Ads 468x60px

.

සිහින පියාපත් ටෙලියේ කේතකී ආදරය කරන අනෙක් දේ...

ඒක සිද්ධ වෙන්නේ හරිම පුදුම විදියට... 
කේතකී මට වාසනාව ගෙනාවා.

සිහින පියාපත්හි කේතකී ( ඉෂාරා සඳමිණි ) රංගනයට මෙන්ම වෛද්‍යවරියක් වීමටද සිහින මවමින් සිටින බව සතිඅන්ත පුවත් පතකට පවසා තිබුණා.

සිහිනයකි ජීවිතේ ටෙලි නාට්‍යයේ තාරුකා කියන ප්‍රධාන චරිතය මට ලැබුණේ රසිකයන්ගේ  හිත ගත්ත සිහින පියාපත් ටෙලියේ කේතකී නිසයි. 


කේතකීට කොයි තරම් ප්‍රේක්ෂකයෝ ආදරය කරනවද කිව්වොත් බොහෝ දෙනෙක් මට කතා කරන්නේ කේතකී කියලයි. කේතකී කියන්නේ ඒ ටෙලි නාට්‍යයයේ ප්‍රධාන චරිතයක් නොවුණත් ඉන් ලැබුණු ප්‍රතිචාර මට වාසනාව ගෙනාවා.

ඉතිං ඇත්තටම කේතකී ඔබට අභියෝගයක් වුණාද..?
පාසල් වේදිකාවේ විවිධ ඉදිරිපත් කිරීම් කරලා තිබුණත් කේතකීගේ චරිතය ඊට වඩා වෙනස්ම චරිතයක්. පිටපත කියවලා බලලා කේතකී අවබෝධ කර ගත්තා වගේම මට අධ්‍යක්ෂවරයාගේ හා සනත් සමරනායක අයියගෙන් ලැබුණු උපදෙස් කේතකී සාර්ථකව ඉදිරිපත් කිරීමට උදව් වුණා.’

දැන් ඉතින් දිගින් දිගටම රංගනයෙහි නියැලෙන්නද කල්පනාව..?
රංගනයට වගේම මම ආදරය කරන අනෙක් දේ තමයි වෛද්‍යවරියක් වීමේ සිහිනය. මේ වන විට මම කොළඹ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ හතරවන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. වෛද්‍යවරියක් විදියට ජනතාවට සේවයක් සපයන අතරම ලැබෙන ඉඩහසර වෙන් කරන්නේ රංගනය වෙනුවෙන්.
 
Related Posts with Thumbnails