Ads 468x60px

.

නබිතුමාගේ නිරුවත් කාටුනය නිසා රටවල් රැසක ප්‍රංශ කාර්යාල වසා දමයි...

වෙබ් අඩවියට දැනටමත් ප්‍රහාරයක් එල්ල වෙලා...

රටවල් 20 ක තානාපති හා කොන්සල් කාර්යාල හා පාසල් වසා දමනවාලු...

නබි නායක තුමාට අපහාස වන අයුරින් ප්‍රංශ සඟරාවක් පළකර තිබු කාටූනයට විරෝධය පළ වීමත් සමඟ ලෙව පුරා රටවල් රැසක පිහිටි සිය කාර්යාල ඉදිරි දින කිහිපය තුළ වසා දැමීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.

අදාළ කාටූනයට එරෙහිව ප්‍රංශයේ මෙන්ම තවත් රටවල් කිහිපයක විරෝධතා හට ගත් අතර විදේශ රටවල පිහිටි තම කාර්යාලවල ආරක්ෂාව තර කිරීමට ප්‍රංශ බලධාරීහු පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම රටවල් 20 ක පිහිටි සිය තානාපති හා කොන්සල් කාර්යාල සංස්කෘතික මධ්‍යස්ථාන හා පාසල් ඉදිරි දින කිහිපයේ දී වසා දැමෙන බවද ප්‍රංශය නිවේදනය කර තිබෙනවා.

 
අදාළ සඟරාව මුද්‍රණය කළ පැරිස්හි පිහිටි මුද්‍රණාලය අවට ද ආරක්ෂාව තහවුරු කර ඇති බව විදෙස් වාර්තා කියනවා.මේ අතර සිය වෙබ් අඩවියට දැනටමත් ප්‍රහාරයක් එල්ල වී ඇති බැවින් ඊට ඇතුළුවිය නොහැකි බව අදාල ප්‍රංශ සඟරාව ප්‍රකාශ කර තිබෙනවා.




 

 
Related Posts with Thumbnails