Ads 468x60px

.

ඩෙංගු නිසා මිනිසෙක් ගස් බැන්ද මර්වින්ට අද ඩෙංගු !

මර්වින් සිල්වා මැතිතුමා සහ ඩෙංගු අතර පවතින සම්බන්ධය ඉතා පැරණි එකක් ...
 
පසුගිය වසරේ එක් අවස්තාවක ඇමති මර්වින් සිල්වා මහතා කියා සිටියේ කැලණිය ප්‍රදේශයේ එක් ඩෙංගු රෝගියෙක් හෝ වාර්තා වුවහොත් ඊට මුල් වූ නිලධාරින් ගස් බඳින බවයි. 
 
එසේම කැලණියේ පැවැත්වූ ඩෙංගු මර්ධනය කිරීමේ ශ්‍රමදානයට නොපැමිණි සමෘද්ධි නිලධාරියෙකු ප්‍රසිද්ධියේ ගස් බැඳීමත් මාධ්‍ය මගින් වාර්තා කර තිබුනා.
 
එවන් වූ ඉතිහාසයක් මර්වින් සිල්වා මැතිතුමා සහ ඩෙංගු අතර පවතින අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් ඇති අලුත්ම ආරංචිය නම් මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාටත් ඩෙංගු  රෝගය වැළඳී අසනීපව පසුවන බවයි.
 
මාරාන්තික ඩෙංගු හා මාරාන්තික නොවන ඩෙංගු වශයෙන් ඩෙංගු වර්ග දෙකක් ඇති අතර ඇමති මර්වින්ට වැළඳී ඇත්තේ මාරාන්තික ඩෙංගු රෝගය නොවන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටින අමාත්‍යවරයා සුවයක් නොලද හොත් ඉන්දියාවට ගෙන යාමේ සූදානමක් ඇතැයිද කියැවේ.
 
මේ වන විට ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බළකාය ජාතික මදුරු මර්දන මාසයක් ප්‍රකාශය පත් කැර ඇති අතර රජයේ සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, කොමිෂන් සභා ඇතුළු සියලු රාජ්‍ය ආයතන මේ යටතේ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.
 
එසේම කලින් නොදන්වා එක් එක් ආයතන වෙත ගොස් මේ පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර කිසියම් ආයතනයකින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයාගතහොත් ඒ ස්ථාන සියල්ල විනාශ කැර දැමීමටත්, කිසියම් පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් සහිත ස්ථාන හමුවුවහොත් තරාතිරම නොබලා ආයතනයේ ප්‍රධානියාට එරෙහිව නඩු පැවරීමටත් ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
 
 
Related Posts with Thumbnails