Ads 468x60px

.

පි‍යාගේ දත් කඩා ගැබිනියක් ප්‍රසිද්ධියේ නිරුවත් කරයි.

“දැලි පිනි සමන්” උමතුගව රෝගයෙන් නිවසකට පැන යකා නටයි...

මන්න පිහියකින් හිසට පහර දී පි‍යාගේ යටි ඇන්දේ දත් කිහිපයකුත් කඩලා...

සන්නද්ධව වෑන් රථයකින් පැමිණ මිහින්තලය පොලිස් වසමේ මාතලේ හංදිය ප්‍රදේශයේ නිවසකට වැදුණු මැර කණ්ඩායමක් එම නිවසට පහර දී නිවසේ බඩු බාහිර ආදියට අලාභ හානි සිදු කර නිවසේ හිමිකරුටද බරපතල තුවාල සිදු කර පළා ගොස් තිබෙනවා.

අංක 09 ඒ සමඟිපුර මාතලේ හංදිය අනුරාධපුර පිහිටි නිවසට පැමිණි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි දැලි පිහි සමන් නැමැත්තා ඇතුළු දහදෙනෙකුගෙන් පමණ යුතු මැර කණ්ඩායමක් මෙම පහරදීම සිදු කර පලා ගොස් තිබෙනවා. 

19 වන දා අළුයම පැමිණි මැර කණ්ඩායමක් තේක්ක ලීයෙන් තැනූ ඉදිරිපස දොර පො‍රවකින් ගසා කඩා නිවසට ඇතුළු වී සියලු දෙනාගේම ගෙලට පිහි තබා මරා දමන බවට තර්ජනය කළ බවත් නිවෙස් හිමිකරුට මන්න පිහියකින් හිසට පහර දී ඔහුගේ යටි ඇන්දේ
දත් කිහිපයක් ද කඩා දමා ඇති බවත් තුවාල ලැබූ ගෙහිමිකරු අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ දැනට ප්‍රතිකාර ලබනවා

ප්‍රදේශවාසින් විශාල පිරිසක් නිවසට පැමිණියත්, නිවසේ ඉදිරිපිට සිටි මැර පිරිසක් පැමිණ පිරිසට බෝම්බ ගසා මරා දමන බවට තර්ජනය කළ නිසා ඔවුන් බිය පත්ව තිබෙනවා.

නිවසේ සිටින පස්මස් ගැබිණිය වන දියණිය පාරට රැගෙන ගොස් නිරුවත් කළ බවත් පසුව තමන්ගේ වැඩිමහල් පුත්‍රයා නැගණිය මැර කණ්ඩායමෙන් බේරා ගත් බවත් මැරයන් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම නිසා මැරයන්ගෙන් බේරීමට තමන් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන්පසු ඔවුන් පළා ගිය බවත් ගැබිණිය වන දියණියගේ මව පැවසුවා. 

තවමත් මෙම පිරිස අනුරාධපුර නගරයේ සැරිසරමින් සිටින අතර, විටින් විට ජංගම දුරකථනයට සියලු ම දෙනා ඝාතනය කර දමන බවට බරපතල වශයෙන් තර්ජන කරන බවත් ඇය පැවසුවාය. 

මේ සම්බන්ධයෙන් කාන්තාව පොලිස්පතිවරයාටත් මිහින්තලය පොලිසියටත් පැමිණිලි කර ඇති අතර මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක රුක්මල් රත්නායක මහතගේ මූලිකත්වයෙන් එම නිවසට සන්නද්ධ පොලිස් නිලධාරින් දිවා රාත්‍රියේ සේවයට යොදවා ඇති බව ද ඇය පැවසුවා.
 
Related Posts with Thumbnails