Ads 468x60px

.

මොකද්ද මේ පාසල් වල පැතිරිලා යන අලුත්ම රෝගය.

සිසුහු 119 ක්‌ ඊයේත් රෝහල්ගත කරලා...

ඇඟ කැසීම්, පළු දැමීම් සහ ක්‌ලාන්තය වැනි රෝග.

පාසල් වලට විතරක් මේක පැතිරෙන්නේ ඇයි...? 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (20 දා) අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුන් 119ක්‌ හදිසියේ රෝගිවීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

අධ්‍යාපනය ලබමින් සිටියදී ඊයේ දහවල් ඇඟ කැසීම්, පළු දැමීම් සහ ක්‌ලාන්තය වැනි රෝග ලක්‍ෂණ මතුවීමෙන් පසු මෙම සිසු දරුවන් රෝහල් කරා ගෙන ගොස්‌ තිබෙනවා.

අම්පාර ගාමිණී මහ විදුහලේ සිසුහු 28 ක්‌ද, මොණරාගල බඩල්කුඹුර නිශ්ශංක මහා විද්‍යාලයේ සිසුහු 19 ක්‌ද මිනුවන්ගොඩ පොල්වත්ත මහ විද්‍යාලයේ සිසුහු 34 සහ පින්නවල උඩගම විදුහලේ සිසුහු 25 ක්‌ද මීගමුව ශාන්ත පීතර මහා විදුහලේ සිසු 13 ක්‌ මෙලෙස හදිසියේ රෝගි වී රෝහල්ගත කර සිටිනවා.


රෝහල් ගතකරන ලද මෙම සිසු සිසුවියන්ගෙන් වැඩි පිරිසක්‌ ඊයේ සවස්‌ වන විට ප්‍රතිකාර ලබා නිවෙස්‌වලට ගොස්‌ තිබෙනවා.මෙම සිසුන්ට දරුණු රෝගී තත්ත්වයක්‌ නොමැති බව අම්පාර, බඩල්කුඹුර, මිනුවන්ගොඩ බළන්ගොඩ සහ මීගමුව රෝහල්වල වෛද්‍යවරු පවසනවා.


 
Related Posts with Thumbnails