Ads 468x60px

.

සුද්දෙක් උසේන් බෝල්ට්ලට බියර් බෝතලයකින් ගහලා

පැමිණි ආරක්ෂක නිළධාරින් විසින් පහර දුන් පුද්ගලයාව වහා මෙල්ල කරගෙන...

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ වඩාත් උද්වේගකර ඉසව්ව වන ලොව වේගවත්ම මිනිසා තෝරා ගන්නා පිරිමි මීටර් 100 ඉසව්වේ ආරම්භක සංඥාව දුන් මොහොතේ දී පේ‍්‍රක්ෂකයෙකු විසින් තරගකරුවන් වෙත බියර් බෝතලයක් දමා ගැසීමේ සිද්ධියක් ලන්ඩන් නගරයෙන් වාර්තා වේ. 


පේ‍්‍රක්ෂකයන් අතර සිට තරගය නරඹමින් සිටි මෙවර ඔලිම්පික් උළෙලේ ජූඩෝ ඉසව්වේ තඹ පදක්කම්ලාභිනිය වූ නෙදර්ලන්ත ජාතික ඊඩිත් බොෂ්  කී‍්‍රඩිකාව විසින් බියර් බෝතලයෙන් පහර දුන් පුද්ගලයාව වහා මෙල්ල කරගෙන ඇති අතර පසුව පැමිණි ආරක්ෂක නිළධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.


සිද්ධියට සම්බන්ධ පුද්ගලයා 42 හැවිරිදි ඇෂ්ලි ගිල් වෙබ් නම් වෙන්ඩින් යන්ත‍්‍ර කාර්මිකයෙකු ලෙස හදුනාගෙන ඇත.ඉතා දැඩි ආරක්ෂක කි‍්‍රයාමාර්ග දියත් කර තිබියදී වුවද සිදුවූ මෙම අශෝභන කි‍්‍රයාව නිසා තම රටට විශාල කළු පැල්ලමක් එකතුවූ බව මහා බි‍්‍රතාන්‍යයේ කි‍්‍රඩා ලෝලීහු පවසති.
 












 
Related Posts with Thumbnails