‍්‍රයේ රාවයක් පැතිර තිබේ.



ඇය එක්තරා මෙගා ටෙලියක චරිතයක සඳහා දිනකට රුපියල් 4,000 ක මුදලකට එකඟවී පසුව එය රුපියල් 6,000 ක් දක්වා වැඩිකර ගැනීමේ සිද්ධියක් නිසා මේ රාවය පැතිර අතැයි ද පැවසේ.

ඇය මෙසේ තම ගාණන වැඩිකර ගත් පළමු අවස්ථාව මෙය නොවන අතර  ඕනෑම ටෙලියකට මුලින් නිෂාපාදකවරයා කියන මිලට රඟපෑමට එකඟවී අදාළ චරිතය එම ටෙලියට අවශ්‍යම නම් ඇගේ මිලද ටිකෙන් ටික වැඩි කරගන්නා බව වාර්තා වේ.

එසේම ඇය ටෙලිය පරණ වන විට සිය ඇඳුම් ආයිතම්ද තමාට අවශ්‍ය පරිදි වෙනස් කරන බවද පැවසේ.
 
Related Posts with Thumbnails