Ads 468x60px

.

සිමෙන්ති කුකුල් මස් මිල තවත් ඉහලට...

සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,020 යි...

කුකුල් මස් කිලෝ එකක නව මිල රුපියල් 380 යි...

සිමෙන්ති මිල 85කින් කුකුල් මස් 30කින් ඉහලට...

පාරිභෝගික අධිකාරිය අවසන්වරට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 70කින් ඉහල දැමුවේ පසුගිය මැයි මාසයේදීය. ඒ අනුව කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල වූයේ රු. 855/-කි.

නමුත් පසුගිය සැප්තැම්බර් 03 වනදා සිට බොහෝ ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක් රුපියල් 80කින් ඉහල දමා 935/- කට අලෙවි කර තිබූ අතර ඒවායේ මිල සඳහන්වූයේද රු. 935/- ලෙසයි.

මේ අනුව රුපියල් 80කින්

පසුගිය මාසයේ ඉහල ගිය සිමෙන්ති කොට්ටයක මිල තවත් රු. 85කින් ඉහල දැමීමට පාරිභෝගික අධිකාරිය අද කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නව මිල අනුව සිමෙන්ති කොට්ටයක මිල රු. 1,020 වනු ඇත. පැටවීමේ හා බෑමේ කුලියද මෙම මුදලට එකතුවූ විට තවත් මිල වැඩිවේ.

කුකුල් මස් කිලෝ එකක මිලද රු. 30කින් වැඩි වී ඇති අතර නව මිල රුපියල් 380 කි.
 
Related Posts with Thumbnails