Ads 468x60px

.

ශලනිට වැඩිය ශලනිගේ අම්මා රඟපාලා තියෙනවලු.

වසර 15කට අධික කාලයක සිට රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ රූපලාවණ්‍යාගාරයක්...

පළමු සිරස කුමරිය ලෙස ජනපි‍්‍රයත්වයට පත් ශලනි තාරකාගේ මව වන නිර්මා සුරාජි ද මේවන විට නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත්ව සිටිනවා.

නිර්මාගේ රංගනය ගැන වැඩි දෙනාගේ අවධානය යොමුවූයේ ශලනි සිරස කුමරිය වීමෙන් පසුවය.

කෙසේවවුද මෙතෙක් ශලනි හා නිර්මානිගේ රංගන දායක නිර්මාන සංසන්දනය කරන්නේ නම් ශලනිට වඩා වැඩි ටෙලි ප‍්‍රමාණයක නිර්මානි රගපා ඇතැයිද පැවසෙනවා .

එසේම ඇය ශලනිගේ මව ලෙස ටෙලි දෙකකදී ද මේවන විට රගපා තිබෙනවා.ඇය එසේ රගපෑවේ නාමල් අරණ ටෙලියේත් සිහිනයකි ජීවිතේ ටෙලියේදීත්ය.නිර්මා මුලින්ම රගපා ඇත්තේ ‘සුරංජලී’ ටෙලිනාට්‍යයේය.


ඉන් පසුව ඇය සංජය ගුණවර්ධනගේ ‘මතක මංපෙත’ වගේම ‘හිම කවුළුව‘, නිල් අහස, කිඳුරංගනා, අලූත් ගෙදර, සමනලී, හිරුමලී, සිහින සිතුවම් වැනි ටෙලිවලට ද දායකවී තිබෙනවා .

එසේම මේ දිනවල විකාශය වන ‘ආදරේ අහස තරම්’, සිරි වාසල වැනි ටෙලිනාට්‍ය හා ඉදිරියේදී විකාශයවීමට නියමිත මියැසි අසපුව, ඉරට උඩින්, තරු අහස, අරුන්දතී, නාමල් අරණ වැනි ටෙලිනාට්‍ය වලත් ඇගේ රංගනය ඇතුලත්ව තිබෙනවා .

ඒ අතරින් ‘මතක මංපෙත’ ටෙලිනාට්‍යයේ ඇය රගපෑ ලේෂාගේ චරිතයට පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර වැඩියෙන් ලැබුණු බවද පැවසෙනවා .

මීගමුවේ උපන් නිර්මාගේ මව රජයේ ගුරුවරියකි. ඇගේ පියා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකි.

සිය දෙමාපියන් රජයේ සේවකයන් වූ නිසා ඔවුන්ට ස්ථාන මාරුවීම් නිතර ලැබුණු නිසා පාසල් කිහිපයකටම යාමට සිදුවූ බව ඇය පවසන්නීය.

නිර්මා අවසන් වරට අධ්‍යාපනය හදාරා ඇත්තේ බලන්ගොඩ ශාන්ත ඇග්නස් විද්‍යාලයෙනි.ඇය වසර 15කට අධික කාලයක සිට රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ යෙදී සිටන බවත් තමා රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කළේ 2004 වසරේදී බවත් නිර්මා පවසන්නීය.


ShalaniNirma 410px 12 10 21
 
Related Posts with Thumbnails