Ads 468x60px

.

ගැමිකම මහත් ඉහලින් අගයන සූරියප්පෙරුම මංත්‍රීවරුන්ට අපහාස කළ ආකාරය.

ඊයේ පෙරේද ඉපදිච්ච බූරුවෝ. ඇත්ත කියපල්ලා...

නිදහස් අධ්‍යාපනය එනකොට තොපි ඉපදිලත් නැහැ... 


තොපි අම්මගෙ බඩේ හිටියේ...


ගොඩේ ඉඳලා ඇවිල්ලා කොලඹට...


ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී කතා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශණයට ලක්වී තිබුණා.තොපි, බූරුවා, මෝඩයා ආදී වචන යොදා ඔහු කතා කළේ තම වයසටත් නොගැලපෙන ආකාරයට බවයි බොහෝ දෙනා පැවසුවේ.

ගැමි කම මහත් ඉහලින් අගය කරමින් රූපවාහිනී වැඩසටහන් වලදී කතා කරන ඔහු මංත්‍රීවරුන්ට අපහාස කලේ "ගොඩේ ඉඳලා ඇවිල්ලා කොළඹට" යනුවෙනි.


සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී කතා කළ ආකාරය...




අජිත් පී. පෙරේරා: නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බව ඔබතුමා පිලිගන්නවද?

සූරියපෙරුම: නෑ

අජිත් පී. පෙරේරා: සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිතුමා එක්සත් ජාතික පාක්ෂිකයෙකි කියලා පිලිගන්නේ නැත්නම් සාමාන්‍ය දැනීම ගැන ප්‍රශ්නයකුත් ඇතිවෙනවා.

සූරියප්පෙරුම: ඒකාලේ එක්සත් ජාතික පක්ෂයක් තිබුනේ නෑ. නිදහස් අධ්‍යාපනය පිළිබඳව පනත ආවට පස්සෙයි එක්සත් ජාතික පක්ෂය කියන එක ආවේ.


තමුන්නාන්සේලාට වෙඩි තියන්න ඕනේ, එල්ලන ඕනේ මේ බොරු කියනවට. ඊයේ පෙරේද ඉපදිච්ච බූරුවෝ. ඇත්ත කියපල්ලා. යූඇන්පීය නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනා. නිදහස් අධ්‍යාපනය එනකොට තොපි ඉපදිලත් නැහැ. තොපි අම්මගෙ බඩේ හිටියේ. මෝඩ කතා කියන්න එපා.

(එම කතාවට සභාවෙන් බාධා එල්ලවූ අතර බාධා නොකරන්නැයි කතානායකවරයා පැවසූ විට)


දයාසිරි: පාර්ලිමේන්තුවෙ කවුරු හරි කතාකරමින් ඉන්නකොට මිය ඇදෙන්න ඉඩ දෙන්න හොඳ නැති නිස අපි එතුමාට කතා කරන්න ඉඩ දෙනවා.

දිනේෂ් ගුණවර්ධන: අපේ ගරු ජේෂ්ඨ ගුරුවරයෙක් වන ජේ. ආර්. පී සූරියප්පෙරුම මංත්‍රීවරයාට කතා කර
න්න ඉඩ නොදෙනව නම් අපි කියන්න ඕනේ ඔබතුමාට කතා කරන්න ඉඩ දෙන්න.


දයාසිරි: එහෙනම් අපි මාතෘකාව වෙනස් කරලා ඉතිහාසය හා භූගෝලය පිළිබඳව එතුමාට කතා කරන්න කියමු.

සූරියප්පෙරුම: දයාසිරි ජයසේකර මහත්තයා ඔහේ හිටපුවාවේ. නමුත් දක්ෂකම් තිබුනට පිටකොන්දක් නෑ කියන එකයි මගෙ කනගාටුව. බැන බැන රනිල්ගේ පිටිපස්සේ ඉන්නවා පිටකොන්දක් නෑ. රනිල්ගේ පුටුවට වඳිනවා.

අජිත් පී. පෙරේරා : ගොනා, බූරුවා, මොඩයා ආදී වචන මේ ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ ගුරුවරයා, මේ ශ්‍රේෂ්ඨ මන්ත්‍රීවරයා. මෙන්න කතාකරන විදිහ.

සූරියප්පෙරුම: ගොනාට ගොනා නොකියා මම මොනවා කියන්නද? තමුන්නාන්සේලා මාව එල්ලුම්ගහට නියම කලත් බූරුවට බුරුවා කියනවා මිසක් මං වෙන දෙයක් කියන්නේ නෑ. එම්බසියෙන් දෙන කෝට්එක ගහලා, සපත්තු කුට්ටම එම්බසියෙන් දෙන්නේ.


(සුජීව සේරසිංහ යමක් කීමට නැගීසිටින විට) අර හාදයනම් මොන තුට්ටුදෙකේ පෙරකදෝරුවෙක්ද? (තවත් මන්ත්‍රීවරයෙකු නැගීසිටින විට) මොඩයා කතාකරන්න එපා.

දෙහිවල සත්තුවත්තේ සේරම බූරුවෝ ඉන්නවා අද විරුද්ධ පක්ෂේ.

දයාසිරි: එකම එක නම නැති බූරුවෙක් ඉන්නවා. එයා තමයි ජේ. ආර්. පී සූරියප්පෙරුම

සූරියප්පෙරුම: මෝඩයා කතා කරන්නේ නැතුව වාඩිවෙනවා. ගොඩේ ඉඳලා ඇවිල්ලා කොලඹට.

අනුර: මේ පාසැල් දරුවෝ ඉන්න සභාවේ. තමන්ගේ මී මිණුබුරන් දැකලා තියන තැනැත්තෝ මෙතෙක් කවදාවත් මේ සභාවේ ප්‍රකාශට පත් නොවූ ප්‍රකාශ මේ පාර්ලිමේන්තුව තුල සිදුකිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. (මංත්‍රීවරයෙක් එම කතාව්ටා බාධා කල විට) පොඩ්ඩක් ඉන්නකෝ. මේ අනිත් පිස්සා.

අස්වර්: මේ අංගොඩ යන මිනිස්සුත් පිට අයට පිස්සෝ කියනවා මෙතුමා අංගොඩින් බේරිලා ඇවිල්ලා තියෙන්න.

අනුර: ඒකත් පිස්සුවේ ලක්ෂනයක්.
 
Related Posts with Thumbnails