Ads 468x60px

.

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව හෙට (22) ගුවන්ගත කිරීමට සියල්ල සුදානම්...

මෙහි අයිතිය ශ්‍රී ලංකාව සහ චීනය යන රටවල් දෙකම සතුයි... 

රටවල් දෙකේම ජාතික කොඩි ප්‍රදර්ශනය වෙනවා...

එහෙත් චන්ද්‍රිකාවේ වැඩි අයිතිය හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි...

චන්ද්‍රිකා තාක්ෂණය අද අපට නැතුවම බැරිය. වර්තමාන මිනිසාගේ සියලු සන්නිවේදන කටයුතු චන්ද්‍රිකා තාක්ෂණය හා බැඳී පවනවා. 

ලොව විවිධ ධනවත් රටවලින් උඩු ගුවනට යවන ලද චන්ද්‍රිකාවලින් ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල් බොහෝමයක් යැපෙනවා. ඒ සඳහා වූ සේවා ගාස්තු විශාල වශයෙන් ධනවත් රටවල් කරා ඇදී යනවා.
  
මෙතෙක් කල් ශ්‍රී ලංකාවද අනෙකුත් රටවලට සේවා ගාස්තු ගෙවමින් තම සන්නිවේදන කටයුතුවල යෙදුනා. එහෙත් තවත් නොබෝ දිනකින් තමන්ගේම චන්ද්‍රිකාවකින් සන්නිවේදන කටයුතු සිදුකරන ලොව 45 වැනි රට බවට ශ්‍රී ලංකාව ඉතිහාසගත වෙනවා.

ශ්‍රී ලංකාව සිය පළමු සන්නිවේදන චන්ද්‍රිකාව නොවැම්බර් මස 22 වැනි දින
එනම් හෙට ගුවන් ගත කරනවා. එදින රාත්‍රී 9.30ට චීනයේ ෂින්චෑන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී මෙය ගුවන්ගත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 

මෙය ගුවන් ගත කිරීම සිදු කෙරෙන්නේ චීනයට අයත් රොකට්ටුවක් මාර්ගයෙනි. ශ්‍රී ලංකාවට ඉහළ අභ්‍යවකාශයේ
කක්ෂයක ස්ථානගත කිරීමට නියමිත මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන කටයුතු ඉතාමත් දියුණු ආකාරයෙන් පවත්වාගත හැකි වෙනවා.

ශ්‍රී ලංකාවේ “සුප්‍රිම් සැට්” සමාගම චීනයේ සන්නිවේදන සමාගම් දෙකක් සමග මෙහි ගුවන් ගත කිරීමේ ගිවිසුම අත්සන් කර තිබේ. ඒ “චයිනා” සැටලයිට් කොමියුනිකේෂන් කෝපරේෂන්” සමාගම සහ “චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රිස් කෝපරේෂන්” නමැති සමාගම් දෙකයි. ශ්‍රී ලංකා රජය මගින් මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා යොදවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර්  ලක්ෂ 3200කි. 


එහි පියවර දෙකක් වෙයි. ඉන් පළමුවැන්න චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමයි. දෙවැන්න පල්‍ලේකැ‍ලේ ප්‍රදේශයේ චන්ද්‍රිකා මෙහෙයුම් මධ්‍යස්ථානයක් හා අභ්‍යවකාශගාමී පුහුණු නිකේතනයක් ඉදිකිරීමයි. මේ වන විට එහි ඉදිකිරීම් සඳහා සියලු කටයුතු සූදානම්ව පවතිනවා.

චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහළින් කක්ෂගත වුවද, මෙහි අයිතිය ශ්‍රී ලංකාව සහ චීනය යන රටවල් දෙකම සතුය. මේ නිසා චන්ද්‍රිකා මෙහෙයුම් මධ්‍යස්ථානයෙහි රටවල් දෙකේම ජාතික කොඩි ප්‍රදර්ශනය කිරීමට සිදුවන බව සුපී්‍රම් සැට් සමාගම පවසනවා. 

කෙසේ වුවද චන්ද්‍රිකාවේ වැඩි අයිතිය හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි. එහෙත් පල්‍ලේකැ‍ලේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයේ වැඩ අවසන් වනතුරු චන්ද්‍රිකාවේ පාලන කටයුතු සිදුකෙරෙන්නේ චීනයෙනි.

චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමෙන් පසුව චන්ද්‍රිකාවක් සතු තුන්වැනි දකුණු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත්වේ. එමෙන්ම චන්ද්‍රිකාවක් හිමි ලොව 45 වැනි රට ලෙස ඉතිහාසයට එක්
වෙනවා. 2013 වර්ෂයේ මුල් මස සිට මෙම චන්ද්‍රිකාව යොදාගනිමින් දකුණු හා මධ්‍යම ආසියාව, නැගෙනහිර අප්‍රිකාව හා මැදපෙරදිග රටවලට සන්නිවේදන සේවා සැපයීමට හැකි වෙනවා.

ඇෆ්ගනිස්ථානයෙන් ක්‍රියාත්මක කිරීමට බලා‍පොරොත්තු වන චන්ද්‍රිකා වැඩසටහනක් සඳහා තේරී පත්ව ඇති සුපී්‍රම් සැට් සමාගම වර්ෂ 2015 ශ්‍රී ලංකාවේ තනි අයිතිය ඇති චන්ද්‍රිකාවක් ගුවන ගත කිරීමට සැලසුම් යොදා
තිබෙනවා.

එසේම හෙට (22) දින පෙරවරු 3.43ට එළැඹෙන සුබ මොහොතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පණිවුඩ හුවමාරු චන්ද්‍රිකාව චීනයේ සී චැන්ග් හි සිට ගුවන් ගත කිරීමට නියමිතව ඇති බවත් එය මෙරට විද්‍යා හා තාක්ෂණ ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් වනු ඇති බවත් ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරනවා

මෙම චන්ද්‍රිකාව නිපදවීමට මූලික දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලංකාවේ සුප්‍රීම් සැට් ආයතනය ඉදිරි වසර කිහිපය ඇතුළත තවත් චන්ද්‍රිකා 2ක් ගුවන්ගත කිරීමට සැලසුම් කර ඇති බවත් පල්‍ලේකැ‍ලේ ප්‍රදේශයේ විශේෂ චන්ද්‍රිකා මෙහෙයුම් මධ්‍යස්ථානයක් හා පුහුණු ආයතනයක් ගොඩනැගීමට පියවර ගෙන ඇති බවත් කොළඹ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේදී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරනවා

“සුප්‍රීම් සැට් 1” ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව චීනයේ චයිනා ග්‍රේට් වෝල් නම් රාජ්‍ය ආයතනයේ සහායද ඇතිව ශ්‍රී ලංකාවේ සුපී්‍රම් සැට් ආයතනය මගින් නිපදවා තිබෙනවා.

මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහළින් අහසේ අංශක 87.5ක් නැගෙනහිරට වන්නට කක්ෂගත කිරීමට සැලසුම් කර ඇති බවත් මෙමගින් මෙරටට අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතා රැසක් සපුරා ගැනීමට අරමුණු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලා.

විශේෂයෙන්ම රූපවාහිනී, ජංගම දුරකථන හා අන්තර්ජාල කටයුතුවලට අවශ්‍ය ඩිජිටල් සේවාවන් මෙම චන්ද්‍රිකාව හරහා ඉතා පහසුවෙන් හා ලාභ දායී ලෙස ලබාගත හැකි වන බවත් මේ තුළින් ශ්‍රී ලංකාව අභ්‍යවකාශ යුගයකට පියවර තබන බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් ක
ලා.

මේ චන්ද්‍රිකාව ඔස්සේ විදේශ රටවලටද සේවාවන් ලබාදී එමගින් විදේශ විනිමය ඉපැයීමටද ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබෙන බවත් මෙරට ඇති ස්වාභාවික සම්පත් පිළිබඳ නිවැරදිව හා විධිමත් ලෙස තාක්ෂණය භාවිතා කර තොරතුරු ලබාගැනීමට මෙමගින් හැකිවන බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා
ප්‍රකාශ කරනවා.

ඉදිරියේදී පල්‍ලේකැ‍ලේ පුහුණු ආයතනයේදී සහය ඇතිව අභ්‍යවකාශ තාක්ෂණ ක්‍ෂේත්‍රයේ මෙරට තුළ ප්‍රචලිත කරලීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ සුප්‍රීම් සැට් ආයතනයේ සභාපති මහිවන්නන් මහතා ප්‍රකාශ කළේ තම ආයතන දියත් කළ මෙම චන්ද්‍රිකා වැඩසටහනට රජයේ විශාල සහයක් ලැබුණු බවය.


විශේෂයෙන්ම පෞද්ගලික ආයතනවලට ඉදිරියට ඒම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය විසින් ලබාදෙන ඉඩප්‍රස්ථාවන් අගය කළ යුතු බවද මහිවන්නන් මහතා මෙහිදී සඳහන් කලා.
 
Related Posts with Thumbnails