Ads 468x60px

.

හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ කොන්ත්‍රාත්කරුගෙන් කොමිස් ඉල්ලලා

හලාවත මහා රෝහලේ   අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහල් කොන්ත්‍රාත්කරුගෙන්  අයථා ලෙස  කොමිස් මුදල් ඉල්ලා එම මුදල් නොදීම නිසා අසාධාරණ ලෙස තමන්ගේ  කොන්ත්‍රාත්තුවද අවලංගු කොට ඇති බවට බවට රෝහල් කොන්ත්‍රාත්කරු පවසයි.


මේ නිසා හලාවත දිස්ත්‍රික් රෝහලේ වසර 6කට වැඩිකාලයක් සේවය කළ සනීපාරක්ෂක කම්කරුවන් ගේ සේවය අහෝසි වී තිබේ. මේ අසාධාරණයට විරුද්ධව සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුහ. රෝහල් සේවකයන් පවසන පරිදි රෝහල් අධ්‍යක්ෂිකා  වෛද්‍ය දිනුෂා ජයසිංහ විසින්   කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඔවුන්ව සේවයෙන් ඉවත් කර  ඇත.  

රෝහල් අධ්‍යක්ෂිකා දිනූෂා ජයසිංහ මහත්මිය  තමන්ගෙන් කොමිස් මුදලක් ඉල්ලූ නමුත් තමන් එයට විරුද්ධවූ නිසා සේවකයන්ට අසත්‍ය ප්‍රකාශ කරමින් ‍ඔවුන්ව මුලාවේ දමා  තම කොන්ත්‍රාත්තුවද අවලංගු කොට විල්බට් ඇන්තනී නම් රෝහල් වැඩ රාජකාරි කිසිවක් නොදන්නා හලාවත ප්‍රදේශයේ ගායකයෙකුට  රෝහල් කොන්ත්‍රාත්තුව දී ඇති බව පැරණි කොන්ත්‍රාත්කරු පවසයි.  

රෝහල් අධ්‍යක්ෂිකා  වෛද්‍ය දිනුෂා ජයසිංහට එරෙහිව පවතී  උද්ඝෝෂණයේදී ඇතිවූ උණුසුම් තත්වයක් නිසා හලාවත පොලිසිය විසින් රෝහල් සේවකයන් 22නෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත මහා රෝහලේ   අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහට  මීට පෙරද මුදල් අක්‍රමිකතා සම්බන්දයෙන් චෝදනා තිබුණු අතර ඒ සම්බන්දයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාටද රෝහල් කාර්යමණ්ඩලය විසින් පැමිණිලි කොට තිබුණි.   

හලාවත මහ රෝහලේ හිටපු හෙද නිලධාරියෙකු වන ආරියදාස මහතා පවසන අන්දමට  වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහලට කෑම සපයන  කොන්ත්‍රාත්කරුවන් ගෙන් අයථා ලෙස මුදල් ගෙන රෝගීන්ට අඩු  ගුණාත්මකභාවයකින් යුතු ආහාර දීම ,  සම්බන්දයෙන්ද චෝදනා ලබා තිබුනත්  සෞඛ්‍ය අමාත්යංශය ඒ සම්බන්දයෙන් කිසිදු  පරීක්ෂණයක් නොපවත්වා චෝදනා යට ගසන ලදී. මේ නිසා රෝහලේ එලදයිතාව  බොහෝ සෙයින් බිඳ ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසා  සිටියි. 




 
Related Posts with Thumbnails